11 පසුව සාමුවෙල් යෙස්සේගෙන් මෙසේ ඇසුවේය. “ඔබේ පුතුන් සියලුදෙනාම මෙතැන ඉන්නවාද?” එවිට යෙස්සේ, “බාලම පුතා මෙතැන නැහැ.+ ඔහු බැටළුවන්ව බලාගන්න ගිහින්”+ කියා පැවසුවේය. එය ඇසූ විට සාමුවෙල්, “ඉක්මනින් කවුරු හරි යවලා ඔහුව මෙතැනට කැඳවාගෙන එන්න. ඔහු එනකම් අපි කෑම කන්නේ නැහැ” කියා පැවසුවේය.