සේවා පාසැල් පුනරීක්ෂණය
පහත සඳහන් ප්‍රශ්න 2013 පෙබරවාරි 25න් පටන්ගන්නා සතියේ පැවැත්වෙන සේවා පාසැලේදී සලකා බලයි. එක් එක් ප්‍රශ්නයට අදාළ තොරතුරු සාකච්ඡා කරන සතිය කොටු වරහන් තුළ සඳහන් කර තිබෙනවා. ඒ, සෑම සතියකම සේවා පාසැල සඳහා සූදානම් වන විට තොරතුරු සෙවීම සඳහායි.
1. “වැලපෙමින් සිටින අය සන්තෝෂ” වෙනවා කියලා යේසුස් කිව්වෙ ඇයි? (මතෙ. 5:4) [ජන. 7, මු09 2/15 6 පි. 6 ඡේ.]
2. ‘වරදට පෙලඹීමට ඉඩ නොදෙන්න’ කියලා යාච්ඤා කරන්න යේසුස් ඉගැන්නුවේ ඇයි? (මතෙ. 6:13) [ජන. 7, මු04 2/1 16 පි. 13 ඡේ.]
3. “මනුෂ්‍ය පුත්‍රයා එන තෙක්” ඊශ්‍රායෙලය පුරා සංචාරය කළත් එහි සෑම නුවරකටම යන්න ඔහුගේ ගෝලයන්ට බැරි වෙනවා කියලා යේසුස් කිව්වේ ඇයි? (මතෙ. 10:23) [ජන. 14, මු10 9/15 9 පි. 12 ඡේ.; ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා 50වන පාඩම 6 ඡේ.]
4. අබ ඇටය ගැන යේසුස් කියපු උපමාවේ මූලික කරුණු දෙක මොකක්ද? (මතෙ. 13:31, 32) [ජන. 21, මු08 7/15 17-18 පි. 3-8 ඡේ.]
5. ‘ඔබ වෙනස් වී කුඩා දරුවන් හා සමාන වන්නේ නැත්නම් ඔබට ස්වර්ග රාජ්‍යයට ඇතුල් වන්න කිසි ලෙසකින්වත් හැකි වන්නේ නැහැ’ කියලා යේසුස් කිව්වා. (මතෙ. 18:3) ඒකෙන් යේසුස් උගන්නපු පාඩම මොකක්ද? [ජන. 28, මු07 2/1 9 පි. 2-3 ඡේ.]
6. “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියලා යේසුස් කිව්වා. (මතෙ. 26:63, 64) ඒකෙ තේරුම මොකක්ද? [පෙබ. 11, මු11 6/1 18 පි.]
7. “සබත් දවස පවතින්නේ මනුෂ්‍ය පුත්‍රයාගේ බලය යටතේයි” කියන එකේ තේරුම මොකක්ද? (මාක් 2:28) [පෙබ. 18, මු08 2/15 28 පි. 7 ඡේ]
8. යේසුස් තමාගේ මව සහ සහෝදරයන් ගැන මාක් 3:31-35හි සඳහන් ආකාරයට කතා කළේ ඇයි? අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොකක්ද? [පෙබ. 18, මු08 2/15 29 පි. 5 ඡේ.]
9. මාක් 8:22-25 දක්වා වාර්තා කරන විදිහට යේසුස් අන්ධ මිනිසාට පෙනීම දුන්නේ ටිකෙන් ටික. අපිට ඒකෙන් ඉගෙනගන්න පුළුවන් මොනවද? [පෙබ. 25, මු00 2/15 17 පි. 7 ඡේ.]
10. මාක් 8:32-34 දක්වා පේතෘස්ට යේසුස් කියපු දෙයින් අපි ඉගෙනගන්නේ මොනවද? [පෙබ. 25, මු08 2/15 29 පි. 6 ඡේ.]