ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 13:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “ඔබේ පුතා හෝ දුව හෝ ඔබේම ආදරණීය බිරිඳ හෝ එක කුසේ උපන් ඔබේම සහෝදරයා හෝ ඔබේ කිට්ටුම මිත්‍රයා+ හෝ රහසින් ඇවිත්, ‘අපි ගිහින් වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරමුද’+ කියා අසමින් ඔබව වරදට පොලඹවන්න ඉඩ තිබෙනවා. මෙසේ, ඔබවත් ඔබේ මුතුන්මිත්තන්වත් අසා නැති දෙවිවරුන්ට නමස්කාර කිරීමට ඔවුන් ඔබව දිරිගන්වන්න පුළුවන්.

  • ද්විතීය කතාව 29:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 ඔවුන් දෙවිට ද්‍රෝහි වී කිසි කලෙක හඳුනාගෙන නොසිටි බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන් ඉදිරියේ වැඳ වැටෙන්න පටන්ගත්තා. එසේ කරන්න දෙවි කවදාවත් ඔවුන්ට ඉඩ දී තිබුණේ නැහැ.+

  • ද්විතීය කතාව 32:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඔවුන් පූජා ඔප්පු කළේ දෙවිට නොව භූතයන්ටය.+

      ඔවුන් නමස්කාර කළේ ඔවුන් කිසි කලක නොදැන සිටි+

      ඔවුන්ගේ මුතුන්මිත්තන්වත් නොදැන සිටි දෙවිවරුන්ටය.+

  • යෙරෙමියා 19:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මා එසේ කරන්නේ සෙනඟ මාව අත්හැර ගිය නිසාය.+ එමෙන්ම මේ සෙනඟද ඔවුන්ගේ මුතුන්මිත්තන්ද යූදාහි රජවරුන්ද තමන් කලින් නොදැන සිටි වෙනත් දෙවිවරුන්ට සුවඳ දුම් ඔප්පු කර,+ මේ ස්ථානය මට හඳුනාගත නොහැකි තරම් දූෂිත තත්වයකට පත් කළ නිසාය.+ ඔවුහු මේ ස්ථානය අහිංසකයන්ගේ ලෙයින් පිරෙව්වෝය.+

  • යෙරෙමියා 22:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 එවිට ඔවුහු මෙසේ කියනු ඇත. “මේ නුවරේ වැසියන්ට මේ දේ සිදු වුණේ ඔවුන්ගේ දෙවි වන යෙහෝවා සමඟ ඇති කරගත් ගිවිසුම ඔවුන් කඩ කර+ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කළ නිසයි.”’+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න