ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 15
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගණන් කතාව පොතේ සාරාංශයක්

      • පූජා ඔප්පු කරන්න ඕනෙ විදිහ (1-21)

        • ඊශ්‍රායෙල් ජාතිකයන්ටත් විදේශිකයන්ටත් එකම නීතිය (15, 16)

      • අත්වැරදීමකින් වුණ වැරදිවලට ඔප්පු කරන පූජා (22-29)

      • හිතාමතා කරන වැරදිවලට ලැබෙන දඬුවම (30, 31)

      • සබත් නීතිය කඩ කරපු කෙනෙක්ව මරයි (32-36)

      • නූල් රටාවකට ගැටගහලා ඇඳුම්වල වාටි සකස් කරන්න කියයි (37-41)

ගණන් කතාව 15:2

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:18

ගණන් කතාව 15:3

පාදසටහන්

  • *

    හෝ, “දෙවියන්ව සතුටු කරන්න.”

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 1:9
  • +ලෙවී 1:2, 3
  • +ලෙවී 7:16; 22:18, 19, 21
  • +ලෙවී 23:4; ගණන් 28:16; 29:1; ද්වි 16:13, 16

ගණන් කතාව 15:4

පාදසටහන්

  • *

    ඒපාවකින් දහයෙන් කොටසක් කියන්නේ ලීටර් 2.2ක්. කි.ග්‍රෑ. 1කට කිට්ටු ප්‍රමාණයක්. උප. B14 බලන්න.

  • *

    හින මිනුමක් කියන්නේ ලීටර් 3.67ක්. උප. B14 බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +නික් 29:40; ලෙවී 2:1, 11

ගණන් කතාව 15:5

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:6, 7, 11, 14

ගණන් කතාව 15:8

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 7:16
  • +ලෙවී 1:3
  • +ලෙවී 3:1, 3; 7:11

ගණන් කතාව 15:9

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 6:14; ගණන් 28:11, 12; 29:6

ගණන් කතාව 15:10

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 28:11, 14

ගණන් කතාව 15:14

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14

ගණන් කතාව 15:15

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 19:34

ගණන් කතාව 15:19

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 5:11, 12

ගණන් කතාව 15:20

පාදසටහන්

  • *

    ඒ කියන්නේ කුරුට්ට සහිත පිටිවලින්.

හරස් යොමු දැක්වීම්

  • +නික් 23:19; ලෙවී 2:14; ගණන් 18:8, 12; ද්වි 26:1, 2; හිතෝ 3:9

ගණන් කතාව 15:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 15:8-10
  • +ගණන් 28:15

ගණන් කතාව 15:25

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:20; හෙබ්‍රෙ 2:17; 1යොහ 2:1, 2

ගණන් කතාව 15:27

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:27, 28

ගණන් කතාව 15:28

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 4:32, 35

ගණන් කතාව 15:29

හරස් යොමු දැක්වීම්

  • +නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14; 15:15

ගණන් කතාව 15:30

හරස් යොමු දැක්වීම්

  • +නික් 21:14; ද්වි 17:12; හෙබ්‍රෙ 10:26, 27

ගණන් කතාව 15:31

හරස් යොමු දැක්වීම්

  • +හෙබ්‍රෙ 10:28
  • +එස 18:20

ගණන් කතාව 15:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 20:9, 10; 35:2; ද්වි 5:13, 14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2022, 2-3 පි.

ගණන් කතාව 15:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 24:11, 12

ගණන් කතාව 15:35

හරස් යොමු දැක්වීම්

  • +නික් 31:14
  • +ලෙවී 24:14

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    2/2022, 2-3 පි.

ගණන් කතාව 15:38

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 22:12; මතෙ 23:5

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 12 පි.

    8/1/2004, 26 පි.

    7/15/2003, 13 පි.

ගණන් කතාව 15:39

පාදසටහන්

  • *

    මෙතන කතා කරන්නේ වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන එක ගැනයි. ඒ ද්‍රෝහිවීම හරියට කෙනෙක් අනාචාරයේ යෙදෙනවා වගෙයි.

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 11:18
  • +නික් 34:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2011, 12-13 පි.

    7/15/2003, 13 පි.

ගණන් කතාව 15:40

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 11:44; රෝම 12:1; 1පේතෘ 1:15

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    7/15/2003, 13 පි.

ගණන් කතාව 15:41

හරස් යොමු දැක්වීම්

  • +උත් 17:8; නික් 29:45; ලෙවී 25:38
  • +නික් 3:15; 6:2, 3

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගණන්. 15:2උත් 15:18
ගණන්. 15:3ලෙවී 1:9
ගණන්. 15:3ලෙවී 1:2, 3
ගණන්. 15:3ලෙවී 7:16; 22:18, 19, 21
ගණන්. 15:3ලෙවී 23:4; ගණන් 28:16; 29:1; ද්වි 16:13, 16
ගණන්. 15:4නික් 29:40; ලෙවී 2:1, 11
ගණන්. 15:5ගණන් 28:6, 7, 11, 14
ගණන්. 15:8ලෙවී 7:16
ගණන්. 15:8ලෙවී 1:3
ගණන්. 15:8ලෙවී 3:1, 3; 7:11
ගණන්. 15:9ලෙවී 6:14; ගණන් 28:11, 12; 29:6
ගණන්. 15:10ගණන් 28:11, 14
ගණන්. 15:14නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14
ගණන්. 15:15ලෙවී 19:34
ගණන්. 15:19යොෂු 5:11, 12
ගණන්. 15:20නික් 23:19; ලෙවී 2:14; ගණන් 18:8, 12; ද්වි 26:1, 2; හිතෝ 3:9
ගණන්. 15:24ගණන් 15:8-10
ගණන්. 15:24ගණන් 28:15
ගණන්. 15:25ලෙවී 4:20; හෙබ්‍රෙ 2:17; 1යොහ 2:1, 2
ගණන්. 15:27ලෙවී 4:27, 28
ගණන්. 15:28ලෙවී 4:32, 35
ගණන්. 15:29නික් 12:49; ලෙවී 24:22; ගණන් 9:14; 15:15
ගණන්. 15:30නික් 21:14; ද්වි 17:12; හෙබ්‍රෙ 10:26, 27
ගණන්. 15:31හෙබ්‍රෙ 10:28
ගණන්. 15:31එස 18:20
ගණන්. 15:32නික් 20:9, 10; 35:2; ද්වි 5:13, 14
ගණන්. 15:34ලෙවී 24:11, 12
ගණන්. 15:35නික් 31:14
ගණන්. 15:35ලෙවී 24:14
ගණන්. 15:38ද්වි 22:12; මතෙ 23:5
ගණන්. 15:39ද්වි 11:18
ගණන්. 15:39නික් 34:15
ගණන්. 15:40ලෙවී 11:44; රෝම 12:1; 1පේතෘ 1:15
ගණන්. 15:41උත් 17:8; නික් 29:45; ලෙවී 25:38
ගණන්. 15:41නික් 3:15; 6:2, 3
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
  • 38
  • 39
  • 40
  • 41
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගණන් කතාව 15:1-41

ගණන් කතාව

15 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. 2 “ඊශ්‍රායෙල්වරුන්ට මේ දේ කියන්න. ‘ඔබ අනිවාර්යයෙන්ම මම ඔබට දෙන්න යන දේශයට ගිහින් පදිංචි වෙනවා.+ 3 එහෙදී ඔබ එළු බැටළු රැළෙන් හෝ ගව රැළෙන් යෙහෝවා වන මට මිහිරි* සුවඳක් ගේන්න,+ ගින්නෙන් පූජා ඔප්පු කරද්දී ඔබ ඒක කරන්න ඕනෙ මේ විදිහටයි. ඔබ යෙහෝවා වන මට ඔප්පු කරන්නේ දවන පූජාවක්+ වුණත් විශේෂ භාරයක් වුණත් කැමැත්තෙන්ම දෙන පූජාවක්+ වුණත් නියම කරපු උත්සව දවස්වලදී+ කරන පූජාවක් වුණත් 4 ඒ පූජාවත් එක්ක යෙහෝවා වන මට ධාන්‍ය පූජාවකුත් ඔප්පු කළ යුතුයි. ඒ වෙනුවෙන් ඔබ සිහින්ව කොටාගත්ත පිටි+ ඒපාවකින්* දහයෙන් කොටසකට තෙල් හින මිනුමකින්* හතරෙන් කොටසක් මිශ්‍ර කරලා ගෙනා යුතුයි. 5 ඔබ ඔප්පු කරන පූජා එක්ක පාන පූජාවකුත් ඔප්පු කළ යුතුයි. දවන පූජාවක් ඔප්පු කරද්දී සහ වෙනත් පූජාවක් වෙනුවෙන් බැටළු පැටියෙක්ව ඔප්පු කරද්දී පාන පූජාව විදිහට වයින් හින මිනුමකින් හතරෙන් කොටසක් ඔප්පු කරන්න.+ 6 බැටළුවෙක්ව ඔප්පු කරද්දී ධාන්‍ය පූජාවක් විදිහට සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් ගේන්න. ඒ පිටිවලට තෙල් හින මිනුමකින් තුනෙන් කොටසකුත් මිශ්‍ර කළ යුතුයි. 7 යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න පාන පූජාවකුත් ඒකත් එක්ක ඔප්පු කරන්න. ඒකට වයින් හින මිනුමකින් තුනෙන් කොටසකුත් ගේන්න.

8 “‘විශේෂ භාරයක්+ හෝ දවන පූජාවක්+ හෝ හවුල් පූජාවක්+ විදිහට යෙහෝවා වන මට ඔප්පු කරන්න ඔබ ගව රැළෙන් පිරිමි සතෙක්ව ගේනවා නම් 9 ඒ සතා එක්ක ධාන්‍ය පූජාවකුත්+ ඔප්පු කළ යුතුයි. ඒ වෙනුවෙන් සිහින්ව කොටාගත්ත පිටි ඒපාවකින් දහයෙන් කොටස් තුනක් ගේන්න. ඒ පිටිවලට තෙල් හින මිනුමකින් භාගයක් මිශ්‍ර කළ යුතුයි. 10 ඒකත් එක්ක යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න, පාන පූජාවකුත්+ ඔප්පු කරන්න. ඒ වෙනුවෙන් වයින් හින මිනුමකින් භාගයක් ගේන්න. ඒක ගින්නෙන් දැවිය යුතුයි. 11 ගවයෙක් හෝ බැටළුවෙක් හෝ එළුවෙක් හෝ බැටළු පැටියෙක් ඔප්පු කරද්දීත් ඒ විදිහටම කරන්න. 12 ඔබ සතුන් කීදෙනෙක් ඔප්පු කළත් ඒ හැම සතෙක් වෙනුවෙන්ම ඒ විදිහට ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කළ යුතුයි. 13 ඊශ්‍රායෙල් ජාතිකයෙක් යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න, ගින්නෙන් පූජාවක් ඔප්පු කරන හැම වෙලාවකදීම කළ යුත්තේ ඒ විදිහටයි.

14 “‘ඔබ එක්ක ටික කාලයක් වුණත් පරම්පරා ගාණක් වුණත් ජීවත් වෙන විදේශිකයෙක් යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න, ගින්නෙන් පූජාවක් ඔප්පු කරද්දී ඒ කෙනාත් ඔබ කරන විදිහටම කළ යුතුයි.+ 15 යෙහෝවා වන මම විදේශිකයන්ගෙන් බලාපොරොත්තු වෙන්නෙත් ඔබෙන් බලාපොරොත්තු වෙන දේමයි.+ ඒ නිසා ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් විදේශිකයෙක් වුණත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි. ඒක ඔබත් ඔබෙන් පැවතෙන අයත් දිගටම පවත්වන්න ඕනෙ නියෝගයක්. 16 මම ඔබට වගේම ඔබ එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් දෙන්නේ එකම නීතියයි, එකම තීන්දුවයි.’”

17 යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 18 “ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කියන්න. ‘මම ඔබට දෙන්න පොරොන්දු වුණ දේශයට ඔබ ආවාට පස්සේ 19 එහේ පලදාව+ රැස් කරද්දී ඔබ යෙහෝවා වන මට පරිත්‍යාගයක් දිය යුතුයි. 20 ඔබේ මුල්ම ධාන්‍ය අස්වැන්නෙන්+ මුලින්ම කොටාගත්ත පිටිවලින්* මුද්දක හැඩේට හදාගත්ත රොටි මට ඔප්පු කරන්න. කමතෙන් ලබාගත්ත දේවලින් කොටසක් ඔප්පු කරන විදිහටම ඔබ ඒ පූජාවත් ඔප්පු කළ යුතුයි. 21 ඒ විදිහට ඔබත් ඔබෙන් පැවතෙන අයත් මුල්ම ධාන්‍ය අස්වැන්නෙන් මුලින්ම කොටාගත්ත පිටිවලින් කොටසක් යෙහෝවා වන මට පරිත්‍යාග කළ යුතුයි.

22 “‘යෙහෝවා වන මම මෝසෙස් මාර්ගයෙන් දුන්න නීති මුළු සෙනඟම කඩ කරන අවස්ථා තියෙන්න පුළුවන්. 23 යෙහෝවා වන මම මෝසෙස් මාර්ගයෙන් දුන්න නීති, ඒවා දීපු දවසේ ඉඳන් අද වෙන කල් වලංගුයි. ඔබේ ඉදිරි පරම්පරාවලදීත් යෙහෝවා වන මම දුන්න ඒ නීති ඔබ ක්‍රියාත්මක කළ යුතුයි. 24 ඒත් සෙනඟ මගේ නීතිය කඩ කළේ වැරදීමකින් නැත්නම් නොදැනුවත්කමින් නම් මුළු සෙනඟම යෙහෝවා වන මට මිහිරි සුවඳක් ගේන්න දවන පූජාවක් විදිහට වස්සෙක්ව ඔප්පු කළ යුතුයි. සාමාන්‍යයෙන් කරන විදිහට ඒකත් එක්ක ධාන්‍ය පූජාවක් සහ පාන පූජාවක් ඔප්පු කළ යුතුයි.+ පාප පූජාවක් විදිහට එළු පැටියෙක්වත් ඔප්පු කළ යුතුයි.+ 25 පූජකයා ඒ පූජා ඔප්පු කරලා සෙනඟට සමාව ලබා දෙන්න කියලා මගෙන් ඉල්ලිය යුතුයි.+ ඒ වරද ඔවුන් හිතාමතා කළේ නැහැ. ඒ වගේම ඔවුන් කරපු වරද වෙනුවෙන් ඔවුන් යෙහෝවා වන මට දවන පූජාවක් සහ පාප පූජාවක් ඔප්පු කළා. ඒ නිසා යෙහෝවා වන මම ඔවුන්ට සමාව දෙනවා. 26 මුළු ඊශ්‍රායෙල් සෙනඟටත් ඔවුන් එක්ක ජීවත් වෙන විදේශිකයන්ටත් මම සමාව දෙනවා. මොකද සෙනඟ අතින් ඒ නීතිය කඩ වුණේ නොදැනුවත්කමින්.

27 “‘වැරදීමකින් කෙනෙක් අතින් නීතියක් කඩ වුණොත් ඒ කෙනා පාප පූජාවක් විදිහට අවුරුද්දක් හෝ ඊට අඩු වයසේ ඉන්න එළු පැටියෙක්ව ඔප්පු කළ යුතුයි. ඌ ගැහැනු සතෙක් විය යුතුයි.+ 28 පූජකයා ඒ පූජාව ඔප්පු කරලා, වරද කරපු කෙනා වෙනුවෙන් මගෙන් සමාව ඉල්ලිය යුතුයි. එතකොට යෙහෝවා වන මට විරුද්ධව ඒ කෙනා කරපු වරදට මම සමාව දෙනවා. මොකද ඒ කෙනා ඒක කළේ හිතාමතා නෙමෙයි.+ 29 අත්වැරදීමකින් දෙවියන්ගේ නීතියක් කඩ කරපු අවස්ථාවකදී හැමෝටම අදාළ වෙන්නේ එකම නීතියයි. ඊශ්‍රායෙල් ජාතිකයෙක් වුණත් ඔවුන් එක්ක ජීවත් වෙන විදේශිකයෙක් වුණත් පිළිපැදිය යුත්තේ එකම නීතියයි.+

30 “‘ඒත් ඊශ්‍රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හිතාමතාම නීතියක් කඩ කළොත්+ ඒක යෙහෝවා වන මට කරන අපහාසයක්. ඒ නිසා ඒ කෙනාව මරා දැමිය යුතුයි. 31 මොකද ඒ කෙනා යෙහෝවා වන මම කියපු දේ ගාණකටවත් ගන්නේ නැතුව මගේ ආඥාවක් කඩ කළා. ඒ නිසා ඔහුව අනිවාර්යයෙන්ම මරා දැමිය යුතුයි.+ ඔහු කළ වරදට ඔහුම වග කිව යුතුයි.’”+

32 ඊශ්‍රායෙල් සෙනඟ පාළුකරයේ හිටපු කාලේදී මිනිසෙක් සබත් දවසේ දර එකතු කරකර ඉන්නවා එයාලා දැක්කා.+ 33 ඒ කෙනාව එයාලා මෝසෙස්, ආරොන් සහ මුළු සෙනඟ ඉස්සරහට අරන් ගියා. 34 ඒ වගේ දෙයක් කරපු කෙනෙක්ට මොනවාද කරන්නේ කියන එක ගැන නීතියේ සඳහන් කරලා තිබුණේ නැති නිසා එයාලා ඒ කෙනාව රඳවලා තියාගත්තා.+

35 පස්සේ යෙහෝවා දෙවියන් මෝසෙස්ට මෙහෙම කිව්වා. “ඔබ අනිවාර්යයෙන්ම ඔහුව මරා දැමිය යුතුයි.+ ඔහුව කඳවුරෙන් එළියට අරන් ගිහින් මුළු සෙනඟම ඔහුට ගල් ගැසිය යුතුයි.”+ 36 ඉතින් මුළු සෙනඟම යෙහෝවා මෝසෙස්ට අණ කරපු විදිහට ඒ මිනිසාව කඳවුරෙන් එළියට අරගෙන ගිහින් එයාට ගල් ගහලා මරලා දැම්මා.

37 යෙහෝවා මෝසෙස්ට මෙහෙමත් කිව්වා. 38 “නූල් රටාවකට ගැටගහලා ඇඳුම්වල වාටි සකස් කරගන්න කියලා ඊශ්‍රායෙල් සෙනඟට කියන්න. ඒ වාටියට උඩින් නිල් පාට පටියකුත් ඇල්ලිය යුතුයි.+ ඊශ්‍රායෙල්වරුන්ගේ හැම පරම්පරාවක්ම ඔවුන්ගේ ඇඳුම් ඒ විදිහට සකස් කරගත යුතුයි. 39 ඔවුන්ට මෙහෙමත් කියන්න. ‘ඔබ ඔබේ ඇඳුම්වල වාටිය ඒ විදිහට සකස් කරගන්න ඕනෙ ඔබට සිහිගැන්වීමක් විදිහටයි.+ ඒක දකිද්දී යෙහෝවා ඔබට දුන්න හැම නීතියක්ම ඔබට මතක් වෙලා ඔබ ඒවා පිළිපදියි. ඔබේ හිතේ ආශාවන්ට වහල් වෙලා දකින දකින දේට ඔබ ආශා නොකළ යුතුයි. මොකද එහෙම කළොත් ඔබ මට ද්‍රෝහි* වෙයි.+ 40 ඒත් ඔබේ ඇඳුම්වල වාටි ඒ විදිහට සකස් කරගන්න එක ඔබට උදව් වෙයි මගේ ආඥා මතක් කරගෙන ඒවා පිළිපදින්න. එහෙම කළොත් ඔබේ දෙවියන් වන මං ඉස්සරහා ශුද්ධව ඉන්න ඔබට පුළුවන්.+ 41 ඔබව ඊජිප්තු දේශයෙන් අරගෙන ආපු ඔබේ දෙවි යෙහෝවා මමයි. මම එහෙම කළේ මං ඔබේ දෙවියන් කියලා ඔබට ඔප්පු කරලා පෙන්නන්නයි.+ ඔබේ දෙවි යෙහෝවා මමයි.’”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න