ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 8/12 3 පි.
  • සේවා පාසැල් පුනරීක්ෂණය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා පාසැල් පුනරීක්ෂණය
  • 2012 අපගේ රාජ්‍ය සේවාව
2012 අපගේ රාජ්‍ය සේවාව
km 8/12 3 පි.

සේවා පාසැල් පුනරීක්ෂණය

පහත සඳහන් ප්‍රශ්න 2012 අගෝස්තු 27න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.

1. සත්‍ය නමස්කාරය අත්හැරිය යූදාවරුන් ගැන එසකියෙල් දුටු දර්ශනයෙන් නියෝජනය වුණේ මොකක්ද? ඉන් අපට ඉගෙනගන්න පුළුවන් මොකක්ද? (එස. 8:15-17) [ජූලි 2, w07 7/1 13 පි. 6 ඡේ.; w93 1/15 27-28 පි. 7, 12 ඡේ.; w99 12/15 8 පි. 1, 2 ඡේ.]

2. එසකියෙල්ගේ කාලයේ හිටපු බොරු අනාගතවක්තෘවරුන් මෙන් අද සිටින ආගමික නායකයන් කරන්නේ මොකක්ද? (එස. 13:3, 7) [ජූලි 9, w99 10/1 13 පි. 14-15 ඡේ.]

3. එසකියෙල් 17:22-24හි සඳහන් අනාවැකියට අනුව ‘රිකිලි අතරින් ළපටි රිකිල්ල’ කවුද? ඒ රිකිල්ල සිටුවනු ලබන “උස් කන්ද” මොකක්ද? එය “දැවැන්ත දේවදාර ගසක් බවට පත් වන්නේ” කොහොමද? [ජූලි 16, w07 7/1 12-13 පි. 6 ඡේ.]

4. එසකියෙල් 18:2හි සඳහන් කියමනට අනුව එසකියෙල් සමඟ වහල්භාවයේ සිටි අය අද්දකිමින් සිටි පීඩාවලට හේතුව කවුරු කියාද ඔවුන් පැවසුවේ? එයින් අප ඉගෙනගන්නා වැදගත් පාඩම මොකක්ද? [ජූලි 23, w89 2/1 9 පි. 10 ඡේ.; w07 7/1 13 පි. 20 ඡේ.]

5. මිනිසුන්ටවත් භූතයන්ටවත් දෙවිගේ අරමුණට බාධා කරන්න බැරි බව එසකියෙල් 21:18-22හි සඳහන් සිද්ධියෙන් පැහැදිලි වෙන්නේ කොහොමද? [ජූලි 30, w07 7/1 14 පි. 4 ඡේ.]

6. . එසකියෙල් 24:6, 11, 12හි සඳහන් හැළියේ ඇති මලකඩවලින් නියෝජනය වෙන්නේ මොකක්ද? ඒ වගේම 14වන පදයේ ඇති ප්‍රතිපත්තිය මොකක්ද? [අගෝ. 6, w07 7/1 14 පි. 2 ඡේ.]

7. තීර් නුවරට විරුද්ධව දෙවි කී අනාවැකිය ඉටු වුණේ කොහොමද? [අගෝ. 6,

it-1-E 70 පිටුවේ කොටුව; bsi02 එසකියෙල් පොත 4 ඡේ.; w08 1/1 23 පි. 1 ඡේ.]

8. ‘තීර්හි රජට’ මෙන්ම දෙවිට ද්‍රෝහි වූ සාතන්ට අදාළ වෙන්නේ එසකියෙල් 28:2, 12-17හි සඳහන් මොන දේවල්ද? [අගෝ. 13, w05 10/15 23-24 පි. 10-14 ඡේ.; it-2-E 604 පි. 4-5 ඡේ.]

9. ඊජිප්තුවේ වසර 40ක පාළුවීම ඇරඹුණේ කවදාද? එය ඇත්තටම සිදු වූ බවට තිබෙන සාක්ෂි මොනවාද? (එස. 29:8-12) [අගෝ. 13, w07 8/1 8 පි. 5 ඡේ.]

10. මිනිසුන් සවන් දුන්නත් නැතත් පැමිණෙන විනාශය ගැන ඔවුන්ට අනතුරු ඇඟවීම එසකියෙල් නතර කළේ නැහැ. අපේ අධිෂ්ඨානය විය යුත්තේ කුමක්ද? මිනිසුන් අවසානයේදී වටහාගත යුත්තේ කුමක්ද? (එස. 33:31-33) [අගෝ. 20, w03 6/1 22 පි. 17 ඡේ.]

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න