ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 9
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

නික්මයාම පොතේ සාරාංශයක්

      • 5වෙනි පීඩාව: සත්තු මැරෙයි (1-7)

      • 6වෙනි පීඩාව: මිනිස්සුන්ගේ සහ සත්තුන්ගේ ඇඟවල් පුරාම සැරව ගෙඩි එයි (8-12)

      • 7වෙනි පීඩාව: හිම කැට වර්ෂාව (13-35)

        • පාරාවෝට දෙවියන්ගේ බලය දකින්න සලස්වනවා (16)

        • හැමෝම යෙහෝවා කියන දෙවියන්ගේ නම දැනගන්නවා (16)

නික්මයාම 9:1

හරස් යොමු දැක්වීම්

  • +නික් 5:1; 8:1

නික්මයාම 9:3

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4
  • +නික් 9:15

නික්මයාම 9:4

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:22; 10:23; 11:7; 12:13

නික්මයාම 9:6

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:48

නික්මයාම 9:7

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21

නික්මයාම 9:11

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:11, 12, 20, 22; 8:7, 18; 2තිමෝ 3:8

නික්මයාම 9:12

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21; 8:31, 32; 14:17

නික්මයාම 9:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:9, 10; 2සාමු 7:22; ගීතා 83:18

නික්මයාම 9:16

හරස් යොමු දැක්වීම්

  • +නික් 14:17; යොෂු 2:9, 10; 1ලේක 16:24; හිතෝ 16:4; යෙසා 63:12; රෝම 9:17

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2005, 21-22 පි.

    ගුරුවරයා, 29-30 පි.

    දෙවිට නමස්කාර කරන්න, 62-63 පි.

නික්මයාම 9:22

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 78:47; 105:32
  • +නික් 10:4, 5

නික්මයාම 9:24

හරස් යොමු දැක්වීම්

  • +නික් 9:18

නික්මයාම 9:25

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 105:33

නික්මයාම 9:26

හරස් යොමු දැක්වීම්

  • +නික් 8:22; 9:3, 4; 10:23; 11:7; 12:13

නික්මයාම 9:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:5, 17; 8:9, 10, 22; 14:4; ද්වි 10:14; ගීතා 24:1

නික්මයාම 9:31

පාදසටහන්

  • *

    කෙඳි ලබාගන්න ඊජිප්තුවේ වගා කරපු පැළෑටි වර්ගයක්. ඒ කෙඳි, රෙදි හදන්න පාවිච්චි කළා.

නික්මයාම 9:32

පාදසටහන්

  • *

    කුරක්කන් වගේ ධාන්‍ය වර්ගයක්.

නික්මයාම 9:33

හරස් යොමු දැක්වීම්

  • +නික් 10:17-19

නික්මයාම 9:34

හරස් යොමු දැක්වීම්

  • +නික් 4:21; 8:13, 15

නික්මයාම 9:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 7:4

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

නික්. 9:1නික් 5:1; 8:1
නික්. 9:3නික් 7:4
නික්. 9:3නික් 9:15
නික්. 9:4නික් 8:22; 10:23; 11:7; 12:13
නික්. 9:6ගීතා 78:48
නික්. 9:7නික් 4:21
නික්. 9:11නික් 7:11, 12, 20, 22; 8:7, 18; 2තිමෝ 3:8
නික්. 9:12නික් 4:21; 8:31, 32; 14:17
නික්. 9:14නික් 8:9, 10; 2සාමු 7:22; ගීතා 83:18
නික්. 9:16නික් 14:17; යොෂු 2:9, 10; 1ලේක 16:24; හිතෝ 16:4; යෙසා 63:12; රෝම 9:17
නික්. 9:22ගීතා 78:47; 105:32
නික්. 9:22නික් 10:4, 5
නික්. 9:24නික් 9:18
නික්. 9:25ගීතා 105:33
නික්. 9:26නික් 8:22; 9:3, 4; 10:23; 11:7; 12:13
නික්. 9:29නික් 7:5, 17; 8:9, 10, 22; 14:4; ද්වි 10:14; ගීතා 24:1
නික්. 9:33නික් 10:17-19
නික්. 9:34නික් 4:21; 8:13, 15
නික්. 9:35නික් 7:4
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
නික්මයාම 9:1-35

නික්මයාම

9 ඊටපස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා පාරාවෝ ළඟට ගිහින් මෙහෙම කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි වන යෙහෝවා මේ දේ කිව්වා. “මට නමස්කාර කරන්න මගේ සෙනඟට යන්න දෙන්න.+ 2 ඒත් ඔයා එයාලට යන්න දුන්නේ නැත්නම් 3 යෙහෝවා වන මම+ ඔයාට අයිති අශ්වයන්ට, බූරුවන්ට, ඔටුවන්ට, ගවයන්ට, බැටළුවන්ට දරුණු වසංගතයකින් පහර දෙනවා.+ 4 යෙහෝවා වන මම, ඊජිප්තුවරුන්ගේ සත්තුන්ට පහර දුන්නත් ඊශ්‍රායෙල්වරුන්ගේ සත්තුන්ට පහර දෙන්නේ නැහැ. ඊශ්‍රායෙල්වරුන්ට අයිති එක සතෙක්වත් විනාශ වෙන්නේ නැහැ.”’”+ 5 වසංගතය ගේන දවස තීරණය කරලා යෙහෝවා දෙවියන් මෙහෙම කිව්වා. “යෙහෝවා වන මම හෙට ඒ දේ කරනවා.”

6 යෙහෝවා කියපු විදිහටම ඊළඟ දවසේ ඔහු සත්තුන්ට පහර දුන්නා. ඊජිප්තුවරුන් ඇති කරපු හැම වර්ගයකම සත්තු මැරුණත්+ ඊශ්‍රායෙල්වරුන්ගේ එක සතෙක්වත් මැරුණේ නැහැ. 7 ඊශ්‍රායෙල්වරුන්ගේ සත්තුන්ට මොනවාද වුණේ කියලා හොයලා බැලුවාම එයාලාගේ එක සතෙක්වත් මැරිලා නැහැ කියලා පාරාවෝට දැනගන්න ලැබුණා. ඒත් එයා දිගටම හිත මුරණ්ඩු කරගෙන සෙනඟට යන්න දුන්නේ නැහැ.+

8 යෙහෝවා දෙවියන් මෝසෙස්ටයි, ආරොන්ටයි මෙහෙම කිව්වා. “පෝරණුවකින් අත් දෙක පිරෙන්න අළු ගන්න. ඊටපස්සේ මෝසෙස් පාරාවෝ ඉස්සරහට ගිහින් ඒවා අහසට වීසි කරන්න ඕනේ. 9 ඒ අළු මුළු ඊජිප්තු දේශය පුරාම දූවිලි වගේ පැතිරිලා යයි. එතකොට මුළු ඊජිප්තුවේම ඉන්න මිනිස්සුන්ගෙයි, සත්තුන්ගෙයි ඇඟවල්වල සැරව ගෙඩි එයි.”

10 එයාලා පෝරණුවකින් අළු අරගෙන පාරාවෝ ඉස්සරහට ගියා. මෝසෙස් අළු ටික අරන් අහසට වීසි කළා. එතකොට මිනිසුන්ගෙත් සතුන්ගෙත් ඇඟවල් පුරාම සැරව ගෙඩි ආවා. 11 මන්තර ගුරුකම් කරන පූජකයන්ගේ ඇඟවල්වලත් සැරව ගෙඩි තිබුණ නිසා මෝසෙස් ඉස්සරහට යන්න එයාලට බැරි වුණා. ඊජිප්තුවරුන් හැමෝගෙම ඇඟවල්වල සැරව ගෙඩි ආවා.+ 12 ඒත් යෙහෝවා කියපු විදිහටම මෝසෙස් සහ ආරොන් කියපු දේ පාරාවෝ ඇහුවේ නැහැ. මේ වතාවෙත් පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගත්තා. යෙහෝවා දෙවියනුත් ඒකට ඉඩහැරියා.+

13 යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයා පාන්දරින්ම නැඟිටලා පාරාවෝ ඉස්සරහට ගිහින් මෙහෙම කියන්න. ‘හෙබ්‍රෙව්වරුන්ගේ දෙවි යෙහෝවා කියන්නේ මෙහෙමයි. “මට නමස්කාර කරන්න මගේ සෙනඟට යන්න දෙන්න. 14 ඔයා එහෙම කළේ නැත්නම් මම ඔයාටත් ඔයාගේ සේවකයන්ටත් ඔයාගේ සෙනඟටත් හැම පීඩාවකින්ම පහර දෙනවා. මට සමාන දෙවි කෙනෙක් මේ පොළොවේ කොහෙවත් නැහැ+ කියලා මං කරන ඒ දෙයින් ඔයා දැනගනියි. 15 ඕනෙ නම් මට තිබුණා ඔයාවත් ඔයාගේ සෙනඟවත් වසංගතයකින් එකපාරින්ම නැති කරලා දාන්න. 16 ඒත් ඔයාට මේ වෙන කල් ජීවත් වෙන්න මං ඉඩ දුන්නේ මගේ බලය ඔයාට පෙන්නන්න වගේම පොළොවේ හැමෝම මගේ නම දැනගන්න ඕනෙ නිසයි.+ 17 ඔයා තාමත් අහංකාර වෙලා මගේ සෙනඟට යන්න දෙන්නේ නැතුව ඉන්නවාද? 18 හෙට මේ වෙලාවට වගේ මං මේ දේශයට ලොකු හිම කැට වර්ෂාවක් එවනවා. ඒ වගේ වර්ෂාවක් මීට කලින් කවදාවත් ඊජිප්තු දේශයට ඇවිත් නැහැ. 19 දැන් එළිමහනේ ඉන්න ඔයාගේ සත්තුන්වත් ඔයාට අයිති හැම දෙයක්මත් ආරක්ෂිත තැනකට ගෙනියන්න. මොකද එළිමහනේ ඉන්න මිනිස්සුයි, සත්තුයි ඔක්කොම හිම කැට වර්ෂාවට අහු වෙලා මැරෙනවා.”’”

20 පාරාවෝගේ සමහර සේවකයන් යෙහෝවා දෙවියන් කියපු දේ අහලා බය වුණ නිසා එයාලාගේ සේවකයන්වත් සත්තුන්වත් ගෙට ගත්තා. 21 ඒත් යෙහෝවා කියපු දේ කිසිම ගාණකට ගත්තේ නැති අය එයාලාගේ සේවකයන්ට සහ සත්තුන්ට එළිමහනේ ඉන්න ඇරියා.

22 පස්සේ යෙහෝවා මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔයාගේ අත අහස දිහාවට දික් කරන්න. එතකොට ඊජිප්තු දේශයට හිම කැට වැටෙයි.+ මිනිස්සුත් සත්තුත් වගාබිමුත් ඒ හිම කැට වර්ෂාවට අහු වෙයි.”+ 23 මෝසෙස් එයාගේ සැරයටිය අහස දිහාවට දික් කළාම යෙහෝවා ගිගුරුම් සහ අකුණු සැර මැද හිම කැට වර්ෂාවක් ඇද හැලෙන්න සැලැස්සුවා. ඒ විදිහට යෙහෝවා දෙවියන් ඊජිප්තු දේශයට ලොකු හිම කැට වර්ෂාවක් ගෙනාවා. 24 හයියෙන් අකුණු ගගහා පොළොවට හිම කැට ඇද හැලුණා. මීට කලින් කවදාවත් ඒ වගේ දරුණු හිම කැට වර්ෂාවක් ඊජිප්තු දේශයට ඇද හැලිලා තිබුණේ නැහැ.+ 25 මුළු දේශයටම කඩන් වැටුණු ඒ හිම කැට වර්ෂාව නිසා එළිමහනේ හිටපු මිනිස්සුයි, සත්තුයි මැරුණා. වගාබිම්, ගස් කොළන් හැම එකක්ම විනාශ වෙලා ගියා.+ 26 හැබැයි ඊශ්‍රායෙල්වරු ජීවත් වුණ ගෝෂෙන් දේශයට විතරක් ඒ වර්ෂාව ඇද හැලුණේ නැහැ.+

27 පස්සේ පාරාවෝ පණිවිඩයක් යවලා මෝසෙස්ටයි, ආරොන්ටයි එන්න කියලා මෙහෙම කිව්වා. “මේ වතාවේ නම් මං කළේ වරදක් කියලා මං පිළිගන්නවා. යෙහෝවා ධර්මිෂ්ඨයි. වරද තියෙන්නේ මගෙයි, මගේ සේවකයන්ගෙයි අතේ. 28 ගිගුරුම් හඬත් එක්ක ඇද හැලෙන මේ හිම කැට වර්ෂාව නවත්තන්න කියලා යෙහෝවා දෙවියන්ගෙන් ඉල්ලන්න. ඒක නැවතුණාම ඔයාලා මෙහේ ඉන්න ඕනෙ නැහැ. මම ඔයාලට යන්න දෙන්නම්.” 29 මෝසෙස් පාරාවෝට මෙහෙම කිව්වා. “මම නගරයෙන් එළියට ගිය ගමන්ම මගේ අත් උස්සලා යෙහෝවාට කන්නලව් කරන්නම්. එතකොට ගිගුරුම් සද්දෙයි, හිම කැට වර්ෂාවයි නවතියි. පොළොවේ අයිතිකරු යෙහෝවායි කියලා ඒකෙන් ඔබ දැනගනියි.+ 30 ඒත් ඊටපස්සෙත් ඔබයි, ඔබේ සේවකයනුයි යෙහෝවා දෙවියන්ට ගරුබිය දක්වන්නේ නැහැ කියලා මං දන්නවා.”

31 ඒ දවස්වල බාර්ලි ගස්වල කරල් පැහිලා තිබුණා. හණ පැළෑටිවලත්* මල් පීදිලයි තිබුණේ. ඒ හැම එකක්ම හිම කැට වර්ෂාවෙන් නාස්ති වෙලා ගියා. 32 ඒත් ඒ වෙද්දී තිරිඟුවල සහ තණ හාල්වල* කරල් ඇවිත් තිබුණේ නැති නිසා ඒවා නාස්ති වෙලා ගියේ නැහැ. 33 මෝසෙස් නගරයෙන් එළියට ගිහින් එයාගේ අත් උස්සලා යෙහෝවාට කන්නලව් කළා. එතකොට ගිගුරුම් හඬත් හිම කැට වර්ෂාවත් නැවතුණා.+ 34 වර්ෂාව නැවතුණා කියලා දැක්කාම පාරාවෝ මුරණ්ඩු වෙලා ආයෙත් දෙවියන්ට විරුද්ධව පව් කළා.+ එයාගේ සේවකයනුත් ඒ දේම කළා. 35 යෙහෝවා දෙවියන් මෝසෙස්ට කිව්ව විදිහටම පාරාවෝ එයාගේ හිත මුරණ්ඩු කරගෙන සෙනඟට යන්න දුන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න