ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 9 පි.
  • 5 කොතැනද? කුමන අවස්ථාවේද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 5 කොතැනද? කුමන අවස්ථාවේද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවියන්ට ළං වෙන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • යේසුස් යාච්ඤා කරන්න ඉගැන්නුවා
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දෙවියන් එක්ක කතා කරන්න ඔයාටත් පුළුවන්
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • අප නොකඩවා යාච්ඤා කළ යුත්තේ මන්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 9 පි.

5 කොතැනද? කුමන අවස්ථාවේද?

ඇතැම් ආගම්වලට අයිති අය යාච්ඤා කිරීම සඳහා යම් ස්ථාන සාදා තිබෙන බවත් යාච්ඤා කිරීම සඳහා නිශ්චිත වේලාවන් වෙන් කර තිබෙන බවත් ඔබ දන්නවා ඇති. නමුත් ඒ සම්බන්ධයෙන් බයිබලයේ සඳහන් වෙන්නේ කුමක්ද කියා අපි දැන් සලකා බලමු.

යාච්ඤා කළ හැකි සුදුසු අවස්ථාවන් මොනවාද කියා බයිබලයේ සඳහන් වෙනවා. උදාහරණයකට යේසුස් තම ගෝලයන් සමඟ ආහාර ගැනීමට කලින් දෙවිට ස්තුති කරමින් යාච්ඤා කළා. (ලූක් 22:17) එමෙන්ම යේසුස්ගේ ගෝලයන් නමස්කාරය සඳහා එක්රැස් වූ අවස්ථාවලදීද යාච්ඤා කිරීමට පුරුදු වී සිටියා. අතීතයේ සිටි යුදෙව්වන්ද නමස්කාරය හා සම්බන්ධ දේවලට සිනගෝගයට හෝ දෙවිගේ මාලිගාවට ගිය විට දෙවිට යාච්ඤා කළා. ඇත්තෙන්ම යෙහෝවා දෙවිගේ අරමුණ වුණේ දෙවිගේ මාලිගාව ‘සියලු ජාතීන් සඳහා යාච්ඤා ගෘහයක්’ වෙනවාටයි.—මාක් 11:17.

තම සේවකයන් එකට එකතු වී දෙවිගේ කැමැත්තට එකඟව එක්සිත්ව යාච්ඤා කරන විට දෙවි බොහෝ සෙයින් සතුටු වෙනවා. එවැනි යාච්ඤා නිසා යෙහෝවා දෙවි කිරීමට අරමුණු කරගෙන නොසිටි දෙයක් පවා කිරීමට පෙලඹිය හැකියි. (හෙබ්‍රෙව් 13:18, 19) යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ද නමස්කාරය සඳහා එක්රැස් වන සෑම අවස්ථාවකදීම යෙහෝවා දෙවිට යාච්ඤා කරනවා. ඔවුන් යාච්ඤා කරන්නේ කෙසේද කියා දැක බලා ගැනීමට ඔවුන්ගේ නමස්කාර මධ්‍යස්ථානයක් වෙත යන්න ඔබට හැකියි.

අපි නිශ්චිත ස්ථානයකට ගොස් නිශ්චිත වේලාවලදී යාච්ඤා කළ යුතුයි කියා බයිබලයේ සඳහන් වී නැහැ. පුරාණයේ සිටි දෙවිගේ සේවකයන් විවිධ ස්ථානවල විවිධ වේලාවලදී දෙවිට යාච්ඤා කර තිබෙනවා. යාච්ඤා කිරීම ගැන යේසුස් පවා පැවසුවේ මෙසේයි. “ඔබ යාච්ඤා කරන විට ඔබේම කාමරයට ගොස් දොර වසාගෙන ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන්ට යාච්ඤා කරන්න. එවිට ස්වර්ගයේ සිට බලා සිටින ඔබේ පියාණන් ඔබට ආශීර්වාද කරයි.”—මතෙව් 6:6.

ඕනෑම ස්ථානයක ඕනෑම වේලාවක යාච්ඤා කළ හැකියි

ඒ අනුව යෙහෝවා දෙවිට ඕනෑම වේලාවක යාච්ඤා කිරීමට ඔබට හැකියි. ඇත්තෙන්ම ඔබේ යාච්ඤාවලට සවන් දීමට දෙවි කැමැත්තෙන් සිටිනවා. යේසුස් පවා බොහෝ අවස්ථාවලදී තනිවම යෙහෝවා දෙවිට යාච්ඤා කළා. එක් අවස්ථාවක ඔහු ඉතා වැදගත් තීරණයක් ගැනීමට කලින් දෙවිගේ මඟ පෙන්වීම් ඉල්ලා මුළු රැයක් පුරාම යාච්ඤා කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—ලූක් 6:12, 13.

අතීතයේ සිටි දෙවිගේ සේවකයන්ද ඉතා බැරෑරුම් තීරණ ගැනීමට කලින් හෝ බරපතළ ප්‍රශ්නවලට මුහුණ දුන් අවස්ථාවල දෙවිට යාච්ඤා කළා. ඇතැම්විට ඔවුන් ශබ්ද නඟා හෝ නිහඬවත් තනිවම හෝ කණ්ඩායමක් ලෙසත් දෙවිට යාච්ඤා කළා. එවැනි යාච්ඤාවලට පිළිතුරු දුන් යෙහෝවා දෙවි අද සිටින තම සේවකයන්ටත් පවසන්නේ “නොකඩවා යාච්ඤා කරන්න” කියායි. (1 තෙසලෝනික 5:17) එය මොන තරම් ප්‍රේමණීය ඇරයුමක්ද! ඇත්තෙන්ම තම කැමැත්ත කරන අයගේ යාච්ඤාවලට සවන් දීමට දෙවි ඕනෑම වේලාවක සූදානමින් සිටිනවා.

කොහොමවුණත් අද අපි ජීවත් වන මේ ලෝකය තුළ යාච්ඤා කිරීම තේරුමක් ඇති දෙයක්ද කියා ඔබ කල්පනා කළ හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න