ගීතාවලිය
සංගීත අධ්යක්ෂක වෙත. කෝරාගේ පුතුන් රචනා කරපු ගීයක්.+
47 සියලු ජනයෙනි, අත්පොළසන් දෙන්න!
දෙවියන්ට සතුටින් ජය නාද නඟන්න!
4 අපිට අයිති උරුමය තෝරලා දෙන්නේ දෙවියන්.+
දෙවියන් ආදරේ කරන යාකොබ්ට අයිති වටිනාම සම්පතයි ඔහු අපිට දෙන්නේ.+ (සීලාහ්)
5 ජනයා ප්රීති ඝෝෂා නඟද්දී දෙවියන් ඉහළට නඟිනවා.
හොරණෑ හඬ මැද්දේ යෙහෝවා නැඟ යනවා.
6 දෙවියන්ට ගී ගයන්න.* ප්රශංසා ගී ගයන්න.
අපේ රජට ගී ගයන්න. ප්රශංසා ගී ගයන්න.
8 දෙවියන් ජාතීන්ගේ රජ විදිහට පත් වෙලා.+
ඔහු තමන්ගේ ශුද්ධ සිංහාසනයේ ඉඳගෙන ඉන්නවා.
9 ජනයාව පාලනය කරන නායකයන් රැස් වෙලා.
ඔවුන් රැස් වෙලා ඉන්නේ ආබ්රහම්ගේ දෙවියන්ට අයිති සෙනඟ ඉන්න තැනමයි.