උත්පත්ති 24:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි වන ඔබට ප්‍රශංසා වේවා!+ ඔබ නිතරම මගේ ස්වාමියා සමඟ ඉතා ප්‍රේමණීයව* හා විශ්වාසවන්තව කටයුතු කරනවා. යෙහෝවා දෙවියනි, මගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ නිවසටම යන්න ඔබ මට මඟ පෙන්නුවා.”+ ගණන් කතාව 23:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+ ද්විතීය කතාව 32:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+ නෙහෙමියා 9:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි. ගීතාවලිය 89:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 යෙහෝවා දෙවියනි, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන ස්වර්ගය පවා ඔබට ප්‍රශංසා කරන්නේය.+එසේය, රැස්ව සිටින ශුද්ධ තැනැත්තෝ පවා ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෝය.
27 මෙසේ කීවේය. “යෙහෝවා දෙවියනි, මගේ ස්වාමියා වන ආබ්‍රහම්ගේ දෙවි වන ඔබට ප්‍රශංසා වේවා!+ ඔබ නිතරම මගේ ස්වාමියා සමඟ ඉතා ප්‍රේමණීයව* හා විශ්වාසවන්තව කටයුතු කරනවා. යෙහෝවා දෙවියනි, මගේ ස්වාමියාගේ සහෝදරයන්ගේ නිවසටම යන්න ඔබ මට මඟ පෙන්නුවා.”+
19 මනුෂ්‍යයන් බොරු කීවත් දෙවි කිසිදාක බොරු කියන්නේ නැත.+මනුෂ්‍යයන් තමන් ගත් තීරණ ගැන පසුතැවෙන නමුත් දෙවි තම තීරණ ගැන පසුතැවෙන්නේ නැත.+දෙවි යමක් කීවොත් එය ඉටු කරන්නේය.ඔහු යමක් තීන්දු කළොත් එය එලෙසම කරන්නේය.+
4 දෙවි පර්වතයකි. ඔහු කුමක් කළත් එහි කිසි අඩුවක්වත් දෝෂයක්වත් දක්නට නැත.+දෙවි තමන් කරන සියල්ලේදී යුක්තිය ඉටු කරයි.+ඔහු විශ්වාසවන්ත දෙවි කෙනෙකි.+ ඔහු අතින් කිසිම අසාධාරණයක් නම් සිදු නොවෙයි.+දෙවි ධර්මිෂ්ඨය, ප්‍රතිපත්තිගරුකය.+
33 ඔබ ධර්මිෂ්ඨයි.+ ඔබ අපි සමඟ විශ්වාසවන්තව+ කටයුතු කළා. දුෂ්ට ලෙස ක්‍රියා කළේ අපියි.+ මේ සියල්ල අපිට විඳින්න සිදු වුණේ අපේම දුෂ්ටකම් නිසයි.
5 යෙහෝවා දෙවියනි, ඔබේ පුදුමාකාර ක්‍රියාවන් ගැන ස්වර්ගය පවා ඔබට ප්‍රශංසා කරන්නේය.+එසේය, රැස්ව සිටින ශුද්ධ තැනැත්තෝ පවා ඔබේ විශ්වාසවන්තකම ගැන ඔබට ප්‍රශංසා කරන්නෝය.