ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 74-77 පි.
  • යාච්ඤාව

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යාච්ඤාව
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 74-77 පි.

යාච්ඤාව

යෙහෝවා යාච්ඤාවලට ඇහුම්කන් දෙනවා වගේම ඒවාට උත්තර දෙනවා කියලා අපි දන්නේ කොහොමද?

ගීතා 65:2; 145:18; 1යොහ 5:14

ගීතා 66:19; ක්‍රියා 10:31; හෙබ්‍රෙ 5:7ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 18:36-38—කර්මෙල් කන්දේදී එලියා බාල්ගේ අනාගතවක්තෘවරුන් ඉස්සරහා කරපු යාච්ඤාවට යෙහෝවා ඒ වෙලාවෙම උත්තර දුන්නා

    • මතෙ 7:7-11—යෙහෝවා අපේ ආදරණීය තාත්තා නිසා ඔහු අපි කියන දේ අහගෙන ඉන්නවා. ඒ නිසා අත්හරින්නේ නැතුව යාච්ඤා කරන්න කියලා යේසුස් කිව්වා

අපි යාච්ඤා කරන්න ඕනෙ එක් කෙනෙක්ට විතරයි. ඒ කවුද?

ගීතා 5:1, 2; 69:13; මතෙ 6:9; ෆිලි 4:6

අපි යෙහෝවාට යාච්ඤා කරන්න ඕනෙ කාගේ නමින්ද?

යොහ 15:16; 16:23, 24

යෙහෝවා ඇහුම්කන් දෙන්නේ කාගේ යාච්ඤාවලටද?

ක්‍රියා 10:34, 35; 1පේතෘ 3:12; 1යොහ 3:22; 5:14

යෙහෝවා ඇහුම්කන් දෙන්නේ නැත්තේ කාගේ යාච්ඤාවලටද?

හිතෝ 15:29; 28:9; යෙසා 1:15; මීකා 3:4; යාකො 4:3; 1පේතෘ 3:7

  • බයිබල් සිද්ධීන්:

    • යොෂු 24:9, 10—යෙහෝවා කැමති නැති දෙයක් කරන්න කියලා බාලාම් ඔහුගෙන් ඉල්ලුව නිසා දෙවියන් ඒ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැහැ

    • යෙසා 1:15-17—දෙවියන් ඔහුගේ සෙනඟ කරපු යාච්ඤා ඇහුවේ නැහැ. මොකද එයාලා කළේ බොරු මවාපෑමක්. ඒ වගේම එයාලා මිනී මැරුවා

යාච්ඤාවක් ඉවර කරන්න ඕනෙ කොහොමද? ඒ ඇයි?

1ලේක 16:36; ගීතා 41:13; 72:19; 89:52; 1කොරි 14:16

විශේෂ ඉරියව්වකින් ඉඳලා යාච්ඤා කරන්න ඕනෙ කියලා බයිබලේ කියනවාද?

1රාජා 8:54; මාක් 11:25; ලූක් 22:39, 41; යොහ 11:41

යෝනා 2:1ත් බලන්න

යෙහෝවාගේ සෙනඟ නමස්කාර කරන්න එකතු වුණාම එයාලට මොන වගේ දේවල් ගැන යාච්ඤා කරන්න පුළුවන්ද?

ක්‍රියා 4:23, 24; 12:5

  • බයිබල් සිද්ධීන්:

    • 1ලේක 29:10-19—දේවමාලිගාව වෙනුවෙන් සෙනඟ කැමැත්තෙන්ම දුන්න පරිත්‍යාග එකතු කරගත්තාට පස්සේ දාවිත් රජ සෙනඟව එකතු කරගෙන යාච්ඤා කළා

    • ක්‍රියා 1:12-14—නියෝජිතයන්, යේසුස්ගේ මල්ලිලා, යේසුස්ගේ අම්මා සහ තවත් විශ්වාසවන්ත කාන්තාවන් යෙරුසලමේ උඩුමහල් කාමරයක රැස් වෙලා යාච්ඤා කළා

කෙනෙක් යාච්ඤා කරද්දී එයාවම උසස් කරගන්න එක ගැන සහ එයාටම අවධානය ගන්න එක ගැන පරෙස්සම් වෙන්න ඕනෙ ඇයි?

මතෙ 6:5; ලූක් 18:10-14

කෑම කන්න කලින් යාච්ඤා කරන එක හොඳ දෙයක්ද?

මතෙ 14:19; ක්‍රියා 27:35; 1කොරි 10:25, 26, 30, 31

අතපසු කරන්නේ නැතුව අපේ ආදරණීය තාත්තාට අපි යාච්ඤා කරන්න ඕනෙ ඇයි?

රෝම 12:12; එෆී 6:18; 1තෙස 5:17; 1පේතෘ 4:7

  • බයිබල් සිද්ධීන්:

    • දානි 6:6-10—ජීවිතේ අනතුරේ තිබුණත් දානියෙල් පුරුදු වෙලා හිටපු විදිහටම හැමෝටම පේන තැනක ඉඳන් යාච්ඤා කළා

    • ලූක් 18:1-8—යේසුස් අධර්මිෂ්ඨ විනිශ්චයකරුවෙක් ගැන කතාවක් කිව්වා. වැන්දඹුවක් තමන්ට සාධාරණයක් කරන්න කියලා දිගටම ඉල්ලපු නිසා එයා ඒක කළා. ඒකෙන් තේරෙන්නේ අපේ ධර්මිෂ්ඨ තාත්තා අත්හරින්නේ නැතුව ඔහුගෙන් උදව් ඉල්ලන අයට ඉක්මනින්ම උදව් කරනවා කියලයි

සමාව ඉල්ලලා කරන යාච්ඤාවලට දෙවියන් ඇහුම්කන් දෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

2ලේක 7:13, 14

  • බයිබල් සිද්ධීන්:

    • 2රාජා 22:11-13, 18-20—යොෂියා රජ නිහතමානී වෙලා යෙහෝවාගේ හිත සතුටු කරන්න හුඟක් මහන්සි වුණ නිසා යෙහෝවා එයාට දයාව, කරුණාව පෙන්නුවා

    • 2ලේක 33:10-13—මනස්සේ රජ නිහතමානී වෙලා යාච්ඤා කරපු නිසා යෙහෝවා එයාට සමාව දීලා රජකම ආයෙත් දුන්නා

යෙහෝවාගෙන් සමාව ලබාගන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද?

මතෙ 6:14, 15; මාක් 11:25; ලූක් 17:3, 4

අපි යාච්ඤා කරද්දී යෙහෝවාගේ කැමැත්ත ඉටු වෙනවා දකින්න අපිට තියෙන ආසාව ගැන කියන්න ඕනෙ ඇයි?

මතෙ 6:10; ලූක් 22:41, 42

අපේ ආදරණීය තාත්තා ගැන අපිට මොන තරම් විශ්වාසයක් තියෙනවාද කියලා අපේ යාච්ඤාවලින් යෙහෝවා දකින්න ඕනේ. ඒ ඇයි?

මාක් 11:24; හෙබ්‍රෙ 6:10; යාකො 1:5-7

අපේ යාච්ඤාවලට ඇතුළත් කරන්න පුළුවන් මොනවාද?

යෙහෝවාගේ නම ගෞරවයට පත් වෙන්න කියලා

ලූක් 11:2

දේවරාජ්‍යයේ පාලනය පොළොවට එන්න කියලා

මතෙ 6:10

යෙහෝවාගේ කැමැත්ත ඉටු වෙන්න කියලා

මතෙ 6:10; 26:42

අපිට ජීවත් වෙන්න ඕනෙ කරන දේවල් දෙන්න කියලා

ලූක් 11:3

අපේ වැරදිවලට සමාව දෙන්න කියලා

දානි 9:19; ලූක් 11:4

වැරදි පෙලඹීම්වලින් ආරක්ෂා කරන්න කියලා

මතෙ 6:13

යෙහෝවාට ස්තුති කරන එක

එෆී 5:20; ෆිලි 4:6; 1තෙස 5:17, 18

යෙහෝවාගේ කැමැත්ත තේරුම්ගන්න උදව් කරන්න කියලා. අවබෝධය සහ ප්‍රඥාව ලබා දෙන්න කියලා

හිතෝ 2:3-6; ෆිලි 1:9; යාකො 1:5

ගීතා 119:34ත් බලන්න

  • බයිබල් සිද්ධියක්:

    • 1රාජා 3:11, 12—සලමොන් තමන්ගෙන් ප්‍රඥාව ඉල්ලපු එක ගැන යෙහෝවා සතුටු වෙලා මදි නොකියන්න එයාට ප්‍රඥාව දුන්නා

දෙවියන්ගේ බලය ඉල්ලන එක

ලූක් 11:13; ක්‍රියා 8:14, 15

විරුද්ධවාදිකම්වලට මුහුණ දෙන අය ඇතුළුව අපේ අනිත් සහෝදරයන්ට උදව් කරන්න කියලා

ක්‍රියා 12:5; රෝම 15:30, 31; යාකො 5:16

කොලො 4:12; 2තිමෝ 1:3ත් බලන්න

යෙහෝවාට ප්‍රශංසා කරන එක

ගීතා 86:12; යෙසා 25:1; දානි 2:23

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 10:21—පොඩි දරුවන් වගේ ඉන්න නිහතමානී අයට බයිබල් සත්‍යයන් හෙළි කරන එක ගැන යේසුස් ඔහුගේ තාත්තාට ප්‍රසිද්ධියේ ප්‍රශංසා කළා

    • එළි 4:9-11—ස්වර්ගයේ ඉන්න යෙහෝවාගේ පවුලේ අය ඔහුට ලැබෙන්න ඕනෙ ගෞරවය සහ ප්‍රශංසාව දෙනවා

නිදහසේ නමස්කාර කරන්නත් දේශනා කරන්නත් ඉඩ දෙන්න බලධාරීන්ගේ හිත් පොලඹවන්න කියලා ඉල්ලන එක

මතෙ 5:44; 1තිමෝ 2:1, 2

යෙරෙ 29:7ත් බලන්න

අපි බව්තීස්ම වෙද්දී යාච්ඤා කරන එක සුදුසුද?

ලූක් 3:21

යෙහෝවාගෙන් ඈත් වෙලා ඉන්න අය වෙනුවෙන් යාච්ඤා කරන එක සුදුසුද?

යාකො 5:14, 15

යාච්ඤා කරද්දී සාමාන්‍යයෙන් පුරුෂයන් හිස වසාගන්නේ නැත්තේ ඇයි? කාන්තාවන් සමහර වෙලාවට හිස වසාගන්නේ ඇයි?

1කොරි 11:2-16

අපේ යාච්ඤා කොච්චර දිගද කියන එකට සහ ඒවා කොච්චර හැඟීම් බරද කියන එකට වඩා වැදගත් වෙන්නේ මොකක්ද?

විලා 3:41; මතෙ 6:7

  • බයිබල් සිද්ධීන්:

    • 1රාජා 18:25-29, 36-39—එලියා කරපු අභියෝගය නිසා බාල්ට නමස්කාර කරපු අය දිගින් දිගටම එයාලාගේ දෙවියන්ට කන්නලව් කළත් එයාගෙන් කිසිම උත්තරයක් ලැබුණේ නැහැ

    • ක්‍රියා 19:32-41—එෆීසයේ හිටිය සමහරු පැය දෙකක් තිස්සේ ආටෙමිස් දේවතාවියට කන්නලව් කළත් ඒකෙන් වැඩක් වුණේ නැහැ. වුණේ නගරාධිපති එතනට ඇවිත් එයාලව විසුරුවාහැරිය එක විතරයි

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න