ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 10/1 10 පි.
  • 6 ප්‍රයෝජනවත්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • 6 ප්‍රයෝජනවත්ද?
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යාච්ඤාවෙන් දෙවිට ළං වන්න
    බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු
  • යාච්ඤාවෙන් ඇති ප්‍රයෝජනය කුමක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවියන් උත්තර දෙන්නේ කොහොමද?
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • හැඳින්වීම
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 10/1 10 පි.

6 ප්‍රයෝජනවත්ද?

යාච්ඤා කිරීමෙන් අපට බොහෝ ප්‍රයෝජන අද්දැකිය හැකියි. (ලූක් 22:40; යාකොබ් 5:13) දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් පවත්වාගැනීමටත් සහනය අද්දැකීමටත් යාච්ඤාව මහඟු උපකාරයක්. එසේ පැවසීමට හේතුව අපි දැන් සලකා බලමු.

කෙනෙක් ඔබට ත්‍යාගයක් දුන්නා කියා සිතන්න. ඒ ගැන ඔබ තුළ ඇති වන අගය ඔබ සිතේ තබාගෙන සිටිනවාද? නැත්නම් ඔබේ සිතේ තිබෙන හැඟීම් ප්‍රකාශ කරනවාද? ඇත්තෙන්ම ඔබට ලැබුණු ත්‍යාගය ගැන ඔබ අගය ප්‍රකාශ කරන විට ඒ ගැන ඔබේ සිතේ තිබෙන අගය තවත් වැඩි වෙනවා. යාච්ඤා කරන විටත් සිදු වන්නේ ඒ හා සමාන දෙයක්. අපේ හැඟීම් යාච්ඤාව තුළින් දෙවිට ප්‍රකාශ කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැන අපි දැන් සලකා බලමු.

ස්තුතිය ප්‍රකාශ කරන යාච්ඤා. අපට ලැබී තිබෙන යහපත් දේවල් ගැන දෙවිට ස්තුති කරනවා නම් අපි නිතරම සිතන්න පෙලඹෙන්නේ අපට දෙවිගෙන් ලැබී තිබෙන ආශීර්වාද ගැනයි. ප්‍රතිඵලයක් ලෙස තෘප්තිය සහ සන්තෝෂය අද්දැකීමටත් කනස්සලු නොවී සෑහීමට පත් වී සිටීමටත් අපට හැකි වෙනවා.—ෆිලිප්පි 4:6.

උදාහරණය: තම යාච්ඤාවලට සවන්දී ඒවාට පිළිතුරු දීම ගැන යේසුස්, යෙහෝවා දෙවිට ස්තුති කළා.—යොහන් 11:41.

සමාව ඉල්ලා කරන යාච්ඤා. පව්වලට සමාව ඉල්ලා යාච්ඤා කරන විට අපි අතින් සිදු වූ පාපයේ බරපතළකම හොඳින් වටහාගැනීමට හැකි වෙනවා. එමෙන්ම ඒ ගැන සැබවින්ම පසුතැවෙන්නත් නිදොස් හෘදය සාක්ෂියක් ඇතුව සිටීමටත් අවස්ථාව ලැබෙනවා.

උදාහරණය: දාවිත් රජ තමා අතින් සිදු වූ වරදට සමාව ඉල්ලාදෙවිට යාච්ඤා කළා.—ගීතාවලිය 51.

මඟ පෙන්වීම් සහ ප්‍රඥාව ඉල්ලා කරන යාච්ඤා. වැදගත් තීරණ ගැනීමට කලින් දෙවිගෙන් මඟ පෙන්වීම සහ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කිරීමෙන් නිහතමානිව කටයුතු කිරීමට හැකි වෙනවා. එමෙන්ම දෙවි කෙරෙහි පූර්ණ විශ්වාසය තැබීමටත් ඔහුගේ මඟ පෙන්වීම් නොමැතිව අපට සාර්ථක විය නොහැකි බව තේරුම්ගැනීමටත් හැකි වෙනවා.—හිතෝපදේශ 3:5, 6.

උදාහරණය: සලමොන් රජ ඊශ්‍රායෙල්වරුන්ව පාලනය කිරීම සඳහා දෙවිගෙන් මඟ පෙන්වීම සහ ප්‍රඥාව ඉල්ලා යාච්ඤා කළා.—1 රාජාවලිය 3:5-12.

දුෂ්කරතාවලට මුහුණ දෙන විට කරන යාච්ඤා. ජීවිතයේ දුෂ්කර තත්වයන්ට මුහුණ දෙන විට යාච්ඤා කිරීමෙන් මහත් සහනයක් අද්දැකිය හැකියි. එමෙන්ම අපේම ශක්තියෙන් ප්‍රශ්නවලට මුහුණ නොදී දෙවි මත රඳා සිටීමටත් අපි පෙලඹෙනවා.—ගීතාවලිය 62:8.

උදාහරණය: ආසා රජ සතුරු හමුදාවක් සමඟ සටන් කිරීමට පෙර දෙවිට යාච්ඤා කළා.—2 ලේකම් 14:11.

අන් අය වෙනුවෙන් කරන යාච්ඤා. අන් අය වෙනුවෙන් යාච්ඤා කිරීමෙන් අපේම අවශ්‍යතා ගැන සිතනවා වෙනුවට අනුන් ගැනත් සිතන්න අපි ඉගෙනගන්නවා. එමෙන්ම අන් අයට දයානුකම්පාව පෙන්වීමටත් සැලකිල්ල දැක්වීමටත් අපි පෙලඹෙනවා.

උදාහරණය: යේසුස් තම අනුගාමිකයන් වෙනුවෙන් යාච්ඤා කළා.—යොහන් 17:9-17.

ප්‍රශංසා කිරීමේ යාච්ඤා. යෙහෝවා දෙවිගේ පුදුමාකාර ක්‍රියාවන් සහ ඔහු සතු ශ්‍රේෂ්ඨ ගුණාංග ගැන ප්‍රශංසා කරමින් යාච්ඤා කරන විට ඔහු කෙරෙහි තිබෙන ගෞරවය සහ අගය තවත් වැඩි වෙනවා. එමෙන්ම දෙවිට තවත් ළං වීමටත් එය අපට උපකාරවත් වෙනවා.

උදාහරණය: දෙවි නිර්මාණය කර තිබෙන දේවල් ගැන දාවිත්, දෙවිට ප්‍රශංසා කළා.—ගීතාවලිය 8.

යෙහෝවා දෙවිට යාච්ඤා කිරීමෙන් අපට “දෙවි ලබා දෙන සමාදානය” අද්දැකිය හැකියි. ‘එය කිසිම මිනිසෙකුට වටහාගත නොහැකි වූ සමාදානයක්.’ (ෆිලිප්පි 4:7) අප ජීවත් වන මේ අර්බුදකාරී කාලයේ එවැනි සමාදානයක් අද්දැකීමට ලැබීම මොන තරම් දෙයක්ද! එය අපේ ශරීර සෞඛ්‍යයටත් හිතකර ලෙස බලපානවා. (හිතෝපදේශ 14:30) කොහොමවුණත් දෙවි අපේ යාච්ඤාවලට සවන් දෙයිද?

සහනය අද්දැකීමට, නිරෝගී සෞඛ්‍යයක් පවත්වාගැනීමට සහ දෙවි සමඟ කිට්ටු මිත්‍රත්වයක් ඇති කරගැනීමට යාච්ඤාව මහඟු උපකාරයක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න