ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 රාජාවලිය 11:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඉන්පසු ඔහු යෙරොබොවම්ට මෙසේ කීවේය.

      “ඔබ මෙයින් කොටස් දහයක් ගන්න. මන්ද ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවා. ‘මම සලමොන්ගේ අතින් රාජ්‍යය උදුරාගන්නෙමි. රාජ්‍යයෙන් ගෝත්‍ර දහයක් මම ඔබේ අතට දෙන්නෙමි.+

  • 1 රාජාවලිය 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඒ කාලයේදී සලමොන් රජු වෙතින් පලා ගිය නෙබාත්ගේ පුත් යෙරොබොවම්+ පදිංචිව සිටියේ ඊජිප්තුවේය. රෙහබෝවම් රජකමට පත් වූ බව යෙරොබොවම්ට එහිදී ආරංචි විය.+

  • 1 රාජාවලිය 12:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 යෙරොබොවම් රජ තමා සෑදූ වසු රූපවලට පූජා ඔප්පු කිරීම සඳහා අටවන මාසයේ පහළොස්වන දිනයේදී යූදා දේශයේ පවත්වන උත්සවයට සමාන උත්සවයක්+ පැවැත්වීමට නියම කළේය. ඔහු බෙතෙල්හිදී+ සෑදූ පූජාසනය මත පූජා ඔප්පු කළ අතර එම පූජාසනය ඉදිරියේ සේවය කරන පිණිස තමන් සෑදූ පූජනීය ස්ථානවල සේවය කරමින් සිටි පූජකයන්වත් එතැනට රැස් කළේය.

  • 1 රාජාවලිය 14:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 එබැවින් මම දැන් ඔබේ ගෙයි වැසියන් පිටට විපතක් ගෙනෙන්නෙමි. ඔබේ පවුලට අයත් ලොකු කුඩා සියලුම පුරුෂයන්ව මම විනාශ කර දමන්නෙමි.+ කිසි කමකට නැති පුරුෂයන්+ එක් කෙනෙකුවත් මම ඊශ්‍රායෙල් දේශයේ ඉතුරු නොකරන්නෙමි.+ ගොම ඉවත් කරන්නාක් මෙන් ඔවුන්වද දේශයෙන් ඉවත් කර දමන්නෙමි.+

  • 2 ලේකම් 11:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 ලෙවී ගෝත්‍රයට අයත් සියලුදෙනා තමන්ට උරුමව තිබූ ඉඩම්+ හා තණබිම්+ අත්හැර යූදා ගෝත්‍රයට අයත් ප්‍රදේශයට හා යෙරුසලමට පැමිණියෝය.+ ඔවුන් එසේ කළේ යෙරොබොවම් රජු+ සහ ඔහුගේ පුත්‍රයන් යෙහෝවා දෙවි ඉදිරියේ පූජකයන් ලෙස සේවය කළ අයව සේවයෙන් ඉවත් කළ නිසාය.+

  • 2 ලේකම් 13:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 අබියා රජ, තෝරාගත් බලසම්පන්න සෙබළුන් හාරලක්ෂයක් සමඟ යුද්ධයට ගියේය.+ යෙරොබොවම් රජද තෝරාගත් එඩිතර හා බලසම්පන්න සෙබළුන් අටලක්ෂයක් සමඟ ඔහුට විරුද්ධව යුද්ධයට පැමිණියේය.+

  • 2 ලේකම් 13:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 අබියා රජුගේ පාලන සමයේදී යෙරොබොවම් රජුට නැවත තම බලය තහවුරු කරගැනීමට නොහැකි විය.+ යෙහෝවා දෙවි යෙරොබොවම් රජුට පහර දුන් නිසා+ ඔහු මිය ගියේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න