ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:35
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 35 යෙහෝවා දෙවි එවැනි දේවල් කළේ තමන් සැබෑ දෙවි බව ඔබට අවබෝධ කර දෙන පිණිසයි.+ ඇත්තෙන්ම අපේ දෙවි හැර වෙන කිසි දෙවි කෙනෙක් නැහැ.+

  • 2 රාජාවලිය 17:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 එම ජාතීන්ට යෙහෝවා දෙවි කෙරෙහි බියක් තිබුණද+ ඔවුන් නමස්කාර කළේ තමන් සාදාගත් දේවතා රූපවලටය. ඔවුන්ගේ දරුවෝද මුනුපුරෝද එලෙසම ක්‍රියා කළෝය. අද දක්වාම ඔවුහු තම මුතුන්මිත්තන් හා සමානව ක්‍රියා කරති.

  • යෙසායා 42:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 “මාගේ නාමය යෙහෝවාය.+ මට හිමි ගෞරවය වෙන කිසිවෙකු සමඟ මම බෙදා නොගන්නෙමි.+ මට ලැබිය යුතු ප්‍රශංසාව+ දේවතා රූපයකට දීමට ඉඩ නොදෙන්නෙමි.+

  • යෙරෙමියා 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+

  • හොෂෙයා 10:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔවුන්ගේ සිත් කුහකකමින් පිරී තිබේ.+ ඔවුන්ගේ වැරදි හෙළි කරනු ඇත.

      “දෙවි ඔවුන්ගේ පූජාසන කඩා දමා, බොරු නමස්කාරය සඳහා ඔවුන් ඉදි කළ කණු විනාශ කරන්නේය.+

  • මතෙව් 12:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 කෙනෙක් මට පක්ෂව නොසිටියොත් ඔහු මට විරුද්ධව ක්‍රියා කරයි. කෙනෙක් මා සමඟ එක්ව මිනිසුන්ව රැස් කරන්නේ නැත්නම් ඔහු කරන්නේ මගෙන් මිනිසුන්ව ඈත් කිරීමයි.+

  • 1 කොරින්ති 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔබට යෙහෝවා දෙවිගේ කුසලානයෙනුත්+ භූතයන්ගේ කුසලානයෙනුත් බීමට නුපුළුවන. “යෙහෝවා දෙවිගේ මේසයට”+ සහ භූතයන්ගේ මේසයට යන දෙකටම හවුල් වෙන්න ඔබට නුපුළුවන.

  • 2 කොරින්ති 6:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 දෙවිට සේවය නොකරන අය සමඟ බැඳීම් ඇති කර නොගන්න.*+ මන්ද ධර්මිෂ්ඨකම සහ අධර්මිෂ්ඨකම* අතර සම්බන්ධයක් තිබිය හැකිද?+ නැත්නම් ආලෝකය සහ අන්ධකාරය අතර සමානකමක් තිබිය හැකිද?+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න