මාර්තු 4න් පටන්ගන්නා සතිය සඳහා වැඩසටහන
මාර්තු 4න් පටන්ගන්නා සතිය
ගීතිකා අංක 123 සහ යාච්ඤාව
□ සභා බයිබල් පාඩම:
සාක්ෂියක් දෙමු 14වන පරි. 11-20 ඡේ. (විනා. 30යි)
□ සේවා පාසැල:
බයිබල් කියවීම: මාක් 9-12 (විනා. 10යි)
අංක 1: මාක් 11:19–12:11 (විනා. 4ක් හෝ ඊට අඩුවෙන්)
අංක 2: මුල් නිර්මාණය කාගෙද?—ගෞරවය හිමි විය යුත්තේ කාටද?—සියල්ල ඇති වුණේ අහම්බෙන්ද සඟරාව 14, 15 පි. (විනා. 5යි)
අංක 3: අපේ ජීවිතය දෙවිට කැප කිරීමෙන් සන්තෝෂය ලැබෙන්නේ ඇයි?—ක්‍රියා 20:35 (විනා. 5යි)
□ සේවා රැස්වීම:
විනා. 10: මාර්තු මාසයේ සඟරා ඉදිරිපත් කිරීමට සූදානම් වෙන්න. සාකච්ඡාවක්. පහත සඳහන් ප්‍රශ්නවලට සබයෙන් අදහස් ලබාගන්න. සති අන්තයේ ආරාධනා පත් බෙදාහරින විට සඟරා දෙන්නේ කොයි අවස්ථාවේද කියලා තීරණය කරන්නේ කොහොමද? ආරාධනා පත දීලා ඊළඟට සඟරාව දෙන්න කලින් මොනවද කියන්න පුළුවන්? සඟරාව ඉදිරිපත් කිරීමට දී තිබෙන යෝජනාවේ ප්‍රශ්නයක් හා බයිබල් පදයක් තිබුණත් එය කෙටියෙන් කියන්නේ කොහොමද? ආරාධනා පත සමඟ සඟරා ඉදිරිපත් කළ හැකි ආකාර වෙන වෙනම නිරූපණය කරන්න.
විනා. 10: දිනපතා ශුද්ධ ලියවිලි පරීක්ෂා කිරීම—2013. සාකච්ඡාවක්. තුන්වන සහ හතරවන පිටුවල වාර්ෂික පදය ගැන ඇති අදහස් සහ පස්වෙනි පිටුවේ ඇති “මේ පොත පාවිච්චි කරන්නේ කොහොමද?” යන කොටස කෙටියෙන් සලකා බලන්න. ඉන්පසු සබයේ සිටින අය දිනපදය සාකච්ඡා කරන්නේ කොහොමද කියාත් ඉන් ලබා ඇති ප්‍රයෝජන ගැනත් කීමට අවස්ථාව දෙන්න. සෑම දිනකම දිනපදය සාකච්ඡා කිරීමට හැමෝවම දිරිගන්වමින් අවසන් කරන්න.
විනා. 10: සභා අවශ්‍යතා.
ගීතිකා අංක 119 සහ යාච්ඤාව