ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 23:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 ඔහු රජකම් කරන කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ ඊශ්‍රායෙල් සෙනඟ සුරක්ෂිතව වාසය කරන්නෝය.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් ඔහුව හඳුන්වනු ඇත.”

  • යෙරෙමියා 33:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඒ කාලයේදී යූදා වැසියන්ට ගැලවීම ලැබෙන්නේය.+ යෙරුසලමේ වැසියෝද සුරක්ෂිතව වාසය කරනු ඇත.+ ‘අප ධර්මිෂ්ඨව සිටින්නේ යෙහෝවා දෙවි නිසාය’+ යන නාමයෙන් යෙරුසලම හඳුන්වනු ඇත.’”

  • යෙරෙමියා 50:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 බැටළුවෙකුව සිටි ඊශ්‍රායෙල්ව මම යළිත් ඔහුගේ තණබිමට ගෙනෙන්නෙමි.+ එවිට ඔහුට කර්මෙල්+ හා බාෂාන්හි+ සැරිසරමින් හිතේ හැටියට තණ කෑමට හැකි වන්නේය. එෆ්‍රායිම්+ හා ගිලියද්+ කඳුකරයේ ඔහු සුවසේ වාසය කරන්නේය.’”

  • ශෙපනියා 2:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 යූදා පෙළපතෙන් ඉතුරු වී සිටින අය එහි වාසය කරන්නෝය.+ එහිදී ඔවුන්ට ඇති තරම් කෑම තිබෙනු ඇත. සවස් වරුවේදී ඔවුහු අෂ්කෙලොන් නගරයේ නිවෙස්වලට වී විවේක සුවයෙන් කල් ගෙවනු ඇත. මන්ද ඒ කාලයේදී ඔවුන්ගේ දෙවි වන යෙහෝවා ඔවුන්ට කරුණාව පෙන්වනු ඇත.+ සතුරු දේශවල සිටින ඔවුන්ව ඔහු නැවත එක් රැස් කරනු ඇත.+

  • ශෙපනියා 3:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඒ කාලයේදී මම ඔබේ සෙනඟ එක් රැස් කරගෙන නැවත ඔවුන්ගේ මව්බිමට රැගෙන එන්නෙමි. ඔබේ ඇස් පනාපිටම මම ඔවුන්ව නිදහස් කර නැවත රැගෙන එන්නෙමි. එවිට පොළොවේ සියලු වැසියන්ගේ ගෞරවය ඔබට ලැබෙනු ඇත. ඔවුන් අතරේ ඔබට හොඳ නාමයක්ද ලැබෙනු ඇත.” එසේ පවසන්නේ යෙහෝවා දෙවිය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න