යහපත් ක්‍රිස්තියානීන් වෙමු
සැබෑ ක්‍රිස්තියානීන්ව හඳුනාගන්න ලකුණ ප්‍රේමයයි - එකමුතුකම රැකගන්න
ඒක වැදගත් ඇයි? මැරෙන්න කලින් රාත්‍රියේ යාච්ඤා කරද්දී යේසුස් කිව්වා ගෝලයන් අතරේ “සැබෑ සමඟියක් හා එකමුතුකමක්” දකින්න ලැබෙයි කියලා. (යොහ 17:23) දිගටම එකමුතුකම රැකගන්න නම් අපි ‘අමනාපයක් සිතේ’ තියාගන්නේ නැතුව ඉන්න ඕනේ.—1කොරි 13:5.
ඒක කරන්නේ කොහොමද?
යෙහෝවා දෙවි වගේ අනිත් අයගේ හොඳ පැති ගැන හිතන්න
කැමැත්තෙන්ම සමාව දෙන්න
වරදකට සමාව දුන්නාට පස්සේ ආපහු ඒක මතක් කරන්න එපා.—හිතෝ 17:9
‘ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න - අමනාපය සිතේ තබාගන්න එපා’ කියන වීඩියෝ එක බලලා මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න.
මුල් වීඩියෝ එකේදී හෙලන් ‘අමනාපයක් හිතේ’ තියන් හිටියා කියලා පැහැදිලි වුණේ කොහොමද?
දෙවෙනි වීඩියෝ එකේදී හෙලන් වැරදි සිතුවිලිවලට ඉඩ දෙනවා වෙනුවට හරි විදිහට හිතන්න පෙලඹුණේ කොහොමද?
අන්තිමේදී හෙලන් සභාවේ සාමයට දායක වුණේ කොහොමද?
අමනාපයක් හිතේ තියාගන්න එකෙන් වැඩියෙන්ම වේදනාවට පත් වෙන්නේ කවුද?