ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • yc 6 පාඩම 14-15 පි.
  • දාවිත් බය වුණේ නැහැ

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත් බය වුණේ නැහැ
  • දූපුතුන්ට කියා දෙන්න
  • සමාන තොරතුරු
  • දාවිත්ගේ නිර්භීතකම
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දාවිත් සහ ගොලියත්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දාවිත් සහ ගොලියත්
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
දූපුතුන්ට කියා දෙන්න
yc 6 පාඩම 14-15 පි.

6වෙනි පාඩම

දාවිත් බය වුණේ නැහැ

ඔයාට බය හිතුණු වෙලාවකදී මොකද කරන්නේ?— සමහරවිට ඔයා අම්මා හරි තාත්තා හරි ළඟට යනවා ඇති. ඒත් ඒ වගේ වෙලාවකදී ඔයාට උදව් කරන්න පුළුවන් තව කෙනෙක් ඉන්නවා. ඔයා දන්නවද ඒ කවුද කියලා?— ඒ යෙහෝවා දෙවි. අපි දැන් දාවිත් ගැන ටිකක් කතා කරමු. හැම වෙලාවෙම යෙහෝවා දෙවි එයාත් එක්ක ඉන්නවා කියලා දාවිත් දැනගෙන හිටියා. ඒ නිසා එයා කිසි දේකට බය වුණේ නැහැ.

පුංචි කාලේ ඉඳන්ම යෙහෝවා දෙවිට ආදරේ කරන්න දාවිත්ගේ අම්මායි තාත්තායි එයාට කියලා දුන්නා. දාවිත්ට බය නැතුව ඉන්න පුළුවන් වුණේ ඒ නිසයි. යෙහෝවා දෙවි එයාගේ හොඳම යාළුවා නිසා දෙවි එයාට උදව් කරනවා කියලා එයා දැනගෙන හිටියා. දවසක් එයා බැටළුවෝ බලාගෙන ඉද්දී සිංහයෙක් ඇවිත් බැටළුවෙක්ව අල්ලගත්තා. දාවිත් මොකද කළේ කියලා ඔයා දන්නවද? එයා සිංහයාව මරලා දැම්මා. තව දවසක් බැටළුවන්ව කන්න වලහෙක් ආවා. ඌවත් දාවිත් මරලා දැම්මා. ඒ වගේ දේවල් කරන්න දාවිත්ට උදව් කළේ කවුද කියලා ඔයා දන්නවද?— එයාට උදව් කළේ යෙහෝවා දෙවි.

ඊශ්‍රායෙල්වරුයි පිලිස්තිවරුයි අතරේ යුද්ධයක් ඇති වුණා. පිලිස්තිවරුන්ගේ හමුදාවේ හිටියා හුඟක් උස මහත යෝධයෙක්. එයාගේ නම ගොලියත්. ඒ යෝධයා ඊශ්‍රායෙල්වරුන්ට විතරක් නෙමෙයි යොහෝවාටත් නරක විදිහට කතා කළා. එයා එක්ක සටන් කරන්න එන්න කියලා හරිම ආඩම්බරෙන් කිව්වා. ඒත් කවුරුවත් ඒකට කැමති වුණේ නැහැ. හැමෝම එයාට බය වුණා. ඒ ගැන දැනගත්ත දාවිත්, ගොලියත්ට මෙහෙම කිව්වා. ‘ඔයාත් එක්ක සටන් කරන්න මං එන්නම්. යෙහෝවා මට උදව් කරන නිසා මං ඔයාව පරද්දනවා.’ දාවිත් බය නැති කෙනෙක් කියලා ඔයාට හිතෙන්නේ නැද්ද?— එයා හුඟක් නිර්භීත කෙනෙක්. ඊළඟට වුණු දේ ඔයා දන්නවද?

දාවිත් ගල් පටියකුයි ගල් පහකුයි අරගෙන යෝධයා එක්ක සටනට ගියා. ‘මේ පොඩි කොල්ලාට පුළුවන්ද මාත් එක්ක සටන් කරන්න’ කියලා හිතපු ගොලියත් දාවිත්ට විහිළු කරන්න පටන්ගත්තා. එතකොට දාවිත් මෙහෙම කිව්වා. ‘ඔයා මගේ ළඟට එන්නේ කඩුවක් අරගෙන. ඒත් මට උදව් කරන්න යෙහෝවා දෙවි ඉන්නවා.’ ඊළඟට දාවිත් එයාගේ ගල් පටියට ගලක් තියලා ගල් පටිය හයියෙන් කරකවලා ගොලියත් හිටපු පැත්තට විසි කළා. ඒ ගල ගිහින් වැදුණේ හරියටම ගොලියත්ගේ නලළේ. එයා මැරිලා වැටුණා. වෙච්ච දේ නිසා පිලිස්තිවරු බය වෙලා දුවන්න පටන්ගත්තා. දාවිත්ට එච්චර ලොකු යෝධයෙක්ව පරද්දන්න පුළුවන් වුණේ කොහොමද කියලා ඔයා දන්නවද?— යෙහෝවා දෙවි එයාට උදව් කරපු නිසයි. ගොලියත්ට වඩා දෙවි ගොඩක් බලවත්.

දාවිත් ගොලියත්ව මරයි

යෙහෝවා දෙවි උදව් කරනවා කියලා දන්න නිසා දාවිත් බය වුණේ නැහැ

දාවිත්ගේ කතන්දරෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවද?— වෙන කාටවත් වඩා දෙවි හුඟක් බලවත්. එච්චර බලවත් යාළුවෙක් තමයි ඔයාට ඉන්නේ. ඒ නිසා ඊළඟ පාර ඔයාට බය හිතුණු වෙලාවට ඔයාගේ උදව්වට යෙහෝවා ඉන්නවා කියලා මතක තියාගන්න.

බයිබලයෙන් කියවන්න

  • ගීතාවලිය 56:3, 4

  • 1 සාමුවෙල් 17:20-54

ප්‍රශ්න:

  • බැටළුවන්ව අල්ලගන්න ආපු සිංහයාටයි වලහටයි දාවිත් මොනවද කළේ?

  • ගොලියත් යෙහෝවා දෙවි ගැන නරක දේවල් කියද්දී දාවිත් එයාට මොනවද කිව්වේ?

  • දාවිත් ගොලියත්ව පැරැද්දුවේ කොහොමද?

  • දාවිත් සිංහයාටයි වලහටයි යෝධයාටයි බය වුණේ නැත්තේ ඇයි?

  • දාවිත්ගෙන් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොකක්ද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න