ද්විතීය කතාව 30:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+ යෙසායා 11:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+ යෙරෙමියා 16:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+ යෙරෙමියා 23:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+ ආමොස් 9:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+
3 එවිට යෙහෝවා දෙවි ඔබට දයාව පෙන්වයි.+ යෙහෝවා දෙවි ඔබ විසිරී සිටින සෑම ජාතියක් අතරින්ම ඔබව එකතු කර,+ වහල්කමින් නිදහස් කරයි.+
12 දෙවි සියලු ජනයාට ලකුණක් පිණිස කොඩියක් සිටුවා විසිර සිටින ඊශ්‍රායෙල්වරුන්ව එකතු කරගන්නේය.+ ඔහු පොළොව පුරාම විසිරී සිටින යුදෙව්වරුන්ව නැවත එක් රැස් කරන්නේය.+
15 නමුත් උතුරු දේශයට හා වෙනත් දේශවලට මා විසුරුවාහැරිය සෙනඟව මා නැවත ඔවුන්ගේ දේශයට ගෙනා ආකාරය සිහි කරමින් ඔවුහු ජීවමාන යෙහෝවා දෙවි වන මාගේ නමින් දිවුරනු ඇත. මන්ද මම නිසැකවම ඔවුන්ගේ මුතුන්මිත්තන්ට දුන් දේශයට ඔවුන්ව නැවත ගෙනෙන්නෙමි.’+
3 “ඉතුරු වී සිටින මාගේ බැටළුවන්ව එනම්, විවිධ දේශවලට මා විසුරුවාහැරිය අයව මම එකතු කරගන්නෙමි.+ ඔවුන්ව ඒ දේශවලින් පිටතට ගෙනැවිත් නැවත ඔවුන්ගේම තණබිමට රැගෙන එන්නෙමි.+ ඔවුහු ගණනින් වැඩි වී සමෘද්ධිමත් ජාතියක් බවට පත් වන්නෝය.+
14 මම මගේ සෙනඟ වන ඊශ්‍රායෙල්වරුන්ව නැවතත් ඔවුන්ගේ දේශයට ගෙනෙන්නෙමි.+ ඔවුහු පාළු වී ගිය නගර නැවත ගොඩනඟා එහි වාසය කරන්නෝය.+ මිදිවතු වවා එයින් සාදාගත් වයින් පානය කරන්නෝය. පලතුරු උයන් වවා එයින් ලැබෙන පලදාව භුක්ති විඳින්නෝය.’+