ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එස්රා 1:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 එහෙයින් යූදා සහ බෙන්ජමින් ගෝත්‍රවල ප්‍රධානියෝද+ පූජකයෝ සහ ලෙවීවරුද තවත් බොහෝදෙනෙක්ද යෙරුසලමේ තිබූ යෙහෝවා දෙවිගේ ගෘහය නැවත ගොඩනැඟීම සඳහා+ යෑමට සූදානම් වූහ. මන්ද සැබෑ දෙවි ඒ ගමන යෑමට ඔවුන්ගේ සිත් තුළ මහත් ආශාවක්+ ඇති කර තිබිණ.

  • ගීතාවලිය 126:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 126 වහල්භාවයේ සිටි සියොන්හි වැසියන්ව යෙහෝවා දෙවි නැවත ඔවුන්ගේ දේශයට ගෙනා විට+

      එය අපට සිහිනයක් මෙන් විය.+

  • යෙසායා 2:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එතැනට යන බොහෝ ජනයා මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු. එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි. අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

  • යෙරෙමියා 50:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 5 සියොන් වෙතට යන මාර්ගය විමසමින් ඔවුහු ඒ දෙසට ගමන් කරන්නෝය.+ ‘අපි යෙහෝවා දෙවි සමඟ සදාතනික ගිවිසුමකට ඇතුල් වෙමු. ඒ ගිවිසුම නැවත කිසිදාක අමතක නොකිරීමට අධිෂ්ඨාන කරගමු’+ යයි කියමින් ඔවුහු සියොන් දෙසට ගමන් කරති.

  • මීකා 4:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 එතැනට යන බොහෝ ජාතීහු මෙසේ කියන්නෝය. “ජනයෙනි, එන්න.+ අපි යෙහෝවා දෙවිගේ කන්දට නඟිමු. යාකොබ්ගේ දෙවිගේ ගෘහයට යමු.+ එහිදී දෙවි අපට ඔහුගේ මාර්ග ගැන උගන්වයි.+ අපිද ඔහුගේ මඟ පෙන්වීමට අනුව ජීවත් වෙමු.”+ මන්ද දෙවිගේ නීතිය සියොන් කන්දේ සිට ප්‍රකාශ කරනු ලැබේ. යෙරුසලමේ සිට යෙහෝවා දෙවි තම වචනය දැනුම් දෙන්නේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න