ගණන් කතාව 14:44 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 44 නමුත් ඔවුහු හිතුවක්කාර ලෙස කඳුකරයට ගියෝය.+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් පිටතට ගෙන ගියේවත් මෝසෙස් කඳවුරෙන් පිටතට ගියේවත් නැත.+ එස්තර් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 පසුව රජ තම සේවකයන්ට කතා කර, “මළුවට ඇවිත් සිටින්නේ කවුද කියා බලන්න” යයි කීවේය. ඒ අවස්ථාවේදී හාමාන් තමන් සෑදූ කණුවේ මොර්දෙකයිව එල්ලා දැමීමට රජුගෙන් අවසර ලබාගැනීම සඳහා+ රජුගේ නිවසේ පිටත මළුවට පැමිණ සිටියේය.+ හිතෝපදේශ 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 විනාශයට මුල උඩඟුකමය.+ වැටීමට හේතුව අහංකාර සිතකි.+ යාකොබ් 4:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් ඔබ පුරසාරම් දොඩමින් ක්‍රියා කරන්නේ මොන තරම් අහංකාරකමින්ද!+ එලෙස අහංකාර වීම දුෂ්ට දෙයකි.
44 නමුත් ඔවුහු හිතුවක්කාර ලෙස කඳුකරයට ගියෝය.+ යෙහෝවා දෙවිගේ ගිවිසුම් පෙට්ටිය කඳවුරෙන් පිටතට ගෙන ගියේවත් මෝසෙස් කඳවුරෙන් පිටතට ගියේවත් නැත.+
4 පසුව රජ තම සේවකයන්ට කතා කර, “මළුවට ඇවිත් සිටින්නේ කවුද කියා බලන්න” යයි කීවේය. ඒ අවස්ථාවේදී හාමාන් තමන් සෑදූ කණුවේ මොර්දෙකයිව එල්ලා දැමීමට රජුගෙන් අවසර ලබාගැනීම සඳහා+ රජුගේ නිවසේ පිටත මළුවට පැමිණ සිටියේය.+