-
2 කොරින්ති 12:20ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
20 නමුත් මා පැමිණෙන විට+ මා ඔබෙන් බලාපොරොත්තු වෙනවාට වඩා වෙනස් දෙයක් ඔබ තුළ දකින්න ලැබෙයි කියා මට බියක් ඇත. එලෙසම ඔබ මගෙන් බලාපොරොත්තු වන දේට වඩා වෙනස් දෙයක් කිරීමට මටත් සිදු විය හැක. ඔබ අතරෙහි අඬදබර, ඊර්ෂ්‍යාව,+ කෝපය, වාදවිවාද, කේලම්, කෙඳිරීම්, අහංකාරය, කෝලහල යනාදිය තිබිය හැකියි කියාත් මම බිය වෙමි.+
-