ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w08 12/1 16-17 පි.
  • දාවිත්ගේ නිර්භීතකම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දාවිත්ගේ නිර්භීතකම
  • 2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දාවිත් බය වුණේ නැහැ
    දූපුතුන්ට කියා දෙන්න
  • දාවිත් සහ ගොලියත්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දාවිත් සහ ගොලියත්
    මගේ බයිබල් කතන්දර පොත
  • “මේ යුද්දේ යෙහෝවා දෙවිගේ”
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
තව තොරතුරු
2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w08 12/1 16-17 පි.

ඔබේ දරුවන්ට උගන්වන්න

දාවිත්ගේ නිර්භීතකම

ඔයාට කවදා හරි භය හිතිලා තියෙනවාද?—a අපි හැමෝටම භය හිතෙන අවස්ථාවන් තියෙනවා. භය හිතුණු වෙලාවට ඔයාට මොනවද කරන්න පුළුවන්?—ඒ වගේ වෙලාවක ඔයාට වඩා ලොකු, ශක්තිමත් කෙනෙක් ළඟට යන්න පුළුවන්. ඔයාගේ අම්මට හරි තාත්තට හරි පුළුවන් වෙයි ඔයාට උදව් කරන්න. ප්‍රශ්නයක් ඇති වුණාම උදව් ලබාගන්න පුළුවන් කාගෙන්ද කියලා පුරාණයේ හිටිය ඇදහිලිවන්තයෙක් වුණු දාවිත්ගෙන් අපට ඉගෙනගන්න පුළුවන්. එක අවස්ථාවකදී දාවිත් දෙවිට මේ වගේ ගීතිකාවක් ගැයුවා. ‘මාගේ විශ්වාසය ඔබය. මම දෙවි කෙරෙහි විශ්වාසය තබමි. එබැවින් මම භය නොවෙමි.’—ගීතාවලිය 56:3, 4, නව ලොව පරිවර්තනය, NW.

දාවිත් භය නැතුව කටයුතු කරන්න ඉගෙනගත්තේ කාගෙන්ද කියලා ඔයා දන්නවාද?—එයාගේ දෙමව්පියන්ගෙනුයි. දාවිත්ගේ තාත්තා තමයි යෙස්සේ. යෙස්සේ “සමාදානයේ කුමාරයා” වූ යේසුස්ගේ මුතුන්මිත්තෙක්. (යෙසායා 9:6; 11:1-3, 10) යෙස්සේගේ තාත්තා ඒ කියන්නේ දාවිත්ගේ සීයා තමයි ඕබෙද්. ඕබෙද්ගේ අම්මගේ නම ඔයා දන්නවාද?—එයාගේ නමින් බයිබලයේ පොතකුත් තියෙනවා. ඒ තමයි රූත්. රූත්ගේ ස්වාමිපුරුෂයාගේ නම බෝවස්.—රූත් 4:21, 22.

බෝවස් සහ රූත් මිය ගිහින් හුඟ කාලෙකට පස්සෙයි දාවිත් ඉපදුණේ. සමහරවිට බෝවස්ගේ අම්මව ඔයා දන්නවත් ඇති. එයා ජීවත් වුණේ යෙරිකෝවේ. එක දවසක් ඔත්තු බලන්න ආව ඊශ්‍රායෙල්වරුන් දෙන්නෙකුව එයා බේරගත්තා. ඒ නිසා ඊශ්‍රායෙල්වරුන් යෙරුකෝ නගරය විනාශ කරද්දී එයාටයි එයාගේ නෑදෑයන්ටයි කිසිම හානියක් වෙන්න දුන්නේ නැහැ. එයා කවුද කියලා ඔයා දන්නවාද?—ඒ තමයි රාහබ්. එයා පසු කාලයේදී යෙහෝවා දෙවිට නමස්කාර කරන්න පටන්ගත්තා. නිර්භීතකම සම්බන්ධයෙන් රාහබ් ක්‍රිස්තියානීන්ට කදිම ආදර්ශයක්.—යෝෂුවා 2:1-21; 6:22-25; හෙබ්‍රෙව් 11:30, 31.

යෙහෝවා දෙවිට විශ්වාසවන්තව සේවය කළ එවැනි අය ගැන දාවිත්ගේ අම්මයි තාත්තයි අනිවාර්යයෙන්ම එයාට කියලා දුන් බවට කිසිම සැකයක් නැහැ. ඒකට හේතුව ඒ වගේ දේවල් දරුවන්ට උගන්වන්න කියලා යෙහෝවා දෙවි දෙමව්පියන්ට උපදෙස් දී තිබීමයි. (ද්විතීය කතාව 6:4-9) නියමිත කාලය ආවම යෙහෝවා දෙවි අනාගතවක්තෘ සාමුවෙල් මාර්ගයෙන් යෙස්සේගේ බාල පුතා වූ දාවිත්ව අනාගත රජ ලෙස තෝරාගත්තා.—1 සාමුවෙල් 16:4-13.

එක දවසක් දාවිත්ගේ තාත්තා එයාට කිව්වා අයියලා තුන්දෙනාට කෑම දීලා එන්න කියලා. ඒ වෙද්දී එයාගේ අයියලා පිලිස්තිවරුන් එක්ක සටන් කරන්න සූදානම් වෙමිනුයි හිටියේ. පිලිස්තිවරු දෙවිගේ සතුරන්. දාවිත් එතැනට ගියාම ගොලියත් කියන යෝධයා ‘ජීවමාන දෙවිගේ සේනාවට අපහාස කරනවා’ දාවිත්ට ඇහුණා. කිසිම කෙනෙකුට ඒ යෝධයා එක්ක සටන් කරන්න නිර්භීතකමක් තිබුණේ නැහැ. හැබැයි දාවිත්ට ඕනෙ වුණා ගොලියත් එක්ක සටන් කරන්න. ඒක දැනගත්තම සාවුල් රජ දාවිත්ට කතා කරලා කිව්වා ඔයා තාම ‘පොඩි කොල්ලෙක්’ කියලා.

එතකොට දාවිත් කිව්වා මගේ තාත්තට අයිති බැටළුවන්ව කන්න ආව සිංහයෙකුවයි වලහෙකුවයි මම මරලා තියෙනවා. මේ යෝධයාටත් “මම කරන්නේ ඒ දේමයි” කියලා. එතකොට සාවුල් රජ දාවිත්ට කිව්වා “එහෙනම් ඔබ දැන් යන්න. යෙහෝවා දෙවි ඔබට උදව් කරයි” කියලා. ඊටපස්සේ දාවිත් ගිහින් රවුම් ගල් පහක් එයාගේ මල්ලේ දාගෙන ගල්පටියත් අතට අරන් ගොලියත් එක්ක සටන් කරන්න ගියා. දාවිත්ව දැක්කම “මා ළඟට වර. මං තගේ මස් පක්ෂීන්ට කන්න දෙනවා” කියලා ගොලියත් කිව්වා. එතකොට දාවිත් එයාට මෙහෙම කිව්වා. ‘මම නුඹව මරා දමනවා.’

දාවිත් වේගයෙන් ගොලියත් හිටිය පැත්තට දුවගෙන ගියා. ඒත් එක්කම එයා ගලක් අරගෙන ගල්පටියේ තියලා ගොලියත්ගේ නළලටම විද්දා. එතකොට එකපාරටම ගොලියත් බිමට වැටුණා. ඒක දැක්කම පිලිස්තිවරු භය වෙලා දිව්වා. එතකොට ඊශ්‍රායෙල් හමුදාව ඔවුන් පස්සේ එලවාගෙන ගිහින් ඔවුන්ට පහර දීලා සටන ජය ගත්තා. මේ කතන්දරය සම්පූර්ණයෙන්ම දැනගැනීම සඳහා පවුලක් ලෙස 1 සාමුවෙල් 17:12-54 දක්වා කියවන්න.

සමහරවිට දෙවිගේ ආඥා පිළිපදින්න ඔයා තුළත් භයක් ඇති වෙන්න පුළුවන්. පුරාණයේ සිටි ඇදහිලිවන්තයෙක් වූ යෙරෙමියා යෞවන වයසේදී දෙවිගේ වචනය ප්‍රකාශ කරන්න භය වුණා. ඒ නිසා දෙවි එයාට මෙහෙම කිව්වා. ‘භය නොවන්න. මම ඔබ සමඟ සිටිමි.’ ඊටපස්සේ යෙරෙමියා භය නැතුව දෙවිගේ වචනය ප්‍රකාශ කළා. ඔයත් දාවිත් සහ යෙරෙමියා වගේ යෙහෝවා දෙවිව විශ්වාස කළොත් භය නැතුව කටයුතු කරන්න ඔයාටත් පුළුවන් වෙනවා.—යෙරෙමියා 1:6-8, NW.

a ඔබ මෙම ලිපිය කියවන්නේ දරුවෙක් සමඟ නම් (—) යොදා ඇති තැන්වලදී ටිකකට නතර වී දරුවාගෙන් ඒ ගැන අදහස් විමසන්න.

ප්‍රශ්න:

  • ගොලියත් ඊශ්‍රායෙල් හමුදාවට අපහාස කළාම දාවිත් කළේ මොනවාද?

  • දාවිත් ගොලියත්ව පරාජය කළේ කෙසේද?

  • භය නැතුව කටයුතු කරන්න පුළුවන් කොහොමද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න