ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 පාරාවෝ සෙනඟට යන්න දුන් විට දෙවි ඔවුන්ව පිලිස්තිවරුන්ගේ දේශය මැදින් ගෙන ගියේ නැත. එය කෙටි මාර්ගයක් වුවත් ඔහු ඔවුන්ව ඒ මාර්ගයේ ගෙන ගියේ නැත. මන්ද, “ඊශ්‍රායෙල් සෙනඟට යුද්ධ කරන්න සිදු වුවහොත් ඔවුහු පසුබට වී ආපසු ඊජිප්තුවට හැරී යන්නෝය” කියා දෙවි කීවේය.+

  • යොෂුවා 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 පිලිස්තිවරුන්ට+ හා ගෙෂූර්වරුන්ට+ අයිති ප්‍රදේශ සියල්ලම තවමත් යටත් කරගෙන නැත.+

  • යොෂුවා 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඊජිප්තු දේශයට නැඟෙනහිරෙන් පිහිටි නයිල් ගඟේ අතු ගංගාවේ සිට උතුරේ එක්‍රොන් නගරය+ දක්වා තිබෙන ප්‍රදේශයත් යටත් කරගැනීමට තිබේ. (එම ප්‍රදේශය කලින් කානානිවරුන්ගේ පළාතක්+ ලෙස සලකනු ලැබීය.) එම ප්‍රදේශයේ ගාසා,+ අෂ්දොද්,+ අෂ්කෙලොන්,+ ගාත්+ සහ එක්‍රොන්+ යන නගර පිහිටා තිබේ. එම නගර පාලනය කරනු ලබන්නේ පිලිස්තීය ජාතික අධිපතීන් පස්දෙනෙකු+ විසිනි. අව්විවරු+ ජීවත් වන්නේද එම ප්‍රදේශයේමය.

  • විනිශ්චයකරුවෝ 10:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් කළ මේ දේවල් නිසා බොහෝ සෙයින් උදහස් වූ යෙහෝවා දෙවි+ ඔවුන්ව පිලිස්තිවරුන්ගේ+ හා අම්මොන්වරුන්ගේ+ අතට හසු වීමට ඉඩහැරියේය.+

  • 1 සාමුවෙල් 12:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 නමුත් ඔවුන්ගේ දෙවි වන යෙහෝවාව ඔවුන් අමතක කළා.+ එවිට හාෂොර්හි හමුදාපති වන සිසෙරාගේ+ අතටත් පිලිස්තිවරුන්ගේ+ අතටත් මෝවබ් රජුගේ+ අතටත් දෙවි ඔවුන්ව භාර දුන්නා.*+ ඔවුන් සියලුදෙනා ඊශ්‍රායෙල් සෙනඟට විරුද්ධව සටන් කළා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න