ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 2 10-11 පි.
  • ළඟදීම ඉටු වෙන පොරොන්දු!

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ළඟදීම ඉටු වෙන පොරොන්දු!
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ‘එය එලෙසින්ම සිදු වන්නේය’
  • දෙවිගේ මිතුරන් පාරාදීසයක ජීවත් වෙන්න යනවා
    දෙවිගේ මිතුරා වන්න ඔබටත් පුළුවන්!
  • බලාපොරොත්තුවක් ඇතුව සිටීම
    2018 පිබිදෙව්!
  • සියලුම ජනයා එකිනෙකාට ප්‍රේම කරන කල
    1998 පිබිදෙව්!
  • දුක් වේදනා නිමා වන අයුරු
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 2 10-11 පි.
කඳුවැටිය දෙස බලා සිටින කෙනෙක්

ළඟදීම ඉටු වෙන පොරොන්දු!

දේවරාජ්‍යය ගැන ශුභාරංචිය පොළොව පුරාම දේශනා කරනවා කියලා යේසුස් කිව්වා. ඒ අනාවැකිය අද ඒ විදිහටම ඉටු වෙනවා. (මතෙව් 24:14) දේවරාජ්‍යය කියන්නේ දෙවියන්ගේ පාලනය යටතේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුවක් කියලා බයිබලයේ දානියෙල් කියන පොතේ සඳහන් වෙනවා. බැබිලෝනියේ සිට අද දක්වා බිහි වුණ ලෝක අධිරාජ්‍යයන්ගේ නැඟීම සහ වැටීම ගැන අනාවැකියකුත් දානියෙල් පොතේ සඳහන් වෙනවා. මිනිස් පාලනයන්ට ළඟදීම වෙන දේ ගැන දානියෙල් 2:44 මෙහෙම කියනවා.

“ස්වර්ගයේ දෙවි කිසිදාක විනාශ නොවන රාජ්‍යයක් පිහිටුවයි. එය වෙන සෙනඟක් අතට පත් නොවෙයි. එම රාජ්‍යය ඒ සියලු රාජ්‍යවල් පොඩි කර නැති කර දමයි. නමුත් එය සදහටම පවතියි.”

එතන කියන විදිහට දෙවියන්ගේ රාජ්‍යයෙන් හැම ආණ්ඩුවක්ම නැති කරලා සදහටම මේ පොළොව පාලනය කරනවා. අද තියෙන අස්ථාවර තත්වය වෙනුවට එදාට තියෙන්න යන්නේ සන්සුන් සාමකාමී තත්වයක්. එදාට දෙවියන් මේ පුදුමාකාර පොරොන්දුත් ඉටු කරනවා.

  • අතට අත දෙනවා

    යුද්ධ නැති කාලයක්

    ගීතාවලිය 46:9. ‘දෙවි පොළොවේ සිදු වන සියලු යුද්ධ නවත්වා දමන්නේය. දුන්න බිඳ හෙල්ලය කැබලිවලට කඩා දමන්නේය. යුධ රථ ගිනිබත් කරන්නේය.’

    අද අවිආයුධ නිපදවන්න යොදාගන්න සල්ලි, විශේෂඥ දැනුම මිනිසුන්ගේ යහපත වෙනුවෙන් යෙදෙව්වා නම් ලෝකයේ තත්වය මොන තරම් වෙනස් වෙයිද? දේවරාජ්‍යය පොළොව පාලනය කරද්දී කිසිම කෙනෙක් යුද්ධ කරන්නේවත් අවිආයුධ නිපදවන්නේවත් නැහැ.

  • කඳු නඟිනවා

    අසනීප නැති කාලයක්

    යෙසායා 33:24. “කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”

    පිළිකා, හෘද රෝග, දියවැඩියාව වගේ අසනීප නිසා අද කීදෙනෙක් නම් දුක් විඳිනවාද? ඒත් ළඟදීම හැමෝටම නිරෝගී සෞඛ්‍යයක් ලැබෙනවා. කිසිම ලෙඩක් දුකක් නැති ඒ කාලෙදී බෙහෙත්, ඉස්පිරිතාල අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක මොන තරම් ප්‍රීතිමත් කාලයක් වෙයිද!

  • ආහාර

    ආහාර හිඟයක් නැති කාලයක්

    ගීතාවලිය 72:16. “පොළොව ධාන්‍යවලින් පිරී ඉතිරී යයි. කඳු මුදුන් ධාන්‍යවලින් වැසී යයි.”

    එදාට කිසිම කෙනෙක් බඩගින්නේ ඉන්නේවත් මන්දපෝෂණයෙන් පෙළෙන්නේවත් නැහැ. හැම කෙනෙක්ටම ඇති තරම් කෑම බීම තියෙනවා.

  • පවුලක්

    දුක, වේදනාව, මරණය නැති කාලයක්

    එළිදරව් 21:4. “දෙවි ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන්නේය. මරණයද තවත් නොවන්නේය. වැලපීමද හැඬීමද වේදනාවද තවත් නොවන්නේය. මන්ද කලින් සිදු වූ දේවල් පහව ගොස් ඇත.”

    අපි හැමෝටම පාරාදීස පොළොවක ලෙඩක් දුකක් නැතුව හැමදාටම සතුටින් ජීවත් වෙන්න ලැබෙනවා. අපිව නිර්මාණය කරපු යෙහෝවා දෙවියන් අපිට දෙන්න පොරොන්දු වෙන්නේ ඒ වගේ අනාගතයක්.

‘එය එලෙසින්ම සිදු වන්නේය’

ඒ වගේ කාලයක් ඇත්තටම එයි කියලා හිතන්න පුළුවන්ද? සමහරු බයිබලයේ තියෙන ඒ ලස්සන පොරොන්දු ඉටු වෙන කල් ආසාවෙන් බලාගෙන ඉන්නවා. හැබැයි තවත් අයට කිසිම දුකක්, කරදරයක් නැතුව මේ පොළොවේ සදහටම ජීවත් වෙන්න ලැබෙනවා කියන එක හීනයක් වගෙයි. කිසිම කෙනෙක් ඒ වගේ ජීවිතයක් අද්දැකලා නැති නිසා එහෙම හිතන එකේ පුදුමයක් නැහැ.

දන්න දවසේ ඉඳලා අපි දකින්නේ මිනිස්සු ඉපදිලා, ලෙඩ වෙලා, දුක් විඳලා මැරිලා යන එක. ඒ නිසා මිනිස්සු හිතන්නේ දුක, වේදනාව අපි හැමෝටම උරුම දෙයක් කියලා. හැබැයි යෙහෝවා දෙවියන් මුලින්ම මිනිසුන්ව නිර්මාණය කරද්දී එයාලට දුන්නේ ඊට වඩා හාත්පසින්ම වෙනස් ජීවිතයක්.

තමන් පොරොන්දු වෙලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම ඉටු කරනවා කියලා යෙහෝවා දෙවියන් බයිබලයේ කියලා තියෙනවා. ඔහුම ඒ ගැන මේ විදිහට සහතික කරනවා. “මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය. එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත. මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය. මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.”—යෙසායා 55:11.

බයිබලයේ යෙහෝවා දෙවියන්ව හඳුන්වලා තියෙන්නේ “කිසි බොරුවක් නොපවසන දෙවි” කියලයි. (තීතස් 1:2) එහෙමනම් දෙවියන් පොරොන්දු වෙලා තියෙන දේවල් අනිවාර්යයෙන්ම ඉටු වෙනවා කියලා කිසිම සැකයක් නැහැ. ඒ නිසා අපි හැමෝම මේ ප්‍රශ්න ගැන හිතලා බලන එක ඥානවන්ත දෙයක් නෙමෙයිද? ඇත්තටම අපිට පාරාදීස පොළොවක සදාකාලයටම ජීවත් වෙන්න ලැබෙයිද? ඒ වගේ කාලෙක ජීවත් වෙන්න නම් අපි කරන්න ඕනෙ මොනවාද? ඒ ප්‍රශ්නවලට උත්තර දැන් අපි බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න