ගණන් කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+ 2 රාජාවලිය 7:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 එවිට එලිෂා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනයට ඇහුම්කන් දෙන්න.+ ‘හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව අසල සිහින් පිටි සෙයා මිනුම්* එකක් ෂෙකෙලයකට විකිණෙයි. බාර්ලි සෙයා දෙකකුත් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+ යෙසායා 44:26 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 26 එහෙත් මාගේ සේවකයාගේ වචන සැබෑ බව මම ඔප්පු කර පෙන්වන්නෙමි. මගේ පණිවිඩකරුවන්ගේ සැලසුම් සියල්ල මම සාර්ථක වීමට සලස්වන්නෙමි.+ මම යෙරුසලම ගැන, ‘එය නැවත ජනාවාස නුවරක් බවට පත් වෙයි’+ කියාත් යූදා දේශයේ නුවරවල් ගැන, ‘ඒ සියල්ල නැවත ගොඩනඟනු ඇත.+ එහි පාළු තැන් මම නැවත ගොඩනඟන්නෙමි’+ කියාත් පවසන්නෙමි. යෙසායා 55:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+
19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+
7 එවිට එලිෂා මෙසේ කීවේය. “යෙහෝවා දෙවිගේ වචනයට ඇහුම්කන් දෙන්න.+ ‘හෙට මේ වෙලාවට සමාරියේ දොරටුව අසල සිහින් පිටි සෙයා මිනුම්* එකක් ෂෙකෙලයකට විකිණෙයි. බාර්ලි සෙයා දෙකකුත් ෂෙකෙලයකට ගන්න පුළුවන් වෙයි’ කියා යෙහෝවා දෙවි පැවසුවා.”+
26 එහෙත් මාගේ සේවකයාගේ වචන සැබෑ බව මම ඔප්පු කර පෙන්වන්නෙමි. මගේ පණිවිඩකරුවන්ගේ සැලසුම් සියල්ල මම සාර්ථක වීමට සලස්වන්නෙමි.+ මම යෙරුසලම ගැන, ‘එය නැවත ජනාවාස නුවරක් බවට පත් වෙයි’+ කියාත් යූදා දේශයේ නුවරවල් ගැන, ‘ඒ සියල්ල නැවත ගොඩනඟනු ඇත.+ එහි පාළු තැන් මම නැවත ගොඩනඟන්නෙමි’+ කියාත් පවසන්නෙමි.
11 මාගේ මුවින් නික්මෙන මාගේ වචනයත් එලෙසමය.+ එය කිසිවිටෙකත් නිෂ්ඵල වී මා වෙතට හැරී එන්නේ නැත.+ මා කැමති දේ ඒ අයුරින්ම ඉටු වන්නේය.+ මා නියම කළ දේ එලෙසින්ම සිදු වන්නේය.+