ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 36:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 ඔහු සැබෑ දෙවිගේ ගෘහයට ගිනි තබා+ යෙරුසලමේ පවුරද බිඳ දැමීය.+ එහි සියලුම බලකොටුද එහි තිබූ වෙනත් වටිනා දේවල්ද ගිනිබත් කරන ලදි.+ මෙසේ ඔහු සෑම දෙයක්ම විනාශ කර දැමීය.+

  • යෙරෙමියා 17:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “‘“නමුත් සබත් දවස ශුද්ධ දවසක් ලෙස සලකමින් එදින බර උසුලාගෙන යෙරුසලමේ දොරටුවලින් ඇතුල් නොවන්න කියා මා දුන් ආඥාවට ඔබ කීකරු නොවුණොත්+ යෙරුසලමේ දොරටු සියල්ල දැවී යන ලෙස මම ගින්නක් අවුළුවන්නෙමි.+ එහි බලකොටු සියල්ල ඒ ගින්නෙන් පිලිස්සී යනු ඇත.+ එය නිවා දැමීමට කිසිවෙකුටවත් නොහැකි වන්නේය.”’”+

  • යෙරෙමියා 34:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල්හි දෙවි වන යෙහෝවා මෙසේ පැවසුවේය. ‘ඔබ ගොස් යූදාහි රජු වන ශෙදකියාට මෙසේ කියන්න.+ “යෙහෝවා දෙවිගේ පණිවිඩය මෙයයි. ‘බැබිලෝනියේ රජුට මේ නගරය යටත් කරගැනීමට මම ඉඩහරින්නෙමි.+ ඔහු ගින්නෙන් මෙය දවා දමනු ඇත.+

  • යෙරෙමියා 37:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබට විරුද්ධව සටන් කරන කල්දිවරුන්ගේ මුළු යුධ හමුදාවටම ඔබ පහර දුන්නත්+ ඔබට ජය ගැනීමට ලැබෙන්නේ නැත. මන්ද ඔවුන් අතරින් ඉතුරු වී සිටින එනම්, දරුණු ලෙස තුවාල වී+ කූඩාරම්වල වැටී සිටින අය පැමිණ මේ නගරයට ගිනි තබා එය විනාශ කර දමන බව ස්ථිරයි.”’”

  • යෙරෙමියා 39:8
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 8 ශෙදකියා රජුගේ මාලිගාවද සෙනඟගේ ගෙවල් දොරවල්ද කල්දිවරු ගිනි තබා විනාශ කර දැමුවෝය.+ යෙරුසලමේ පවුරද ඔවුහු සම්පූර්ණයෙන්ම කඩා බිඳ දැමුවෝය.+

  • යෙරෙමියා 52:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔහු යෙහෝවා දෙවිගේ ගෘහයද+ රජමාලිගාවද යෙරුසලමේ තිබූ සියලුම නිවෙස්ද+ උත්තමයන්ගේ නිවෙස්ද+ ගිනි තබා විනාශ කළේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න