ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 6 12-14 පි.
  • ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • මුල් බයිබලය
  • ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය
  • “ලතින් වල්ගේට්” පරිවර්තනය
  • අලුත් බයිබල් පරිවර්තන
  • “සෙප්ටූඅජින්ට්” අතීතයේදී සේම වර්තමානයේදීත් ප්‍රයෝජනවත්ය
    2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බයිබලය අප අතට පත් වූ අයුරු—1 කොටස
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ හෙබ්‍රෙව් සහ ග්‍රීක භාෂාව ඉගෙනගත යුතුද?
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි තම අදහස් මිනිසුන් සමඟ බෙදාගනියි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 6 12-14 පි.
මුද්‍රිත සහ ඉලෙක්ට්‍රොනික බයිබල්

ඇයි මේ තරම් බයිබල් පරිවර්තන?

මේ වෙද්දී බයිබලයේ විවිධ සංශෝධන නැත්නම් විවිධ පරිවර්තන වැඩි ගණනක් තියෙන්නේ ඇයි? බයිබලය හොඳින් තේරුම්ගන්න ඒවා උදව් වෙනවාද? නැත්නම් බාධාවක් වෙලාද? ඒවාට උත්තර දැනගන්න ඒ බයිබල් පරිවර්තනය කළේ කවුද කියලත් ඒවා පරිවර්තනය කළේ ඇයි කියලත් අපි බලමු.

බයිබලය මුලින්ම ලිව්වේ කොයි කාලයේදීද, ඒවා ලිව්වේ කවුද කියලා අපි මුලින්ම බලමු.

මුල් බයිබලය

බයිබලයේ කොටස් දෙකක් තියෙනවා. “දෙවිගේ පරිශුද්ධ ප්‍රකාශයන්” ඇතුළත් මුල් කොටසේ තියෙන්නේ පොත් 39යි. (රෝම 3:2) දෙවියන්ගේ මඟ පෙන්වීමෙන් ලියවුණු ඒ කොටස ලියන්න පටන් අරන් තියෙන්නේ ක්‍රි.පූ. 1513දී. ලියලා ඉවර කරලා තියෙන්නේ ක්‍රි.පූ. 443දී. පරණ ගිවිසුම විදිහටත් හඳුන්වන ඒ කොටසට අයිති පොත් වැඩි හරියක් ලියවිලා තියෙන්නේ හෙබ්‍රෙව් භාෂාවෙන් නිසා ඒ කොටස හෙබ්‍රෙව් ලියවිලි විදිහටත් හඳුන්වනවා.

පොත් 27ක් ඇතුළත් දෙවෙනි කොටසෙත් සඳහන් වෙන්නේ “දෙවිගෙන් ලැබුණු පණිවිඩයක්.” (1 තෙසලෝනික 2:13) ක්‍රි.ව. 41 ඉඳන් ක්‍රි.ව. 98 දක්වා කාලයේදී ඒ පොත් ලියන්න දෙවියන් යේසුස්ගේ ගෝලයන්ව පාවිච්චි කළා. අලුත් ගිවිසුම විදිහටත් හඳුන්වන ඒ කොටසේ වැඩි හරියක් පොත් ලියවිලා තියෙන්නේ ග්‍රීක භාෂාවෙන් නිසා ඒක ක්‍රිස්තියානි ග්‍රීක ශුද්ධ ලියවිල්ල විදිහටත් හඳුන්වනවා.

ඒ කොටස් දෙකේ පොත් 66 එකතු කරලා තමයි මුල් බයිබලය හදලා තියෙන්නේ. ඒත් තවත් පරිවර්තන ඕනෙ වුණේ ඇයි? හේතු තුනක් බලමු.

  • මිනිසුන්ට තමන්ගේම භාෂාවෙන් බයිබලය කියවන්න උදව්වක් විදිහට.

  • පිටපත්කරුවන් අතින් වුණු වැරදි නිවැරදි කරලා මුල් පිටපත්වල තිබුණු අදහස් ඒ විදිහටම ඇතුළත් කරන්න.

  • භාෂාව අලුත් වෙද්දී අවශ්‍ය සකස් කිරීම් කරන්න.

මුලින්ම හදපු පරිවර්තන දෙකකට ඒ කරුණු තුන බලපෑවේ කොහොමද කියලා දැන් බලමු.

ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනය

යේසුස් පොළොවට එන්න අවුරුදු 300කට විතර කලින් යුදෙව් ජාතික විශාරදයන් හෙබ්‍රෙව් ලියවිල්ල ග්‍රීක භාෂාවට පරිවර්තනය කළා. ඒක හැඳින්නුවේ ග්‍රීක “සෙප්ටුඅජින්ට්” කියලයි. ඒ පරිවර්තනය ඕන වුණේ ඇයි? ඒ කාලේ හිටිය යුදෙව්වන් අතරින් වැඩිදෙනෙක් කතා කළේ ග්‍රීක භාෂාව. ඒ අයටත් “ශුද්ධ ලියවිල්ල” ගැන හොඳ අවබෝධයක් ලබා දෙන්න උදව්වක් විදිහටයි ඒ පරිවර්තනය මුදා හැරියේ.—2 තිමෝති 3:15.

ග්‍රීක භාෂාව කතා කරපු යුදෙව් ජාතියට අයිති නැති මිලියන ගාණකටත් බයිබලයේ තියෙන දේවල් තේරුම්ගන්න ඒ පරිවර්තනය උදව් වුණා. විශාරදයෙක් වන ඩබ්ලිව්. එෆ්. හවඩ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “මුල් සියවසේ මැදභාගයේ ඉඳන් ක්‍රිස්තියානි පල්ලියේ අය ඒ බයිබලය පාවිච්චි කළා. සිනගෝගයක් සිනගෝගයක් ගාණේ ගිහින් ‘යේසුස් තමයි ගැලවුම්කරු’ කියලා ඔප්පු කරන්න එයාලා ඒක පාවිච්චි කළා.” (ක්‍රියා 17:3, 4; 20:20) යුදෙව්වන් හුඟදෙනෙක්ට ‘“සෙප්ටුඅජින්ට්” පරිවර්තනය එපා වෙන්න ඒක හේතුවක් වුණා’ කියලා විශාරදයෙක් වන එෆ්. එෆ්. බෲස් කියලා තියෙනවා.

කාලයත් එක්කම යේසුස්ගේ ගෝලයන්ට ග්‍රීක ලියවිල්ලේ පොත් ලැබුණාට පස්සේ එයාලා ඒවා ග්‍රීක භාෂාවට පරිවර්තනය කරලා තිබුණු හෙබ්‍රෙව් ලියවිල්ලට (“සෙප්ටුඅජින්ට්” පරිවර්තනයට) එකතු කළා. ඒ විදිහට තමයි අද අපි පාවිච්චි කරන සම්පූර්ණ බයිබලය ලැබුණේ.

“ලතින් වල්ගේට්” පරිවර්තනය

විශාරදයෙක් වන ජෙරෝම් අවුරුදු 300කට විතර පස්සේ ලතින් භාෂාවට බයිබලය පරිවර්තනය කළා. ඒක හැඳින්නුවේ “ලතින් වල්ගේට්” කියලා. හැබැයි ඒ වෙනකොටත් ලතින් භාෂාවෙන් බයිබල් තිබුණා. එහෙනම් ජෙරෝම් අලුත් බයිබලයක් සකස් කළේ ඇයි? ඒ ගැන එක විශ්වකෝෂයක මෙහෙම සඳහන් වෙනවා. “ඒ වෙද්දී තිබුණු බයිබල් පරිවර්තනවල වැරදි අදහස් නිවැරදි කරන්නත් මුල් පිටපත්වල තිබුණේ නැති අදහස් අයින් කරලා මුල් පිටපත්වල තිබුණ අදහස් එකතු කරන්නත්” ජෙරෝම්ට ඕනෙ වුණා.—The International Standard Bible Encyclopedia.

වෙනත් ලතින් බයිබල්වල තිබුණු ගොඩක් වැරදි එයා නිවැරදි කළා. ඒත් ටික කාලෙකට පස්සේ පල්ලියෙන් “ලතින් වල්ගේට්” බයිබලය විතරක් පාවිච්චි කරන්න කියලා නියෝග කළා. ඒ නිසා සියවස් ගාණක්ම මිනිසුන්ට කියවන්න අවසර තිබුණේ ඒ බයිබලය විතරයි. ඒ වෙද්දී ගොඩක් මිනිසුන් ලතින් භාෂාව දැනගෙන හිටියේ නැති නිසා බයිබලය කියවලා තේරුම්ගන්න ඒ අයට බැරි වුණා.

අලුත් බයිබල් පරිවර්තන

ඒ කාලේ ඇතුළත බයිබලය වෙනත් භාෂාවලට පරිවර්තනය වුණා. ක්‍රි.ව. 5වෙනි සියවසේදී පරිවර්තනය කරපු සිරියැක් ‘පෙෂිට්ටා’ ඒ අතරින් එකක්. ඒත් ක්‍රි.ව. 14වෙනි සියවසේදී තමයි වැඩිදෙනෙක්ට කියවලා තේරුම්ගන්න පුළුවන් වෙන විදිහට බයිබලය පරිවර්තන කළේ.

14වෙනි සියවසේදී එංගලන්තයේ හිටපු ජෝන් වයික්ලිෆ් බයිබලය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය කළා. ඒ පරිවර්තනය ඕනෙම කෙනෙක්ට කියවලා තේරුම්ගන්න පුළුවන් වුණා. ඊට ටික කාලෙකට පස්සේ යොහානස් ගුටන්බර්ග් පළවෙනි මුද්‍රණ යන්ත්‍රය නිර්මාණය කරපු නිසා බයිබල් විශාරදයන්ට පුළුවන් වුණා විවිධ භාෂාවලින් බයිබල් සකස් කරලා යුරෝපය පුරාම ඒවා බෙදාහරින්න.

ඉංග්‍රීසි භාෂාවෙන් වැඩියෙන් බයිබල් පරිවර්තනය වෙන්න පටන්ගත්තාම සමහරු ඒ ගැන ප්‍රශ්න කළා. පූජකයෙක් වුණු ජෝන් වයික්ලිෆ් ඒ ගැන කිව්වේ මෙහෙමයි. “භාෂාව අලුත් වෙද්දී ඒකට අනුව පරිවර්තන සකස් කළේ නැත්නම් මිනිසුන්ට ඒක තේරුම්ගන්න බැහැ.”

බයිබලයේ මුල් පරිවර්තන ගැන ලේසියෙන්ම හොයලා බලන්න දැන් බයිබල් විශාරදයන්ට පුළුවන්. බයිබලය මුලින් ලියවුණු භාෂාවන් ගැන එයාලට වඩාත් නිවැරදි අවබෝධයකුත් තියෙනවා. මෑතකදී බයිබලයේ ඉපැරණි අත්පිටපත් සෑහෙන ප්‍රමාණයක් හොයාගෙනත් තියෙනවා. ඒ නිසා මුල් බයිබලයේ තිබුණු තොරතුරු වඩාත් නිවැරදිව තේරුම් අරන් ඒවා බයිබලයට ඇතුළත් කරන්න විශාරදයන්ට දැන් පුළුවන්කම තියෙනවා.

විවිධ බයිබල් පරිවර්තන තියෙන එක ඇත්තටම ප්‍රයෝජනවත්. හැබැයි සමහර පරිවර්තන ගැන අපි පරිස්සම් වෙන්න ඕනේ.a කෙනෙක් බයිබලය පරිවර්තනය කරන්නේ ඇත්තටම දෙවියන් ගැන එයාගේ හිතේ තියෙන ආදරේ නිසා නම් ඒ වගේ පරිවර්තනයකින් සෑහෙන ප්‍රයෝජන ගන්න පුළුවන්.

බයිබලය ඔයාගේ භාෂාවෙන් කියවන්න කැමති නම් www.pr418.com/si කියන අපේ වෙබ්අඩවියට ගිහින් ප්‍රකාශන > බයිබලය යටතේ බලන්න.

a මේ සඟරාවේ 2008 මැයි 1 කලාපයේ පල වුණු “නිවැරදි බයිබල් පරිවර්තනයක් තෝරාගන්නා අයුරු” කියන ලිපිය බලන්න.

දෙවියන්ගේ පරිශුද්ධ නාමය

යේසුස්ගේ කාලෙට අයිති ග්‍රීක “සෙප්ටුඅජින්ට්” අත්පිටපතක කොටසක දෙවිගේ නම සඳහන් වෙන ආකාරය

යේසුස්ගේ කාලේ පාවිච්චි කරපු ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පිටපතක දෙවියන්ගේ නාමය දැක්වෙන අයුරු

‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනයේ’ හෙබ්‍රෙව් ලියවිලිවලත් ග්‍රීක ලියවිලිවලත් යෙහෝවා කියන දෙවියන්ගේ නම සඳහන් වෙලා තියෙනවා. ඒත් දැන් තියෙන හුඟක් බයිබල්වල ඒ නම සඳහන් වෙන්නේ නැහැ. දෙවියන්ගේ නම වෙනුවට “ස්වාමීන්” කියලයි ඒවාවල සඳහන් වෙන්නේ. එහෙම කරන්න එක හේතුවක් තමයි දෙවියන්ගේ නම නියෝජනය කරපු හෙබ්‍රෙව් ගාත්‍රාක්ෂර හතර (YHWH) ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පරිවර්තනයේ සඳහන් වෙන්නේ නැති එක කියලා සමහර පරිවර්තකයන් කියනවා. ඒක ඇත්තද?

20වෙනි සියවස මැදදී යේසුස්ගේ කාලේ පාවිච්චි කරපු ග්‍රීක “සෙප්ටුඅජින්ට්” පිටපතක කොටස් හොයාගත්තා. ඒකෙ දෙවියන්ගේ නම නියෝජනය කරන හෙබ්‍රෙව් ගාත්‍රාක්ෂර හතර සඳහන් වෙනවා. පේන විදිහට පස්සේ කාලෙකදී පිටපත්කරුවන් දෙවියන්ගේ නම ඉවත් කරලා ඒ වෙනුවට “ස්වාමීන්” කියන අර්ථය තියෙන “කිරියොස්” කියන ග්‍රීක වචනය යොදලා තියෙනවා. ඒත් ‘ශුද්ධ බයිබලය නව ලොව පරිවර්තනයේ’ දෙවියන්ගේ නම ඒක තියෙන්න ඕනෙ හැම තැනකම සඳහන් කරලා තියෙනවා.

බයිබලයේ තියෙන අදහස් වෙනස් වෙලාද?

මළ මුහුද අසලින් හොයාගත්ත යෙසායාගේ ලියවිල්ල

මළ මුහුද අසලින් හොයාගත්ත අවුරුදු 2,000ක් පැරණි යෙසායාගේ ලියවිල්ලේ තොරතුරු අද තියෙන ශුද්ධ ලියවිල්ලේ තොරතුරුවලට බොහෝදුරට සමානයි

බයිබලය පිටපත් කරපු අය අතින් යම් අත්වැරදීම් වෙලා තියෙනවා. ඒත් ඒ වැරදි නිසා බයිබලයේ තියෙන අදහස් වෙනස් වෙලා නැහැ. “ක්‍රිස්තියානීන්ගේ විශ්වාසයන් පදනම් වුණු මූලික ඉගැන්වීම් එකක්වත් වෙනස් වෙලා නැහැ.”—Our Bible and the Ancient Manuscripts.

යුදෙව් පිටපත්කරුවන් අතින් තමයි අඩුවෙන්ම අත්වැරදීම් වෙලා තියෙන්නේ. “එයාලා මුල් සියවස්වලදී හෙබ්‍රෙව් ශුද්ධ ලියවිල්ල නිවැරදිවම පිටපත් කළා.”—Second Thoughts on the Dead Sea Scrolls.

මළ මුහුද අසලින් හොයාගත්ත යෙසායාගේ ලියවිල්ල කලින් හොයාගත්ත ලියවිලිවලට වඩා අවුරුදු 1,000ක් පරණයි. ඒක අද තියෙන බයිබලේ තොරතුරු එක්ක සසඳලා බලද්දී ඔප්පු වුණේ මොනවාද? “අලුතෙන් වචනයක් එකතු වෙලා හරි අඩු වෙලා හරි තිබුණේ කලාතුරකින්.”—The Book. A History of the Bible.

ඒ තරම් සැලකිලිමත් වෙලා නැති පිටපත්කරුවන් අතින් සමහර අකුරු, වචන නැත්නම් වාක්‍ය එහා මෙහා වෙලා තිබුණත් ඒවා දැන් ලේසියෙන්ම හඳුනගන්නත් නිවැරදි කරන්නත් පුළුවන් වෙලා තියෙනවා. “මෙතෙක් හොයාගෙන තියෙන ඉපැරණි පොත්වලට වඩා ග්‍රීක ලියවිල්ල නිවැරදියි කියලා ඔප්පු කරන්න ඕනෙ තරම් සාක්ෂි තියෙනවා.”—The Books and the Parchments.

“බයිබලය ගැන ඒ තරම් විශ්වාසයක් නැති අයට වුණත් බයිබලයේ තියෙන නිවැරදිභාවය ගැන සැකයක් තියාගන්න අවශ්‍ය නැහැ. මොකද ඊජිප්තුවෙන් හොයාගත්ත ශුද්ධ ලියවිල්ලේ පැරණිම අත්පිටපතක් අද තියෙන ශුද්ධ ලියවිල්ලත් එක්ක සසඳලා බලද්දී ඒකෙ නිවැරදිභාවය පැහැදිලිව පේනවා. කොයි තරම් වාර ගාණක් පිටපත් කරලා තිබුණත් කොයි තරම් වාර ගාණක් මුද්‍රණය කරලා තිබුණත් ශුද්ධ ලියවිල්ලේ අදහස්වල කිසිම වෙනසක් වෙලා නැහැ.”—The Book. A History of the Bible.

බයිබලයේ අදහස් වෙනස් වෙලා නැහැ!

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න