8 “බහුරීම්+ සිට පැමිණි බෙන්ජමින්වරයෙක් වන ගෙරාගේ පුත් ෂිමෙයි+ ජීවත් වෙන්නේ ඔබට කිට්ටු ස්ථානයකයි. මම මහනායිම්+ බලා ගිය දවසේදී ඔහු ඉතා දුෂ්ට විදිහට මට ශාප කළා.+ නමුත් මාව පිළිගන්න ඔහු යොර්දාන් ගඟ+ ළඟට ආ විට, ‘මම ඔබව කඩුවෙන් මරා දමන්නේ නැහැ’+ කියා යෙහෝවා දෙවිගේ නමින් ඔහුට දිවුරා පොරොන්දු වුණා.