ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 86:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 යෙහෝවා දෙවියනි, ඔබ සමාව දීමට කැමති,+ යහපත් දෙවි කෙනෙක්ය.+

      ඔබේ නාමයෙන් අයැදින සියල්ලන්ට ඔබ පෙන්වන ප්‍රේමය* අතිමහත්ය.+

  • ගීතාවලිය 103:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  3 ඔහු ඔබේ සියලු වැරදිවලට සමාව දෙන්නේය.+

      ඔබේ සියලු දුක් වේදනාවලට* සහනයක් දෙන්නේය.+

  • යෙසායා 44:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 ඔබ කර තිබෙන සෑම වැරදි ක්‍රියාවක්ම මට නැවතත් නොපෙනෙන සේ වලාකුළකින් වැසී යන්න සලස්වමි.+ ඔබ කළ පාප මම ගන වලාකුළකින් වැසුවෙමි. මා වෙතට හැරී එන්න.+ එවිට මා ඔබව මුදවාගන්නෙමි.+

  • හොෂෙයා 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 යෙහෝවා දෙවිගෙන් සමාව ඉල්ලා නැවත ඔහු වෙතට හැරී එන්න.+ ජනයෙනි, ඔහුගෙන් මෙසේ අයැදින්න. ‘අප කළ වැරදිවලට සමාව දෙන්න.+ අප කරන යහපත් දේ සතුටින් භාරගන්න. අපේ මුවින් කරන ප්‍රශංසාව* පූජාවක් මෙන් අපි ඔබට ඔප්පු කරන්නෙමු.+

  • ලූක් 7:47
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 47 ඒ නිසා මම ඔබට කියන මේ දේ හොඳින් මතක තබාගන්න. මේ ස්ත්‍රිය බොහෝ පව් කර තිබුණත් ඇයට සමාව ලැබෙනවා.+ ඒ නිසා ඇය මට වැඩියෙන් ප්‍රේමය පෙන්වනවා. නමුත් ස්වල්ප වශයෙන් පව් කර සමාව ලබන තැනැත්තා අන් අයට වැඩියෙන් ප්‍රේමය පෙන්වන්නේ නැහැ.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න