ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 28:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “නමුත් මම අද ඔබට කියා දෙන යෙහෝවා දෙවිගේ සියලු අණපනත් පිළිපැදීමට අසමත් වී ඔහුගේ හඬට අකීකරු වුණොත් ඔබ යන යන තැන මෙම ශාප අද්දැකීමට සිදු වන* බව ස්ථිරයි.+

  • විනිශ්චයකරුවෝ 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඊශ්‍රායෙල්වරු යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කිරීමට පටන්ගත් අතර+ බාල් දෙවිවරුන්ටද නමස්කාර කළෝය.+

  • විනිශ්චයකරුවෝ 2:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 නමුත් දෙවි පත් කර සිටි විනිශ්චයකරුවෙකු මිය ගිය පසු ඔවුහු නැවතත් දෙවිව අත්හැර වෙනත් දෙවිවරුන් වෙතට හැරී ඔවුන්ට නමස්කාර කිරීමට පටන්ගත්තෝය.+ ඔවුහු තම පියවරුන්ට වඩා පිළිකුල්සහගත දේවල් කළෝය. ඔවුහු ඒ වැරදි දේවලින් ඉවත් වුණේවත් ඔවුන්ගේ මුරණ්ඩු ආකල්ප වෙනස් කරගත්තේවත් නැත.+

  • විනිශ්චයකරුවෝ 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඒහුද්ගේ මරණයෙන් පසු ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+

  • විනිශ්චයකරුවෝ 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඊශ්‍රායෙල්වරු නැවතත් යෙහෝවා දෙවි පිළිකුල් කරන දේවල් කරන්න පටන්ගත්තෝය.+ එමනිසා මිදියන්වරුන්ට යටත් වී අවුරුදු හතක් ජීවත් වීමට යෙහෝවා දෙවි ඔවුන්ට ඉඩහැරියේය.+

  • නෙහෙමියා 9:28
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “නමුත් ඔවුන්ට සාමකාමී කාලයක් උදා වූ සැණින් ඒ හැම දෙයක්ම ඔවුන්ට අමතක වී ගියා. ඔවුන් නැවතත් ඔබ නපුරුයයි සලකන දේවල් කරන්න පටන්ගත්තා.+ ඒ නිසා ඔබ නැවතත් ඔවුන්ගේ සතුරන් අතින් පීඩා විඳින්න ඔවුන්ට ඉඩහැරියා.+ එවිට ඔවුන් නැවතත් ඔබ වෙතට හැරී ඔබේ උපකාර ඉල්ලා කන්නලව් කළා.+ ඔබත් ස්වර්ගයේ සිට ඔවුන්ට සවන් දී+ ඔබේ අතිමහත් දයාවෙන් ඔවුන්ට ගැලවීම ලබා දුන්නා. දෙවියනි, ඔබ කොතෙකුත් වාර ගණනක් එසේ කර තිබෙනවාද!+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න