2 අර්තක්ෂස්තා+ රජ්ජුරුවන්ගේ පාලන සමයේ විසිවන+ අවුරුද්දේ නීසාන්+ මාසයේ එක්තරා දිනයකදී, රජ්ජුරුවන්ට වයින් බීමට ආශාවක් ඇති විය. මමද සුපුරුදු පරිදි වයින් රැගෙන ගොස් එතුමාට පිළිගැන්වූවෙමි.+ නමුත් එදින මා ඔහු වෙත ගියේ මහත් දුකකිනි. මින් පෙර කිසිදාක මම එසේ ඔහු ඉදිරියට ගොස් නැත.+