ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 32:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 සෙනඟ පසුවදා පාන්දරින්ම නැඟිට රූපය ඉදිරියේ දවන පූජාද හවුල් පූජාද ඔප්පු කළෝය. ඉන්පසු ඔවුහු ඒ අවට ඉඳගෙන කා බී විනෝද වීමට පටන්ගත්තෝය.+

  • ද්විතීය කතාව 32:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 එසේ පෝෂණය වී තර වූ පසු යෙෂුරූන්*+ කැරලිකාර වී පයින් ගැසුවේය.+

      අනේ යෙෂුරූන්, හොඳින් කා බී උස් මහත්+ වූ පසු

      ඔබව ඇතිදැඩි කළ දෙවිව ඔබ අත්හැරියෙහිය.+

      ඔබට ගැලවීම ලබා දුන් පර්වතය+ සුළු කොට තැකුවෙහිය.

  • විනිශ්චයකරුවෝ 2:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මෙසේ ඔවුහු තම පියවරුන්ව ඊජිප්තු දේශයෙන් නිදහස් කරගෙන ආ යෙහෝවා දෙවිව අත්හැර,+ අවට ජාතීන් නමස්කාර කළ දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ට වැඳුම්පිදුම් කිරීමට පටන්ගත්තෝය.+ ඔවුන් එසේ ක්‍රියා කළ නිසා යෙහෝවා දෙවි ඔවුන් සමඟ උදහස් විය.+

  • 1 රාජාවලිය 11:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 මා එසේ කරන්නේ ඊශ්‍රායෙල්වරුන් මාව අත්හැර+ සීදොන් ජාතිකයන්ගේ දේවතාවිය වන අෂ්ටොරෙත්ටත්+ මෝවබ් ජාතිකයන්ගේ දෙවි වූ කෙමොෂ්ටත්+ අම්මොන් ජාතිකයන්ගේ දෙවි වූ මිල්කොම්ටත්+ නමස්කාර කරන නිසාය. ඔවුහු සලමොන් රජුගේ පියා වූ දාවිත් මෙන් ක්‍රියා කළේ නැත. ඔවුහු මාගේ මඟ පෙන්වීම්වලට අනුව ජීවත් වන්නේවත් මා යහපත්යයි සලකන දේ කරන්නේවත් නැත. ඔවුහු මාගේ පනත් සහ තීන්දු නොසැලකුවෝය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න