ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 30
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • පුරුෂයන් වෙන පොරොන්දු (1, 2)

      • කාන්තාවන් වෙන පොරොන්දු (3-16)

ගණන් කතාව 30:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 18:25

ගණන් කතාව 30:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 28:20-22; විනි 11:30, 31
  • +ගීතා 132:1-5
  • +ද්වි 23:21; ගීතා 116:14; 119:106; දේශ 5:4; මතෙ 5:33
  • +ගීතා 50:14; 66:13

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    වැඩපොත සඳහා තොරතුරු, 5/2021, 1 පි.

ගණන් කතාව 30:5

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:12

ගණන් කතාව 30:8

හරස් යොමු දැක්වීම්

  • +රෝම 7:2; 1කොරි 11:3; එෆී 5:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/1/2004, 27 පි.

ගණන් කතාව 30:12

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 11:3; 1පේතෘ 3:1

ගණන් කතාව 30:15

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 23:21

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 30:1නික් 18:25
ගණන්. 30:2උත් 28:20-22; විනි 11:30, 31
ගණන්. 30:2ගීතා 132:1-5
ගණන්. 30:2ද්වි 23:21; ගීතා 116:14; 119:106; දේශ 5:4; මතෙ 5:33
ගණන්. 30:2ගීතා 50:14; 66:13
ගණන්. 30:5නික් 20:12
ගණන්. 30:8රෝම 7:2; 1කොරි 11:3; එෆී 5:22
ගණන්. 30:121කොරි 11:3; 1පේතෘ 3:1
ගණන්. 30:15ද්වි 23:21
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 30:1-16

ගණන් කතාව

30 ඊශ්‍රායෙල් ගෝත්‍රවල ප්‍රධානීන්ට+ මෝසෙස් මෙහෙම කිව්වා. “යෙහෝවා මෙහෙම අණ කළා. 2 පුරුෂයෙක් යෙහෝවා වන මට යම් භාරයක් වුණොත්+ එහෙමත් නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත්+ ඔහු ඒ භාරය නැත්නම් පොරොන්දුව කඩ නොකළ යුතුයි.+ ඔහු කියපු දේවල් ඒ විදිහටම ඉටු කළ යුතුයි.+

3 “තරුණියක් ඇගේ පියා යටතේ ඉන්න කාලයේදී යෙහෝවා වන මට භාරයක් වුණොත් හෝ යම් දෙයක් නොකර ඉන්නවා කියලා පොරොන්දු වුණොත් ඇය කරන්න ඕනෙ මේ විදිහටයි. 4 ඇය වුණ භාරය හෝ ඇය වුණ පොරොන්දුව ගැන ඇගේ පියාට දැනගන්න ලැබිලත් ඔහු ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැත්නම් ඇය ඒ භාරය හෝ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළ යුතුයි. 5 ඒත් ඇගේ පියාට ඒ ගැන දැනගන්න ලැබිලා ඒ භාරය හෝ පොරොන්දුව ඉටු කරන්න එපා කියලා කිව්වොත් ඇය ඒක ඉටු කරන්න බැඳිලා නැහැ. ඇගේ පියා ඒක කරන්න ඇයට ඉඩ දුන්නේ නැති නිසා යෙහෝවා ඇයට සමාව දෙයි.+

6 “භාරයක් හෝ දුර දිග බලන්නේ නැතුව පොරොන්දුවක් වුණ තරුණියක් විවාහ වුණොත් ඇය කරන්න ඕනෙ මෙහෙමයි. 7 ඇගේ පුරුෂයාට ඒ ගැන දැනගන්න ලැබිලා ඔහු ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැත්නම් ඇය වුණ භාරය හෝ පොරොන්දුව ඇය ඒ විදිහටම ඉටු කළ යුතුයි. 8 ඒත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත්තාම ඇය වුණ භාරය හෝ දුර දිග බලන්නේ නැතුව වුණ පොරොන්දුව ඉටු කරන්න එපා කියලා කිව්වොත් ඇය ඒක ඉටු කරන්න බැඳිලා නැහැ.+ ඇගේ පුරුෂයා ඒක කරන්න ඇයට ඉඩ දුන්නේ නැති නිසා යෙහෝවා ඇයට සමාව දෙයි.

9 “ඒත් වැන්දඹුවක් හෝ දික්කසාද වුණ කාන්තාවක් භාරයක් වුණොත් ඇය ඒක ඉටු කරන්න බැඳිලා ඉන්නවා.

10 “කාන්තාවක් විවාහ වුණාට පස්සේ භාරයක් වුණොත් හෝ යම් දෙයක් කරන්නේ නැහැ කියලා පොරොන්දු වුණොත් ඇය කරන්න ඕනෙ මෙහෙමයි. 11 ඇගේ පුරුෂයාට ඒ ගැන දැනගන්න ලැබිලත් ඔහු ඒ ගැන අකමැත්තක් පෙන්නන්නේ නැත්නම් හෝ ඒක කරන්න එපා කියලා කිව්වේ නැත්නම් ඇය වුණ භාරය හෝ පොරොන්දුව ඒ විදිහටම ඉටු කළ යුතුයි. 12 ඒත් ඇගේ පුරුෂයා ඒ ගැන දැනගත්තාම ඒ භාරය හෝ දිවුරුම ඉටු කරන්න එපා කියලා කිව්වොත් ඒක ඉටු කරන්න ඇය බැඳිලා නැහැ.+ ඇගේ පුරුෂයා ඒක කරන්න ඉඩ දුන්නේ නැති නිසා යෙහෝවා ඇයට සමාව දෙයි. 13 විවාහ වුණ කාන්තාවක් භාරයක් වුණොත් එහෙම නැත්නම් යම් දෙයක් කරන්නේ නැහැ කියලා දිවුරලා පොරොන්දු වුණොත් ඒක අහෝසි කරන්න හෝ ඒකට අවසර දෙන්න ඇගේ පුරුෂයාට අයිතියක් තියෙනවා. 14 ඒත් ඇගේ පුරුෂයා දවස් කීපයක් ගියාට පස්සෙත් ඒ ගැන ඇයට කිසිම දෙයක් කිව්වේ නැත්නම් ඒක හරියට ඇය වුණ භාරය හෝ ඇය වුණ පොරොන්දුව ඉටු කරන්න ඔහු අවසර දෙනවා වගේ. ඔහු ඒක දැනගත්ත දවසේම ඒ ගැන කිසිම දෙයක් කිව්වේ නැති නිසා ඇය වුණ භාරය ඇය ඉටු කළ යුතුයි. 15 ඒත් දවස් කීපයක් ගත වුණාට පස්සේ ඔහු ඒ භාරය හෝ පොරොන්දුව ඉටු කරන්න එපා කියලා ඇයට කිව්වොත් ඇගේ වරදට වග කියන්න ඕනෙ ඔහුයි.+

16 “විවාහක කාන්තාවක් සහ ඇගේ පුරුෂයා සම්බන්ධයෙනුත් අවිවාහක කාන්තාවක් සහ ඇගේ පියා සම්බන්ධයෙනුත් යෙහෝවා මෝසෙස් මාර්ගයෙන් දුන්න ආඥා ඒවායි.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න