ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • scl 62-64 පි.
  • පසුතැවිල්ල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පසුතැවිල්ල
  • ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
ක්‍රිස්තියානි ජීවිතේට බයිබල් ප්‍රතිපත්ති
scl 62-64 පි.

පසුතැවිල්ල

හැම කෙනෙක්ම තමන්ගේ වැරදි ගැන පසුතැවිලි වෙලා යෙහෝවාගෙන් සමාව ඉල්ලන්න ඕනෙ ඇයි?

රෝම 3:23; 5:12; 1යොහ 1:8

ක්‍රියා 26:20ත් බලන්න

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 18:9-14—අපි අපේ වැරදි පිළි අරන් යෙහෝවාගෙන් සමාව ඉල්ලන එකේ වැදගත්කම යේසුස් උදාහරණෙකින් පැහැදිලි කළා

    • රෝම 7:15-25—පාවුල් කියන්නේ ශක්තිමත් විශ්වාසයක් තිබුණ කෙනෙක්. ඒත් වැරදි දේවල් කරන්න එයාට පෙලඹීම් ආවාම එයාට ඒ ගැන දුකක් දැනුණා

වැරදි ගැන ඇත්තටම පසුතැවිලි වෙන අය ගැන යෙහෝවාට කොහොම හැඟෙනවා කියලද බයිබලයේ කියන්නේ?

එස 33:11; රෝම 2:4; 2පේතෘ 3:9

  • බයිබල් සිද්ධීන්:

    • ලූක් 15:1-10—වැරදි කරපු කෙනෙක් අවංකවම පසුතැවිලි වෙද්දී යෙහෝවායි, දේවදූතයනුයි කොච්චර සතුටු වෙනවාද කියලා පෙන්නන්න යේසුස් උදාහරණයක් කිව්වා

    • ලූක් 19:1-10—සකෙවුස් බදු එකතු කරන අයගේ ප්‍රධානියෙක්. එයා වංචා කරලා බලෙන් සල්ලි අරගත්ත කෙනෙක්. එයා පසුතැවිලි වෙලා වැරදි හදාගත්ත නිසා එයාට සමාව ලැබුණා

අපි අපේ වැරදි ගැන අවංකවම පසුතැවිලි වෙනවා කියලා දකින්න පුළුවන් මොන දේවලින්ද?

එස 18:21-23; ක්‍රියා 3:19; එෆී 4:17, 22-24; කොලො 3:5-10

1පේතෘ 4:1-3ත් බලන්න

නිවැරදි දැනුම ලබාගන්න එක අවංකවම පසුතැවිලි වෙන කෙනෙක්ට උදව් වෙන්නේ කොහොමද?

රෝම 12:2; කොලො 3:9, 10; 2තිමෝ 2:25

  • බයිබල් සිද්ධීන්:

    • ක්‍රියා 17:29-31—මිනිස්සු රූපවලට නමස්කාර කරන්න පෙලඹෙන්නේ එයාලට දෙවියන් ගැන නිවැරදි දැනුමක් නැති නිසයි කියලා පාවුල් ඇතන්ස්වල අයට කිව්වා

    • 1තිමෝ 1:12-15—යේසුස් ක්‍රිස්තුස් ගැන නිවැරදි දැනුම ලබාගන්න කලින් පාවුල් අතින් බරපතළ වැරදි වුණා

පසුතැවිලි වෙන එක කොච්චර වැදගත්ද?

මාක් 1:14, 15; ලූක් 24:45-47; ක්‍රියා 2:38; 17:30; 20:21

අපේ අතින් කීප වතාවක්ම වැරදි වුණත් අපි අවංකවම පසුතැවිලි වෙනවා නම් යෙහෝවා සමාව දෙනවා කියලා නිසැක වෙන්න පුළුවන් ඇයි?

යෙසා 1:18; ගලා 6:1; 1යොහ 2:1

වැරදි පිළි අරන් ජීවිත වෙනස් කරගන්න අයට යෙහෝවා සලකන්නේ කොහොමද?

ගීතා 32:5; හිතෝ 28:13; 1යොහ 1:9

“දයාව” කියන මාතෘකාවත් බලන්න

පසුතැවිලි වෙනවා කියන්නේ නිකම්ම වැරැද්ද ගැන දුක් වෙලා සමාව ඉල්ලන එක විතරක් නෙමෙයි. එහෙම කියන්නේ ඇයි?

2ලේක 7:14; හිතෝ 28:13; එස 18:30, 31; 33:14-16; මතෙ 3:8; ක්‍රියා 3:19; 26:20

  • බයිබල් සිද්ධීන්:

    • 2ලේක 33:1-6, 10-16—මනස්සේ රජ අවුරුදු ගාණක් දුෂ්ට දේවල් කළා. ඒත් පස්සේ එයා නිහතමානී වුණා. දිගටම යාච්ඤා කළා. එයාගේ වැරදි හදාගත්තා. ඒ හැම දේකින්ම එයා පෙන්නුවේ එයා ඇත්තටම පසුතැවිලි වුණා කියලා

    • ගීතා 32:1-6; 51:1-4, 17—දාවිත් දෙවියන්ට විරුද්ධව වැරදි කරලා තිබුණ නිසා ඒ ගැන ගොඩක් දුක් වුණා. එයා දෙවියන් ඉස්සරහා ඒවා පිළි අරන් ඒ වැරදිවලට යෙහෝවාගෙන් සමාව ඉල්ලුවා

අපේ හිත රිද්දපු කෙනෙක් ඒ ගැන අවංකවම දුක් වෙනවා නම් අපි එයාට සමාව දෙන්න ඕනෙ ඇයි?

මතෙ 6:14, 15; 18:21, 22; ලූක් 17:3, 4

“සමාව දීම” කියන මාතෘකාවත් බලන්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න