ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 35:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 “‘ඔබේ දේශය දූෂ්‍ය වීමට ඉඩ නොදෙන්න. ලේ වැගිරුවොත් දේශය දූෂ්‍ය වන්නේය.+ දේශය නැවත ශුද්ධ තත්වයකට ගෙන ඒමට හැක්කේ ලේ වැගිරූ තැනැත්තාව මරා දැමුවොත් පමණයි.+

  • ද්විතීය කතාව 19:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ එසේ කළ යුත්තේ යෙහෝවා දෙවි ඔබට උරුමයක් ලෙස ලබා දෙන දේශයේදී නිරපරාදේ අහිංසක කෙනෙකුගේ ලේ+ නොවගුරුවන පිණිසයි. නමුත් කෙනෙකුව නිකරුණේ මරා දැමුවොත් ඔහුගේ ලේවලට වග කිව යුත්තේ ඔබයි.+

  • 2 රාජාවලිය 21:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය.

  • ගීතාවලිය 106:38
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 කානාන්හි පිළිමවලට ඔවුන්ගේ දරුවන්ව

      පූජා ලෙස ඔප්පු කරමින්+

      ඔවුහු නිදොස් ලේ වැගිරෙව්වෝය.+

      එසේ දිගින් දිගටම ඔවුහු ලේ වගුරුවමින් මුළු දේශයම දූෂ්‍ය කළෝය.+

  • යෙරෙමියා 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+

  • යෙරෙමියා 19:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මා එසේ කරන්නේ සෙනඟ මාව අත්හැර ගිය නිසාය.+ එමෙන්ම මේ සෙනඟද ඔවුන්ගේ මුතුන්මිත්තන්ද යූදාහි රජවරුන්ද තමන් කලින් නොදැන සිටි වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර,+ මේ ස්ථානය මට හඳුනාගත නොහැකි තරම් දූෂිත තත්වයකට පත් කළ නිසාය.+ ඔවුහු මේ ස්ථානය අහිංසකයන්ගේ ලෙයින් පිරෙව්වෝය.+

  • යෙරෙමියා 22:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 නමුත් ඔබේ ඇස්ද ඔබේ සිතද නිතරම යොමු වී තිබෙන්නේ වංචාවක් කර වාසි ප්‍රයෝජන ලබාගැනීමටය.+ අසරණයන්ට තව තවත් පීඩා කිරීමටය. එමෙන්ම අහිංසකයන්ගේ ලේ නිරපරාදේ වැගිරවීමටය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න