ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 14:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 එහෙත් ඊජිප්තු දේශයේදී හා පාළුකරයේදී මා පෙන්වූ ලකුණු+ හා මාගේ තේජස+ දැක තිබියදීත් මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා අනන්ත වාරයක්* මාව සෝදිසි කර බලමින්+ මට අකීකරු වූ මේ සෙනඟට,+

  • ගීතාවලිය 78:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔවුහු කෑදර ලෙස කෑම ඉල්ලමින්,+

      දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා පරීක්ෂා කළෝය.+

  • ගීතාවලිය 95:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  9 ඔවුන් මාගේ ක්‍රියා දැක තිබුණත්+

      එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා ඔවුහු පරීක්ෂා කර බැලුවෝය.+

  • ගීතාවලිය 106:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 පාළුකරයේදී ඔවුන්ගේ ආත්මාර්ථකාමී ආශාවන් ඉස්මතු විය.+

      දෙවි ඔවුන් වෙනුවෙන් මැදිහත් වී ක්‍රියා කරයිද නැද්ද කියා ඔවුහු දෙවිව පරීක්ෂා කර බැලුවෝය.+

  • ලූක් 4:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 එවිට යේසුස් ඔහුට මෙසේ පිළිතුරු දුන්නේය. “‘ඔබේ දෙවි වන යෙහෝවා ඔබ වෙනුවෙන් මැදිහත් වෙයිද නැද්ද කියා පරීක්ෂා නොකළ යුතුයි’ කියාද සඳහන් වී තිබෙනවා.”+

  • 1 කොරින්ති 10:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 යෙහෝවා දෙවි තමන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා ඔවුන්ගෙන් සමහරුන් දෙවිව පරීක්ෂා කළා සේ+ අපිත් ඔහු අප වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා නොකරමු.+ එසේ කළ නිසා සර්පයන් ඔවුන්ට දෂ්ට කළ අතර ඔවුහු මිය ගියෝය.+

  • හෙබ්‍රෙව් 3:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔවුන් අවුරුදු හතළිහක් පුරා+ මාගේ ක්‍රියා දැක තිබුණත්+ එහිදී මා ඔවුන් වෙනුවෙන් මැදිහත් වෙයිද කියා පරීක්ෂා කිරීමෙන් ඔවුහු මට අභියෝග කළෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න