ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 23 පි.
  • ‘යාච්ඤා අසන තැනැත්තාණන්’

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ‘යාච්ඤා අසන තැනැත්තාණන්’
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මගේ යාච්ඤාවලින් මං ගැන හෙළි වෙන්නේ මොනවාද?
    2023 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යාච්ඤාවලට සවන් දෙන්නේ කවුද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යාච්ඤා අසන තැනැත්තා වන යෙහෝවා දෙවිට ප්‍රශංසා කරන්න
    2016 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • ඔහු අපි ‘එක් එක් කෙනාගේ සිතේ තියෙන දේ හොඳින්’ දන්නවා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 23 පි.

දෙවිට ළං වෙන්න

‘යාච්ඤා අසන තැනැත්තාණන්’

1 ලේකම් 4:9, 10

යෙහෝවා දෙවි තම සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවාද? ඔව්. යෙහෝවා දෙවි ‘යාච්ඤා අසන තැනැත්තාණන්’ බව පුරාණයේ සිටි දෙවිගේ විශ්වාසවන්ත සේවකයෙකු වූ යාබෙෂ් ගැන බයිබලයේ සඳහන් තොරතුරුවලින් පැහැදිලි වෙනවා. (ගීතාවලිය 65:2) යාබෙෂ් ගැන බයිබලයේ සඳහන් වෙන්නේ පළමුවන ලේකම් පොතේ ඇති පෙළපත් වාර්තාවක පමණයි. දැන් අපි ඒ ගැන සලකා බලමු.—1 ලේකම් 4:9, 10.

“‘මා ඔහුව බිහි කළේ මහත් වේදනාවක් විඳිමිනුයි’ කියා පවසමින්” යාබෙෂ්ගේ මව ඔහුට ඒ නම තැබූ බව බයිබලයේ සඳහන් වෙනවා.a (1 ලේකම් 4:9) ඉන් අදහස් වෙන්නේ යාබෙෂ්ව බිහි කරන විට ඇය සාමාන්‍යයට වඩා වැඩි වේදනාවක් අද්දුටු බවද? නැත්නම් යාබෙෂ් උපත ලැබූ අවස්ථාවේ ඔහුගේ පියා ජීවතුන් අතර සිටියේ නැති බව ඉන් අදහස් වෙනවාද? ඒ ගැන බයිබලයේ කිසිවක් සඳහන් වී නැහැ. කොහොමවුණත් වේදනා විඳිමින් ඇය මෙලොවට බිහි කළ පුත්‍රයා නිසා ඇය ආඩම්බර වූ බවට කිසිම සැකයක් නැහැ. එයට හේතුව ඔහුට සියලුදෙනාගේ ගෞරවය හිමි වීමයි. බයිබලයේ සඳහන් වෙන්නේ ‘යාබෙෂ්ට ඔහුගේ සහෝදරයන්ට වඩා වැඩි ගෞරවයක් හිමි වුණා’ කියායි.

යාබෙෂ් අවංක සිතකින් යෙහෝවා දෙවිට යාච්ඤා කළා. බයිබලයේ වාර්තා වී තිබෙන ඔහුගේ යාච්ඤාවේ දෙවිගෙන් කළ ඉල්ලීම් තුනක් ගැන සඳහන් වෙනවා. ඒවා සලකා බැලීමෙන් ඔහුට දෙවි කෙරෙහි කොතරම් විශ්වාසයක් තිබුණාද කියා දැනගත හැකියි.

මුලින්ම යාබෙෂ් දෙවිට යාච්ඤා කරමින් මෙසේ ඉල්ලා සිටියා. “මට තවත් ප්‍රදේශ ලබාගන්න උපකාර කරන්න.” (1 ලේකම් 4:10) යාබෙෂ් ඉඩකඩම්වලට කෑදර කෙනෙක් බව ඉන් අදහස් වෙන්නේ නැහැ. ඔහු එවැනි ඉල්ලීමක් කරන්න ඇත්තේ ඉඩ පහසුකම් ලැබුණු විට දෙවිට නමස්කාර කරන බොහෝදෙනෙකුට ඒවායේ පදිංචි වීමට අවස්ථාව ලැබෙන නිසා විය හැකියි.b

දෙවනුව ඔහු දෙවිගෙන් මෙසේ ඉල්ලා සිටියා. “ඔබේ රැකවරණය මට ලබා දෙන්න.” ඇත්තෙන්ම යෙහෝවා දෙවිට ඔහුගේ බලය යොදාගෙන තම සේවකයන්ව ආරක්ෂා කිරීමට හැකියාව තිබෙනවා. (1 ලේකම් 29:12) අවශ්‍ය අවස්ථාවලදී එම ආරක්ෂාව සලසා දීමට යෙහෝවා දෙවි කිසිවිටෙක පසුබට වෙන්නේ නැති බව යාබෙෂ් හොඳින්ම දැන සිටියා.—යෙසායා 59:1.

තුන්වෙනුව ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියේ “මට හිංසාවක් නොවන පිණිස මාව විපත්වලින් ආරක්ෂා කරන්න” කියායි. මෙහිදී ඔහු දෙවිගෙන් ඉල්ලා සිටියේ තමාට කිසිම කරදරයක් ඇති වීමට ඉඩ නොතබන්න කියා නොවෙයි. ඒ වෙනුවට ඔහු ඉල්ලා සිටියේ පීඩා කරදර පැමිණියත් ඒවායින් අධෛර්යයට පත් වී දුර්වල නොවීමට තමන්ට උපකාර කරන්න කියායි. ‘මට හිංසාවක් නොවන පිණිස’ ආරක්ෂා කරන්න කියා ඔහු පැවසුවේ ඒ නිසයි.

යාබෙෂ්ගේ යාච්ඤාවෙන් ඔහුට සැබෑ නමස්කාරය ගැන හැඟුණු ආකාරය සහ යාච්ඤා අසන තැනැත්තාණන් වන යෙහෝවා දෙවි කෙරෙහි තිබුණු විශ්වාසය මොන තරම්ද කියා පැහැදිලි වෙනවා. යාබෙෂ්ගේ ඉල්ලීම්වලට යෙහෝවා දෙවි ප්‍රතිචාරය දැක්වූයේ කෙසේද? යාබෙෂ් “ඉල්ලූ දේ දෙවි ඉටු කළේය” කියා බයිබලයේ සඳහන් වෙනවා.

එදා මෙන්ම අදත් යෙහෝවා දෙවි ඔහුගේ විශ්වාසවන්ත සේවකයන්ගේ යාච්ඤාවලට සවන් දෙනවා. එමනිසා ‘දෙවිගේ කැමැත්තට එකඟව අප යමක් ඉල්ලා යාච්ඤා කරන විට දෙවි ඒ සෑම දෙයකටම සවන් දෙන’ බව අප අමතක නොකරමු.—1 යොහන් 5:14.

[පාදසටහන්වල]

a යාබෙෂ් යන නම සෑදී තිබෙන්නේ “වේදනාව” යන අර්ථය ඇති වචනයකින් විය හැකියි.

b ඇරමයික ටාගම් ලියවිලිවල යාබෙෂ් පැවසූ දේ සඳහන් වෙන්නේ මේ ආකාරයටයි. “මට වැඩි වැඩියෙන් දරුවන් ලබා දෙන්න. එවිට ඔබට නමස්කාර කරන අයගෙන් දේශය පිරවීමට මට හැකි වෙනවා.”

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න