ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 80
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • ආයෙත් පිළිගන්න කියලා ඊශ්‍රායෙලයේ එඬේරාණන්ට කරන කන්නලව්වක්

        • “අනේ දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න” (3)

        • ඊශ්‍රායෙල්, දෙවියන් පැළ කරපු මිදිවැල (8-15)

ගීතාවලිය 80:පෙර සටහන

හරස් යොමු දැක්වීම්

  • +1ලේක 25:1

ගීතාවලිය 80:1

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “කෙරුබ්වරුන් අතරේ.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 77:20; යෙසා 40:11; යෙරෙ 31:10; එස 34:12; 1පේතෘ 2:25
  • +නික් 25:20, 22; 1සාමු 4:4

ගීතාවලිය 80:2

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 42:13
  • +යෙසා 25:9

ගීතාවලිය 80:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 85:4; විලා 5:21
  • +ගණන් 6:25; ගීතා 67:1, 2

ගීතාවලිය 80:4

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 74:1; 85:5; විලා 3:44

ගීතාවලිය 80:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 44:13; 79:4

ගීතාවලිය 80:7

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:3, 19

ගීතාවලිය 80:8

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:7
  • +ගීතා 44:2; 78:55; යෙරෙ 2:21

ගීතාවලිය 80:9

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:28, 30; යොෂු 24:12, 13; 1රාජා 4:25

ගීතාවලිය 80:11

පාදසටහන්

  • *

    ඒ කියන්නේ යුප්‍රටීස් ගඟ.

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18; නික් 23:31; 1රාජා 4:21; ගීතා 72:8

ගීතාවලිය 80:12

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:5
  • +නාහු 2:2

ගීතාවලිය 80:13

හරස් යොමු දැක්වීම්

  • +2රාජා 18:9; 24:1; 25:1; 2ලේක 32:1; යෙරෙ 39:1

ගීතාවලිය 80:14

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 63:15

ගීතාවලිය 80:15

පාදසටහන්

  • *

    මූ.අ., “මිදිවැලේ ප්‍රධාන රිකිල්ල.”

  • *

    මූ.අ., “පුතාව.”

හරස් යොමු දැක්වීම්

  • +යෙසා 5:7; යෙරෙ 2:21
  • +නික් 4:22; යෙසා 49:5

ගීතාවලිය 80:16

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 79:5; යෙරෙ 52:12, 13

ගීතාවලිය 80:17

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 89:20, 21

ගීතාවලිය 80:19

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 80:7

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 80:පෙර සටහන1ලේක 25:1
ගීතා. 80:1ගීතා 77:20; යෙසා 40:11; යෙරෙ 31:10; එස 34:12; 1පේතෘ 2:25
ගීතා. 80:1නික් 25:20, 22; 1සාමු 4:4
ගීතා. 80:2යෙසා 42:13
ගීතා. 80:2යෙසා 25:9
ගීතා. 80:3ගීතා 85:4; විලා 5:21
ගීතා. 80:3ගණන් 6:25; ගීතා 67:1, 2
ගීතා. 80:4ගීතා 74:1; 85:5; විලා 3:44
ගීතා. 80:6ගීතා 44:13; 79:4
ගීතා. 80:7ගීතා 80:3, 19
ගීතා. 80:8යෙසා 5:7
ගීතා. 80:8ගීතා 44:2; 78:55; යෙරෙ 2:21
ගීතා. 80:9නික් 23:28, 30; යොෂු 24:12, 13; 1රාජා 4:25
ගීතා. 80:11උත් 15:18; නික් 23:31; 1රාජා 4:21; ගීතා 72:8
ගීතා. 80:12යෙසා 5:5
ගීතා. 80:12නාහු 2:2
ගීතා. 80:132රාජා 18:9; 24:1; 25:1; 2ලේක 32:1; යෙරෙ 39:1
ගීතා. 80:14යෙසා 63:15
ගීතා. 80:15යෙසා 5:7; යෙරෙ 2:21
ගීතා. 80:15නික් 4:22; යෙසා 49:5
ගීතා. 80:16ගීතා 79:5; යෙරෙ 52:12, 13
ගීතා. 80:17ගීතා 89:20, 21
ගීතා. 80:19ගීතා 80:7
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 80:1-19

ගීතාවලිය

සංගීත අධ්‍යක්ෂක වෙත. “ලිලී මල්” කියන තාලයට ගායනා කරන්න. මතක් කිරීමක් විදිහට ආසාෆ් රචනා කරපු ගීතයක්.+

80 ඊශ්‍රායෙලයේ එඬේරාණෙනි,

බැටළු රැළකට මඟ පෙන්වනවා වගේ යෝසෙප්ට මඟ පෙන්වන තැනැත්තාණෙනි,+

අපි කියන දේට සවන් දෙන්න.

කෙරුබ්වරුන්ට ඉහළින්* ඉඳගෙන ඉන්න තැනැත්තාණෙනි,+ ඔබේ ආලෝකය විහිදුවන්න.

 2 එෆ්‍රායිම්, බෙන්ජමින් සහ මනස්සේ ඉස්සරහා ඔබේ බලය පෙන්වන්න.+

ඇවිත් අපිව බේරගන්න.+

 3 අනේ දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න.+

අපිව බේරගන්න. එහෙම කරලා ඔබ අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+

 4 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා,

ඔබ තව කොච්චර කාලයක් ඔබේ සෙනඟ එක්ක කේන්තියෙන් ඉඳලා

ඔවුන්ගේ යාච්ඤාවලට සවන් නොදී ඉන්නවාද?+

 5 ඔබ ඔවුන්ගේ කුස පුරවන්නේ කඳුළුවලින්.

ගංගාවක් තරම් කඳුළු ඔබ ඔවුන්ට බොන්න දෙනවා.

 6 අපේ අසල්වැසියන් අපේ දේවල් අයිති කරගන්න රණ්ඩු කරගන්නවා.

ඔබත් ඒකට ඉඩහරිනවා. අපේ හතුරෝ හිතේ හැටියට අපිට සමච්චල් කරනවා.+

 7 ස්වර්ගයේ සේනාවල දෙවියනි, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න.

අපිව බේරගන්න. එහෙම කරලා ඔබ අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+

 8 ඔබ ඊජිප්තුවෙන් මිදිවැලක් ගෙනාවා.+

ඔබ ජාතීන්ව ඔවුන්ගේ දේශයෙන් පන්නලා දාලා ඒ මිදිවැල පැළ කළා.+

 9 අවට එළිපෙහෙළි කරලා ඒකට ඉඩ හදලා දුන්නා.

ඒක හොඳින් මුල් ඇදලා දේශය පුරාම පැතිරිලා ගියා.+

10 ඒකේ සෙවණැල්ල කඳු මතට වැටුණා.

ඒකේ අතුවලින් ඔබට අයිති දේවදාර ගස් වැහිලා ගියා.

11 ඒකේ අතු මුහුද දක්වාත්

රිකිලි මහ ගංගාව* දක්වාත් විහිදිලා ගියා.+

12 ඔබ ඒ මිදිවත්තේ තාප්ප කඩලා දැම්මේ ඇයි?+

එහෙම කරලා එතනින් යන හැමෝටම ඒකෙන් ගෙඩි කඩන් කන්න ඉඩහැරියේ ඇයි?+

13 කැලෑවෙන් ආපු වල් ඌරෝ ඒක විනාශ කරලා දානවා.

එළිමහනේ ගැවසෙන සත්තුත් ඒක කාලා දානවා.+

14 ස්වර්ගයේ සේනාවල දෙවියනි,

අපිට ආයෙත් ඔබේ කරුණාව පෙන්වන්න.

ස්වර්ගයේ ඉඳන් මේ මිදිවැල දිහා බලලා ඒක රැකබලා ගන්න.+

15 ඔබේ දකුණතින් හිටවපු මේ වැල*+ හොඳින් බලාගන්න.

ඔබට ගෞරවයක් ගේන්න ඔබ ශක්තිමත් කරපු මේ වැල* ආරක්ෂා කරන්න.+

16 ඒක කපලා දාලා! ගින්නෙන් පුච්චලා දාලා!+

ඔබෙන් ලැබුණ තරවටු නිසා ඒක විනාශ වෙලා යනවා.

17 ඔබේ දකුණු පැත්තේ ඉන්න පුරුෂයාට උදව් කරන්න.

ඔබට ගෞරවයක් ගේන්න ඔබ ශක්තිමත් කරපු මනුෂ්‍ය පුත්‍රයාව ආරක්ෂා කරන්න.+

18 එතකොට අපි ඔබෙන් ආයෙත් කවදාවත් ඈතට යන්නේ නැහැ.

දෙවියනි, අපේ ජීවිත ආරක්ෂා කරන්න.

එතකොට අපිට දිගටම ඔබේ නම කියලා අයැදින්න පුළුවන්.

19 ස්වර්ගයේ සේනාවල දෙවි යෙහෝවා, අපිව ආයෙත් ඔබේ සෙනඟ විදිහට පිළිගන්න.

අපිව බේරගන්න. එහෙම කරලා ඔබ අපි ගැන සතුටු වෙනවා කියලා පෙන්වන්න.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න