ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:25
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 25 යෙහෝවා දෙවි ඔබේ සතුරන්ගේ අතට ඔබව හසු කර දෙයි.+ සතුරන්ට පහර දෙන්න ඔබ එක් දිශාවකින් ගියත් දිශා හතකින් පලා දුවන්න ඔබට සිදු වෙයි. ඔබට සිදු වන විනාශය මොන තරම්ද කිව්වොත් එය දකින පොළොවේ සියලු ජාතීන් පවා බියෙන් වෙවුලයි.+

  • විනිශ්චයකරුවෝ 2:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ඒ ගැන බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව කොල්ලකරුවන් අතට හසු වීමට ඉඩහැරියේය.+ එම කොල්ලකරුවෝ ඔවුන්ගෙන් බොහෝ දේවල් කොල්ල කෑවෝය. මෙසේ ඔවුන්ව යටත් කරගැනීමට අවට ජාතීන්ට දෙවි ඉඩහැරියේය.+ තවදුරටත් ඒ සතුරන්ට එරෙහිව නැඟී සිටීමට ඔවුන්ට හැකියාවක් නොතිබිණ.+

  • 1 සාමුවෙල් 4:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඉන්පසු පිලිස්තිවරු සටනට පිටත්ව ගියෝය. ඊශ්‍රායෙල්වරු අන්ත පරාජයට පත් වී+ තම තමන්ගේ කූඩාරම් වෙත පලා ගියෝය.+ එදින විශාල සෙනඟක් පිලිස්තිවරුන්ගේ අතින් මැරුම් කෑවෝය.+ ඊශ්‍රායෙල්වරුන්ගේ පාබළ හමුදාවෙන් තිස්දහසක්ම මිය ගියෝය.+

  • විලාප ගී 2:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 යෙහෝවා දෙවි තමා තීරණය කළ ලෙසම ක්‍රියා කළේය.+ ඔහු පැවසූ දේ ඒ අයුරින්ම ඉටු කළේය.+

      අතීතයේදී ඔහු අනතුරු ඇඟවූ ලෙසම ක්‍රියා කළේය.+ ඔහු කිසි අනුකම්පාවක් නොපෙන්වා සියල්ල විනාශ කළේය.+

      ඔබේ විපත දැක සතුරන්ට ප්‍රීති වීමට ඔහු ඉඩහැරියේය.+ ඔවුන්ව ඔබට වඩා බලවත් කළේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න