ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 15-17 පි.
  • ආණ්ඩු

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආණ්ඩු
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 15-17 පි.

ආණ්ඩු

සැබෑ ක්‍රිස්තියානීන් මුළු හිතින්ම සහයෝගය දෙන්නෙත් පක්ෂව ඉන්නෙත් මොන ආණ්ඩුවටද?

මතෙ 6:9, 10, 33; 10:7; 24:14

දානි 7:13, 14ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ගීතා 89:18-29—යෙහෝවා දේවරාජ්‍යයේ රජට මුළු පොළොවම පාලනය කරන්න බලය දෙනවා

    • එළි 12:7-12—අන්තිම දවස් පටන්ගද්දී දේවරාජ්‍යයේ රජ පාලනය පටන් අරන් සාතන්ව ස්වර්ගයෙන් එළවලා දැම්මා

පොළොවේ ඉන්න අභිෂේක ලත් ක්‍රිස්තියානීන් දේවරාජ්‍යය වෙනුවෙන් වැඩ කරන්නේ කොහොමද?

2කොරි 5:20; ෆිලි 3:20, 21

ක්‍රිස්තියානීන් ආණ්ඩු බලධාරීන්ට ගෞරව කරනවා

අපි රටේ නීතිවලට කීකරු වෙන්නේ, බදු ගෙවන්නේ ඇයි?

රෝම 13:1-7; තීත 3:1; 1පේතෘ 2:13, 14

ක්‍රියා 25:8ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • මතෙ 22:15-22—කට්ටියක් යේසුස්ගෙන් ඇහුවාම ඔහුගේ අනුගාමිකයන් බදු ගෙවන්න ඕනෙද කියලා ඔහු ඥානවන්තව උත්තර දුන්නා

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙද්දී අපි එකට එක කරන්නේ නැත්තේ ඇයි?

යොහ 18:36; 1පේතෘ 2:21-23

“විරුද්ධවාදිකම්” කියන මාතෘකාවත් බලන්න

ක්‍රිස්තියානීන් පැති ගන්නේ නැහැ

අපි බලධාරීන්ට ගෞරව කළත් යෙහෝවාට අකමැති දෙයක් කරන්න එයාලා කිව්වොත් අපි එයාලට යටත් වෙන්නේ නැත්තේ ඇයි?

ක්‍රියා 4:18-20; 5:27-29

  • බයිබල් සිද්ධීන්:

    • දානි 3:1, 4-18—හෙබ්‍රෙව් තරුණයන් තුන්දෙනා බැබිලෝනියේ රජ දාපු නීතියකට කීකරු වුණේ නැහැ. ඒ, ඒක දෙවියන්ගේ නීතියට විරුද්ධ එකක් වුණ නිසයි

    • දානි 6:6-10—යාච්ඤා කරන්න එපා කියලා ආණ්ඩුවෙන් දාපු නීතියට දානියෙල් කීකරු වුණේ නැහැ

අපි දේශපාලන කාරණාවලදී පැති නොගෙන ඉන්න ඕනෙ කියන දේ යේසුස් ආදර්ශයෙන් පෙන්නුවේ කොහොමද?

මතෙ 4:8-10; යොහ 6:15

රූපවලට නමස්කාර කරන්න එපා කියන දෙවියන්ගේ නීතිය පැති නොගෙන ඉන්න අපිට උදව් වෙන්නේ කොහොමද?

නික් 20:4, 5; 1කොරි 10:14; 1යොහ 5:21

  • බයිබල් සිද්ධියක්:

    • දානි 3:1, 4-18—නෙබුකද්නෙෂර් රජ රූපයක් හදලා ඒකට නමස්කාර කරන්න කියලා සෙනඟට කිව්වා. (ඒක මාර්ඩුක් කියන බොරු දෙවියා වෙනුවෙන් හදපු රූපයක් වෙන්න පුළුවන්)

යුද්දෙකට කොයිම විදිහකින් හරි හවුල් වෙන්න කියලා ආණ්ඩුවෙන් කිව්වොත් තීරණයක් ගන්න උදව් වෙන බයිබල් ප්‍රතිපත්ති මොනවාද?

යෙසා 2:4; යොහ 18:36

ගීතා 11:5ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • මතෙ 26:50-52—යේසුස් පැහැදිලිවම කිව්වා ඔහුගේ අනුගාමිකයන් යුද්ධවලට හවුල් වෙන්නේ නැහැ කියලා

    • යොහ 13:34, 35—අපි වෙනත් රටකට විරුද්ධව යුද්දෙට ගිහින් ඒ රටේ ඉන්න අපේ සහෝදරයන්වත් මරලා දැම්මොත් මේ පදවල තියෙන ආඥාවට අපි කීකරු වෙනවා කියලා කියන්න පුළුවන්ද?

ආණ්ඩුවලට විරුද්ධව කරන අරගලවලට අපි හවුල් වෙන්නේ නැත්තේ ඇයි?

හිතෝ 24:21, 22; රෝම 13:1-7; 1පේතෘ 2:17

අපි ආණ්ඩුවට විරුද්ධව වැඩ කරනවා, සාමයට තර්ජනයක් කියලා අපිට චෝදනා කළොත් අපි ඒ ගැන පුදුම වෙන්නේ නැත්තේ ඇයි?

ලූක් 23:1, 2; යොහ 15:18-21

  • බයිබල් සිද්ධියක්:

    • ක්‍රියා 16:19-23—දේශනා කරද්දී පාවුල් සහ සීලස් හුඟක් පීඩාවලට මුහුණ දුන්නා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න