ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 28:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 28 “පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස මම ඔබේ සහෝදරයා වන ආරොන්ව තෝරාගත්තෙමි.+ එහෙයින් ආරොන්වද+ ඔහුගේ පුත්‍රයන් වන නාදාබ්වද අබිහුවද+ එලියාසර්වද ඉතමාර්වද+ ඔබ වෙතට කැඳවන්න.

  • නික්මයාම 39:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 ඔවුහු ශුද්ධස්ථානයේ+ සේවය කරන අය සඳහා නිල් පැහැති නූල්වලින්, රත්නිල් පැහැගැන්වූ ලොම්වලින් හා තද රතු පැහැති රෙදිවලින්+ මනා ලෙස වියන ලද වස්ත්‍ර සෑදුවෝය.+ ඔවුහු ආරොන් සඳහා ශුද්ධ වස්ත්‍ර+ සෑදුවෝය. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ ලෙසම ඔවුහු කළෝය.

  • ලෙවී කතාව 8:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 අන්තිමට ඔහු ආරොන්ගේ හිස මත තෙල් වත් කර ඔහුව අභිෂේක කළේය. ඔහු එසේ කළේ ආරොන්ව පරිශුද්ධ සේවය සඳහා කැප කරන පිණිසය.+

  • ගණන් කතාව 16:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 කෝරාට හා ඔහු සමඟ සිටි සෙනඟට මෝසෙස් මෙසේ කීවේය. “දෙවිගේ අනුමැතිය තිබෙන්නේ කාටද,+ ශුද්ධව සිටින්නේ කවුද,+ දෙවි ඉදිරියට පැමිණිය යුත්තේ කවුද+ කියා යෙහෝවා දෙවිම හෙට උදේට දන්වයි. දෙවි ඉදිරියට යා යුත්තේ ඔහු තෝරාගන්නා තැනැත්තායි.+

  • ගණන් කතාව 17:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 මා තෝරාගන්නා+ තැනැත්තාගේ සැරයටියෙන් පොහොට්ටු හටගනී. ඊශ්‍රායෙල් සෙනඟට තවදුරටත් ඔබට විරුද්ධව+ මැසිවිලි නඟන්න මම ඉඩ නොදෙන්නෙමි. මෙසේ ඔවුන් මට විරුද්ධව නඟන මැසිවිලි+ මම නතර කර දමන්නෙමි.”

  • ගණන් කතාව 17:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ඊට පසුවදා මෝසෙස් සම්මුඛ වීමේ කූඩාරමට ගොස් බැලූ විට ලෙවී ගෝත්‍රය නියෝජනය කළ ආරොන්ගේ සැරයටියෙන් මල් සහ පොහොට්ටුද ඉදුණු ආමන්ඩ් ගෙඩිද හටගෙන තිබිණ.

  • ගීතාවලිය 99:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 මෝසෙස් සහ ආරොන් ඔහුගේ පූජකයෝය.+

      දෙවිගේ නාමයෙන් කන්නලව් කළ අය අතරේ සාමුවෙල්ද සිටියේය.+

      ඔවුහු යෙහෝවා දෙවිට කන්නලව් කළෝය. ඔහුද ඔවුන්ට උත්තර දුන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න