ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 40 පාඩම 98 පි.-99 පි. 2 ¶
  • දාවිත් සහ ගොලියත්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් සහ ගොලියත්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දාවිත් සහ ගොලියත්
    මගේ බයිබල් කතන්දර පොත
  • දාවිත් බය වුණේ නැහැ
    දූපුතුන්ට කියා දෙන්න
  • දාවිත්ගේ නිර්භීතකම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 40 පාඩම 98 පි.-99 පි. 2 ¶
දාවිත් ගල් පටියට දාපු ගලකින් ගොලියත්ට ගැහුවා

40වෙනි පාඩම

දාවිත් සහ ගොලියත්

යෙහෝවා සාමුවෙල්ට කිව්වා ‘යෙස්සේගේ ගෙදරට යන්න, එයාගේ පුතෙක් ඊශ්‍රායෙල්වල රජ වෙනවා’ කියලා. සාමුවෙල් යෙස්සේගේ ගෙදරට ගියා. එයා යෙස්සේගේ වැඩිමල් පුතාව දැක්කාම හිතුවා ‘යෙහෝවා තෝරගන්න ඇත්තේ මෙයාව’ කියලා. හැබැයි යෙහෝවා තෝරගත්තේ එයාව නෙවෙයි. ‘කෙනෙක්ගේ පෙනුම විතරක් නෙවෙයි එයාගේ හිතේ තියෙන දේත් මට පේනවා’ කියලා දෙවියන් කිව්වා.

සාමුවෙල් දාවිත්ව අභිෂේක කරයි

යෙස්සේ තවත් පුත්තු හයදෙනෙක්ව සාමුවෙල් ළඟට ගෙනාවා. සාමුවෙල් කිව්වා ‘යෙහෝවා මේ කාවවත් තෝරගෙන නෑ. ඔයාට තවත් පුතාලා ඉන්නවාද’ කියලා. යෙස්සේ කිව්වා ‘මගේ බාලම පුතා දාවිත් බැටළුවෝ බලාගන්න ගිහින්’ කියලා. දාවිත් ආවාම යෙහෝවා සාමුවෙල්ට කිව්වා ‘මෙයාවයි මං තෝරගත්තේ’ කියලා. ඊටපස්සේ සාමුවෙල් දාවිත්ගේ ඔළුවට තෙල් දාලා එයාව රජ විදිහට පත් කළා.

ගොලියත්

කාලයක් ගියාම පිලිස්තිවරු ඊශ්‍රායෙල්වරු එක්ක සටනට ආවා. ගොලියත් කියන යෝධයාත් ඒ අතරේ හිටියා. දවස ගාණේ එයා ඊශ්‍රායෙල්වරුන්ව පහත් කරලා කතා කළා. එයා කෑගහලා මෙහෙම කිව්වා. ‘මාත් එක්ක සටන් කරන්න කාව හරි එවන්න. එයා දින්නොත් අපි ඔයාලාගේ සේවකයෝ වෙනවා. මම දින්නොත් ඔයාලා අපේ සේවකයෝ වෙනවා.’

දාවිත් කෑම අරන් එයාගේ අයියලව බලන්න සටන්බිමට ගියාම ගොලියත් කිව්ව දේ එයාට ඇහුණා. එතකොට දාවිත් කිව්වා ‘මම සටන් කරන්නම්’ කියලා. ‘ඔයා තාම පොඩි කොල්ලෙක්නේ’ කියලා සාවුල් රජ කිව්වාම දාවිත් කිව්වා ‘යෙහෝවා මට උදව් කරයි’ කියලා.

සාවුල් රජ එයාගේ ඇඳුම් දාවිත්ට ඇන්දුවාම දාවිත් කිව්වා ‘මේ ඇඳුම් එක්ක මට සටන් කරන්න බෑ’ කියලා. දාවිත් දිය පාරක් ළඟට ගිහින් රවුම් ගල් පහක් අහුලගෙන එයාගේ මල්ලේ දාගත්තා. ඊටපස්සේ ගොලියත් ළඟට දුවගෙන ගියා. යෝධයා කෑගහලා කිව්වා ‘එනවා මං ළඟට. මං ඔයාව මරලා කුරුල්ලන්ටයි කැලේ සත්තුන්ටයි කන්න දෙනවා’ කියලා. එතකොට දාවිත් මෙහෙම කිව්වා. ‘ඔයා මං ළඟට එන්නේ කඩුවකුයි හෙල්ලයකුයි අරන්. හැබැයි මං ඔයා ළඟට එන්නේ යෙහෝවාගේ නමින්. ඔයා සටන් කරන්නේ දෙවියන්ට විරුද්ධව. මෙතන ඉන්න හැමෝම දැනගනියි කඩුවටත් හෙල්ලයටත් වඩා යෙහෝවා බලවත් කියලා. ඔහු ඔයාලා හැමෝවම අපේ අතට අහු කරලා දෙනවා.’

දාවිත් ගල්පටියට ගලක් දාලා පුළුවන් තරම් හයියෙන් ඒක කරකවලා ගොලියත්ට ගැහුවා. දෙවියන්ගේ උදව්ව ලැබුණ නිසා ඒක ගොලියත්ගේ නළලේ වැදුණාම යෝධයා මැරිලා වැටුණා. පිලිස්තිවරු හැමෝම බය වෙලා දිව්වා. දාවිත් වගේ ඔයාත් යෙහෝවාව විශ්වාස කරනවාද?

“මිනිස්සුන්ගේ පැත්තෙන් බලද්දී නම් ඒක කොහොමටවත් කරන්න බැහැ තමයි. හැබැයි දෙවියන්ට ඕනෙම දෙයක් කරන්න පුළුවන්.”—මාක් 10:27

ප්‍රශ්න: ඊශ්‍රායෙල්වල ඊළඟ රජ විදිහට යෙහෝවා තෝරගත්තේ කාවද? දාවිත් ගොලියත්ව මැරුවේ කොහොමද?

1 සාමුවෙල් 16:1-13; 17:1-54

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න