ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 1 සාමුවෙල් 17:44
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 44 පිලිස්තියා තවදුරටත්, “මා ළඟට වර. මං තගේ මස් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් කන්න දෙනවා”+ යයි දාවිත්ට කීවේය.

  • යෙරෙමියා 7:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 සෙනඟගේ මළ කඳන් පක්ෂීන්ගේ හා වනසතුන්ගේ ආහාර වන්නේය. උන්ව බියගැන්වීමට කිසිවෙක් එහි ඉතුරු වන්නේ නැත.+

  • යෙරෙමියා 34:20
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 20 ඔවුන්ගේ සතුරන්ගේ අතටත් ඔවුන්ගේ ජීවිත විනාශ කර දැමීමට මං සොයන අයගේ අතටත් මම භාර දෙන්නෙමි.+ ඔවුන්ගේ මළ කඳන් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ආහාරයක් වන්නේය.+

  • එසකියෙල් 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබව බිම හෙළා අත්හැර යන්නෙමි. ඔබව වනාන්තරයට ඇද දමන්නෙමි.+ මාගේ අණ පරිදි සියලු පක්ෂීහු ඔබ මත වහන්නෝය. පොළොවේ සියලු වනමෘගයෝ ඔබේ මස් කා තෘප්තියට පත් වනු ඇත.+

  • එසකියෙල් 39:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔබද ඔබේ මහත් සේනාවද ඔබ සමඟ රැස්ව සිටින මුළු සමූහයද ඊශ්‍රායෙල් දේශයේ කඳු මත වැටෙනු ඇත.+ මම ගොදුරු අල්ලාගෙන කන පක්ෂීන්ටත් වෙනත් පක්ෂීන්ටත් වනමෘගයන්ටත් ඔබව ආහාර පිණිස දෙන්නෙමි.”’+

  • එළිදරව් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න