2 රාජාවලිය 17:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය. 2 රාජාවලිය 17:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+ 2 රාජාවලිය 25:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 ඉන්පසු ලොකු කුඩා සියලුදෙනා ඇතුළු හමුදාපතීහුද කල්දිවරුන්ට භය වී+ ඊජිප්තුවට පලා ගියෝය.+ 2 ලේකම් 36:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+
6 හෝෂෙයා රජුගේ පාලන සමයේ නවවන අවුරුද්දේදී ඇසිරියාවේ රජ සමාරිය යටත් කරගත්තේය.+ ඉන්පසු ඊශ්‍රායෙල්වරුන්ව ඇසිරියාවට රැගෙන ගියේය.+ ඔහු ඔවුන්ව හලා නම් ස්ථානයේද+ ගෝසාන් ගඟ+ අසල පිහිටි හාබොර් නම් ස්ථානයේද මේදියවරුන්ට අයත් නුවරවලද+ පදිංචි කරවීය.
23 අවසානයේදී යෙහෝවා දෙවි, තම සේවකයන් වූ සියලු අනාගතවක්තෘවරුන් මාර්ගයෙන් පවසා තිබූ පරිදි+ තම අනුමැතිය ඊශ්‍රායෙල්වරුන් වෙතින් ඉවත් කර ඔවුන්ව දේශයෙන් පන්නා දැමුවේය.+ එබැවින් ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් ලෙස ඇසිරියාවට ගෙන යන ලදි. ඔවුහු අද දක්වාම එහි සිටිති.+
20 මීට අමතරව කඩු පහරින් මිය නොගිය අයව ඔහු වහලුන් ලෙස බැබිලෝනියට ගෙන ගියේය.+ එසේ වහල්කමට ගිය සියලුදෙනා පර්සියාවේ රාජකීය පාලනය+ පටන්ගන්නා තෙක් ඔහුටත් ඔහුගේ පුත්‍රයන්ටත් සේවය කළෝය.+