ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp16 අංක 5 13 පි.
  • දාවිත් සහ ගොලියත් අතර සටන ඇත්තක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් සහ ගොලියත් අතර සටන ඇත්තක්ද?
  • 2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දාවිත් සහ ගොලියත්
    මගේ බයිබල් කතන්දර පොත
  • දාවිත් සහ ගොලියත්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “සටන යෙහෝවාගේය”
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp16 අංක 5 13 පි.
ඒලාහ් තැනිතලාව

ඒලාහ් තැනිතලාව

දාවිත් සහ ගොලියත් අතර සටන ඇත්තක්ද?

දාවිත් සහ ගොලියත් අතර සිදු වුණ සටන ඇත්තක්ද නැත්නම් ඒක ප්‍රබන්ධයක්ද කියලා සමහරු හිතනවා. කලින් ලිපිය කියවද්දී ඒ වගේ සැකයක් ඔයාටත් ඇති වුණාද? එහෙනම් මේ තොරතුරු ඔයාට උදව් වෙයි.

1 | ඇත්තටම අඩි නවයහමාරක් (මීටර් 2.9ක්) උස මිනිසෙක් ඉන්න පුළුවන්ද?

සාමාන්‍ය මනුෂ්‍යයෙකුගේ උස සහ ගොලියත්ගේ උස පෙන්වන රූපසටහනක්

ගොලියත් “අඩි නවයහමාරක් පමණ” උසයි කියලා බයිබලයේ කියනවා. (1 සාමුවෙල් 17:4) ඒත් සමහරු කියන්නේ ගොලියත් ඒ තරම් උස කෙනෙක් වෙන්න බැහැ කියලයි. මෑත කාලයේ වාර්තා වෙලා තියෙන උසම මිනිසාගේ උස අඩි 8යි අඟල් 11යි. (මීටර් 2.7) එහෙනම් ගොලියත් අඩි නවයහමාරක් උසයි කියලා හිතන්න බැරිද? ගොලියත් රෙෆායිවරයෙක්. අසාමාන්‍ය උස අය විදිහටයි රෙෆායිවරු නම් දරා හිටියේ. අඩි 8කට වඩා (මීටර් 2.4) උස දරුණු සටන්කරුවන් කානාන් දේශය අවට ජීවත් වුණා කියලා ඊජිප්තුවෙන් සොයාගත්ත ක්‍රි.පූ. 13වෙනි සියවසට අයත් ලේඛනයක සඳහන් වෙනවා. එහෙනම් ගොලියත් ඒ තරම් උස කෙනෙක් නෙවෙයි කියලා කියන්න පදනමක් නැහැ.

2 | දාවිත් කියලා කෙනෙක් ඇත්තටම හිටියාද?

කාලයකට කලින් සමහර විශාරදයන් දාවිත් කියලා කෙනෙක් හිටියේ නැහැ කියලා මතයක් පළ කළා. ඒත් “දාවිත්ගේ පෙළපත” කියලා සඳහන් වුණු ගල් පුවරුවක් පුරාවිද්‍යාඥයන් සොයාගැනීමත් එක්කම ඒ මතය බොරු වුණා. යේසුස් මිහිපිට ඉද්දී දාවිත් ගැන සඳහන් කරපු එකෙනුත් තේරෙනවා දාවිත් ඇත්තටම හිටියා කියලා. (මතෙව් 12:3; 22:43-45) යේසුස් ගැලවුම්කරු කියලා තහවුරු කරන සුවිශේෂ පොත් දෙකක සඳහන් පෙළපත් වාර්තාවල පෙන්නුම් කරන්නේ යේසුස් දාවිත් රජුගේ පෙළපතින් බිහි වුණා කියලයි. (මතෙව් 1:6-16; ලූක් 3:23-31) සියලු සාක්ෂි සලකා බලද්දී දාවිත් සැබෑ කෙනෙක් කියලා ඔප්පු වෙනවා.

3 | දාවිත් සහ ගොලියත් අතර සටන සිදු වුණේ බයිබලයේ සඳහන් කරලා තියෙන ස්ථානයේමද?

සටන සිද්ධ වුණේ ඒලාහ් තැනිතලාවේ කියලා බයිබලයේ කියනවා. ඊට අමතරව පිලිස්තිවරු කඳවුරු බැඳගෙන හිටියේ සෝකෝ සහ අෂේකා කියන නුවරවල් දෙක අතරේ තිබුණු කන්දක කියලත් බයිබලයේ සඳහන් වෙනවා. ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටියේ ඒලාහ් තැනිතලාවේ අනිත් පැත්තේ පිලිස්තිවරුන්ගේ කඳවුරට මුහුණලා තිබුණු කන්දකයි. ඒත් ඒවා ඇත්ත ස්ථානද?

ඒ ප්‍රදේශයට මෑතකදී ගිය කෙනෙක් මෙහෙම සඳහන් කළා. “අපේ ගමනට මඟ පෙන්වපු කෙනා අපිව ඒලාහ් තැනිතලාවට එක්කගෙන ගියා. එක පාරක් දිගේ උඩට නැඟගෙන ගිය අපි නතර වුණේ කන්දක් උඩ. එතන ඉඳන් තැනිතලාව දිහා බලාගෙන ඉද්දී එයා කිව්වා 1 සාමුවෙල් 17:1-3 කියවන්න කියලා. එයා ආගම දහමට ඒ තරම් ළැදි කෙනෙක් නෙමෙයි. හැබැයි බයිබල් පද කියෙව්වාට පස්සේ එයා අපිට මෙහෙම කිව්වා. ‘අපේ ඉස්සරහා ඈතින් වමට වෙන්න තියෙන්නේ සෝකෝ නුවරේ නටබුන්. දකුණට වෙන්න තියෙන්නේ අෂේකා නුවරේ නටබුන්. ඒ නඟර දෙක අතරේ තිබුණු තැනක තමයි පිලිස්තිවරු කඳවුරු බැඳගත්තේ. එයාලා මුහුණලා හිටියේ අපි දැන් ඉන්න පැත්තට. ඒ කියන්නේ අපි දැන් හිටගෙන ඉන්නේ ඊශ්‍රායෙල්වරු කඳවුරු බැඳගෙන හිටපු තැන වෙන්න ඕනේ.’ මට නිකමට වගේ හිතුණා ‘සාවුල් සහ දාවිත් මම දැන් හිටගෙන ඉන්න තැන ඉන්න ඇතිනේ’ කියලා. අපි කන්ද බැහැගෙන වතුර හිඳිලා තිබුණු නිම්නයක් ළඟට ගියා. එතැන හුඟක් ගල් තිබුණා. දාවිත් ගොලියත්ව මරන්න මෙතැනින් ගල් පහක් අහුලන විදිහ ඒ වෙලාවේ මගේ හිතේ මැවුණා.” බයිබලයේ සඳහන් තොරතුරු කොච්චර නිවැරදිද කියලා මේ අද්දැකීම කියපු කෙනාට එදා හොඳටම වැටහුණා. තවත් හුඟදෙනෙකුටත් බයිබලය ගැන ඒ විදිහටම හැඟිලා තියෙනවා.

ඒ ඉතිහාස වාර්තා බොරු කියලා කියන්න කිසිම පදනමක් නැහැ. ඒ හැම වාර්තාවකම සඳහන් පුද්ගලයන් ඇත්තටම හිටපු අය. ඒ වගේම ඒ වාර්තාවල සඳහන් ස්ථානත් සැබෑ ස්ථාන. දෙවිගේ මඟ පෙන්වීමෙන් ලියැවුණු බයිබලයේ ඒවා සඳහන් වෙන නිසා ඒවා සැක කරන්න කිසිම හේතුවක් නැහැ. මොකද බයිබලය ලියන්න මඟ පෙන්නුවේ “කිසි බොරුවක් නොපවසන” දෙවි යෙහෝවායි.—තීතස් 1:2; 2 තිමෝති 3:16.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න