ගීතාවලිය 42:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ජීවමාන දෙවි වන ඔබට+ ළං වීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ එය මට දැනෙන්නේ මහත් පිපාසයකින් මා සිටින්නාක් මෙනි.මා ඔබ ඉදිරියට එන්නේ කවදාද?+ ගීතාවලිය 63:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 63 දෙවියනි, ඔබ මාගේ දෙවිය. මම නිතරම ඔබේ මඟ පෙන්වීම් පතන්නෙමි.+ඉරි තැළී ගිය වියළි භූමියක සිටින කෙනෙකු වතුර පොදක් තම දෙතොල් මතට වැටෙන තෙක් මහත් ආශාවකින් බලා සිටින්නාක් මෙන්,+ඔබට ළං වීමට මමත් මහත් ආශාවෙන් සිටිමි.+ ආමොස් 8:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.+ මතෙව් 5:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “දෙවිගේ ධර්මිෂ්ඨ ප්‍රමිතිවලට මහත් ඇල්මක් දක්වන*+ අය සන්තෝෂවත්. මන්ද ඔවුන් තෘප්තියට පත් වෙයි.+ එළිදරව් 21:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+
2 ජීවමාන දෙවි වන ඔබට+ ළං වීමට මා තුළ තිබෙන්නේ දැඩි ආශාවකි.+ එය මට දැනෙන්නේ මහත් පිපාසයකින් මා සිටින්නාක් මෙනි.මා ඔබ ඉදිරියට එන්නේ කවදාද?+
63 දෙවියනි, ඔබ මාගේ දෙවිය. මම නිතරම ඔබේ මඟ පෙන්වීම් පතන්නෙමි.+ඉරි තැළී ගිය වියළි භූමියක සිටින කෙනෙකු වතුර පොදක් තම දෙතොල් මතට වැටෙන තෙක් මහත් ආශාවකින් බලා සිටින්නාක් මෙන්,+ඔබට ළං වීමට මමත් මහත් ආශාවෙන් සිටිමි.+
11 “විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසන්නේය. ‘මම මේ දේශය තුළ සාගතයක් ඇති කරන්නෙමි. එය කෑම හිඟයක් නිසාවත් වතුර හිඟයක් නිසාවත් ඇති වන සාගතයක් නොව යෙහෝවා දෙවි වන මාගේ වචන අසන්න නොලැබීම නිසා ඇති වන සාගතයකි.+
6 ඔහු මට මෙසේද කීවේය. “එම වදන් ඉටු වී තිබේ! මම ඇල්ෆා සහ ඔමේගාය. පටන්ගැන්ම සහ අවසානයය.+ පිපාසය ඇති තැනැත්තාට මම ජීවන වතුර ඇති උල්පතෙන් නොමිලේ වතුර බීමට දෙන්නෙමි.+