-
උත්පත්ති 28:16ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
16 එවිට යාකොබ් අවදි වී මෙසේ කීවේය. “සැබවින්ම යෙහෝවා දෙවි මේ ස්ථානයේ සිටිනවා. එහෙත් මම එය දැන සිටියේ නැහැ.”
-
-
2 සාමුවෙල් 7:23ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
23 ඔබේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ට සමාන තවත් ජාතියක් සිටීද?+ ඔබ ඔවුන්ව ඔබේ සෙනඟ කරගන්නා පිණිස ඔවුන්ව ගලවාගෙන+ ඔවුන් වෙනුවෙන් බිය උපදවන පුදුමාකාර දේවල් කළා.+ එසේ කිරීමෙන් ඔබ ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක් ඇති කරගත්තා.+ ඔබ ඊජිප්තුවෙන් බේරාගත්+ ඔබේ සෙනඟ වෙනුවෙන් අවට ජාතීන්වත් ඔවුන්ගේ දෙවිවරුන්වත් දේශයෙන් පන්නා දැමුවා.
-