-
යෙසායා 14:2ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
2 වෙනත් ජාතීන්ට අයිති සෙනඟ යාකොබ්ගේ පෙළපතේ අයව ඔවුන්ගේ දේශයට එක්කගෙන එයි. යෙහෝවාගේ දේශයට ආවාම ඊශ්‍රායෙල්වරු වෙනත් ජාතීන්ට අයිති ඒ සෙනඟව තමන්ගේ සේවක සේවිකාවන් විදිහට අයිති කරගන්නවා.+ ඊශ්‍රායෙල්වරුන්ව වහලුන් කරගෙන හිටපු අයව ඔවුන් දැන් වහලුන් කරගන්නවා. බලෙන් ඔවුන්ගෙන් වැඩ ගත්ත අයගෙන් ඔවුන් දැන් වැඩ ගන්නවා.
-
-
ශෙපනියා 2:9ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
9 ඒත් ස්වර්ගයේ සේනාවල අධිපති සහ ඊශ්‍රායෙල්වරුන්ගේ දෙවි වන යෙහෝවා මෙහෙම කියනවා.
“සොදොම්වලට වුණ දේම මෝවබ් දේශයටත් වෙනවා.+
ගොමෝරාවට වුණ දේම අම්මොන්වරුන්ටත් වෙනවා.+
ඒ දේශ හැමදාටම කටු පඳුරුවලින් වැහිලා ගිය, ලුණු වළවල් තියෙන පාළු තැන් වෙනවා.+
මගේ සෙනඟ අතරින් ඉතුරු වෙලා ඉන්න අය ඔවුන්ගේ දේපළ කොල්ල කයි.
ඔවුන්ව පන්නලා දාලා ඔවුන්ගේ දේශය අයිති කරගනියි.
මම ජීවමානයි කියන දේ ස්ථිරයි වගේම ඒ දේත් අනිවාර්යයෙන්ම වෙනවා.
-