ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 104
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ගීතාවලිය පොතේ සාරාංශයක්

      • දෙවියන්ගේ පුදුමාකාර නිර්මාණයන් ගැන ඔහුට ප්‍රශංසා කරයි

        • පොළොව හැමදාටම පවතිනවා (5)

        • මිනිස්සුන්ට වයින් සහ කෑම ලබා දෙනවා (15)

        • “ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!” (24)

        • ‘ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය යනවා’ (29)

ගීතාවලිය 104:1

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 103:1
  • +ගීතා 86:10
  • +1ලේක 16:27; එස 1:27, 28; දානි 7:9

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 13 පි.

ගීතාවලිය 104:2

පාදසටහන්

  • *

    මූ.අ., “කූඩාරමේ තිර රෙද්දක්.”

හරස් යොමු දැක්වීම්

  • +යාකො 1:17; 1යොහ 1:5
  • +යෙසා 40:22

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    8/15/2008, 13 පි.

ගීතාවලිය 104:3

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 18:11; ආමො 9:6
  • +ද්වි 33:26; යෙසා 19:1
  • +2සාමු 22:11; යෝබ් 38:1

ගීතාවලිය 104:4

පාදසටහන්

  • *

    හෝ, “බලවත් අය.”

හරස් යොමු දැක්වීම්

  • +එස 1:13; හෙබ්‍රෙ 1:7, 14

ගීතාවලිය 104:5

පාදසටහන්

  • *

    හෝ, “කඩන් වැටෙන්නේ නැති.”

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:4, 6; ගීතා 24:1, 2
  • +දේශ 1:4

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    පිබිදෙව්!,

    අංක 5 2016 15 පි.

    මුරටැඹ,

    8/1/2008, 31 පි.

ගීතාවලිය 104:6

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:2

ගීතාවලිය 104:7

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:9

ගීතාවලිය 104:8

හරස් යොමු දැක්වීම්

  • +හිතෝ 8:25

ගීතාවලිය 104:9

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:8-10; ගීතා 33:7; හිතෝ 8:29; යෙරෙ 5:22

ගීතාවලිය 104:13

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 38:37; ගීතා 147:8; යෙරෙ 10:13; ආමො 9:6; මතෙ 5:45
  • +ගීතා 65:9; ක්‍රියා 14:17

ගීතාවලිය 104:14

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:29, 30; 9:3

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 46 පාඩම

    මුරටැඹ,

    10/15/2011, 8 පි.

ගීතාවලිය 104:15

පාදසටහන්

  • *

    මූ.අ., “ශක්තිමත්.”

හරස් යොමු දැක්වීම්

  • +දේශ 9:7
  • +දේශ 10:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 43 පාඩම

    මුරටැඹ,

    10/15/2011, 8 පි.

ගීතාවලිය 104:17

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 8:7

ගීතාවලිය 104:18

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 39:1
  • +හිතෝ 30:26

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    3/15/2004, 9 පි.

    7/15/1997, 24 පි.

ගීතාවලිය 104:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:16; ගීතා 19:6; යෙරෙ 31:35

ගීතාවලිය 104:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:5; ගීතා 74:16; යෙසා 45:7

ගීතාවලිය 104:21

පාදසටහන්

  • *

    හෝ, “කේශර සිංහයෝ.”

හරස් යොමු දැක්වීම්

  • +ආමො 3:4
  • +ගීතා 147:9

ගීතාවලිය 104:24

හරස් යොමු දැක්වීම්

  • +නෙහෙ 9:6
  • +හිතෝ 3:19; යෙරෙ 10:12

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    යෙහෝවාට ළං වන්න, 55, 173-175 පි.

ගීතාවලිය 104:25

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:21

ගීතාවලිය 104:26

පාදසටහන්

  • *

    “පැහැදිලි කිරීමක්” බලන්න.

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 41:1

ගීතාවලිය 104:27

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 136:25; 145:15; 147:9; මතෙ 6:26

ගීතාවලිය 104:28

හරස් යොමු දැක්වීම්

  • +ලූක් 12:24
  • +ගීතා 107:9; 145:16

ගීතාවලිය 104:29

හරස් යොමු දැක්වීම්

  • +උත් 3:19; යෝබ් 34:14, 15; ගීතා 146:3, 4; දේශ 3:19, 20; 12:7

ගීතාවලිය 104:30

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 33:4; ක්‍රියා 17:28

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ,

    5/15/2002, 5 පි.

ගීතාවලිය 104:31

හරස් යොමු දැක්වීම්

  • +උත් 1:31

ගීතාවලිය 104:32

හරස් යොමු දැක්වීම්

  • +නික් 19:18

ගීතාවලිය 104:33

පාදසටහන්

  • *

    හෝ, “සංගීත භාණ්ඩ වාදනය කරකර ගායනා කරනවා.”

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 13:6
  • +ගීතා 146:2

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 14 පාඩම

ගීතාවලිය 104:34

පාදසටහන්

  • *

    හෝ සමහරවිට, “මම ඔහු ගැන ගැඹුරින් කල්පනා කරද්දී ඒකෙන් මට සතුටක් ලැබේවා!”

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    හැමදාටම සතුටින් ජීවත් වෙන්න!, 40 පාඩම

ගීතාවලිය 104:35

පාදසටහන්

  • *

    හෝ, “හලෙලූයා.” “යාහ්” කියන්නේ යෙහෝවා කියන නම කෙටියෙන් කියන විදිහක්.

හරස් යොමු දැක්වීම්

  • +ගීතා 37:10, 38; හිතෝ 2:22

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ගීතා. 104:1ගීතා 103:1
ගීතා. 104:1ගීතා 86:10
ගීතා. 104:11ලේක 16:27; එස 1:27, 28; දානි 7:9
ගීතා. 104:2යාකො 1:17; 1යොහ 1:5
ගීතා. 104:2යෙසා 40:22
ගීතා. 104:3ගීතා 18:11; ආමො 9:6
ගීතා. 104:3ද්වි 33:26; යෙසා 19:1
ගීතා. 104:32සාමු 22:11; යෝබ් 38:1
ගීතා. 104:4එස 1:13; හෙබ්‍රෙ 1:7, 14
ගීතා. 104:5යෝබ් 38:4, 6; ගීතා 24:1, 2
ගීතා. 104:5දේශ 1:4
ගීතා. 104:6උත් 1:2
ගීතා. 104:7උත් 1:9
ගීතා. 104:8හිතෝ 8:25
ගීතා. 104:9යෝබ් 38:8-10; ගීතා 33:7; හිතෝ 8:29; යෙරෙ 5:22
ගීතා. 104:13යෝබ් 38:37; ගීතා 147:8; යෙරෙ 10:13; ආමො 9:6; මතෙ 5:45
ගීතා. 104:13ගීතා 65:9; ක්‍රියා 14:17
ගීතා. 104:14උත් 1:29, 30; 9:3
ගීතා. 104:15දේශ 9:7
ගීතා. 104:15දේශ 10:19
ගීතා. 104:17යෙරෙ 8:7
ගීතා. 104:18යෝබ් 39:1
ගීතා. 104:18හිතෝ 30:26
ගීතා. 104:19උත් 1:16; ගීතා 19:6; යෙරෙ 31:35
ගීතා. 104:20උත් 1:5; ගීතා 74:16; යෙසා 45:7
ගීතා. 104:21ආමො 3:4
ගීතා. 104:21ගීතා 147:9
ගීතා. 104:24නෙහෙ 9:6
ගීතා. 104:24හිතෝ 3:19; යෙරෙ 10:12
ගීතා. 104:25උත් 1:21
ගීතා. 104:26යෝබ් 41:1
ගීතා. 104:27ගීතා 136:25; 145:15; 147:9; මතෙ 6:26
ගීතා. 104:28ලූක් 12:24
ගීතා. 104:28ගීතා 107:9; 145:16
ගීතා. 104:29උත් 3:19; යෝබ් 34:14, 15; ගීතා 146:3, 4; දේශ 3:19, 20; 12:7
ගීතා. 104:30යෝබ් 33:4; ක්‍රියා 17:28
ගීතා. 104:31උත් 1:31
ගීතා. 104:32නික් 19:18
ගීතා. 104:33ගීතා 13:6
ගීතා. 104:33ගීතා 146:2
ගීතා. 104:35ගීතා 37:10, 38; හිතෝ 2:22
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (bi12)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ගීතාවලිය 104:1-35

ගීතාවලිය

104 මම යෙහෝවාට ප්‍රශංසා කරනවා.+

මගේ දෙවි යෙහෝවා, ඔබ මොන තරම් ශ්‍රේෂ්ඨද!+

ඔබ ගෞරවයෙනුත් තේජසිනුත් සැරසිලා ඉන්නවා.+

 2 ඔබ ආලෝකය ඇඳුමක් වගේ පැලඳගෙන ඉන්නවා.+

ඇතිරිල්ලක්* වගේ ඔබ අහස්තලය දිගහරිනවා.+

 3 ඔබ අහස් වලාවන්ට ඉහළින් ඔබේ උඩුමහල් කාමර හදනවා.+

රථයක නැඟ යනවා වගේ ඔබ වලාකුළු මත නැඟ යනවා.+

ඔබ සුළඟ මත පිය නඟනවා.+

 4 ඔබේ දූතයන්ව ඔබ ප්‍රබල සුළඟක්* වෙන්නත්

ඔබේ සේවකයන් වන ඔවුන්ව ඇවිළෙන ගින්නක් වෙන්නත් සලස්වනවා.+

 5 ඔබ සවිමත් අත්තිවාරමක් මත පොළොව ස්ථිරව පිහිටෙව්වා.+

ඔබ ඒක හැදුවේ කවදාවත් නොසෙල්වෙන* විදිහටයි.+

 6 සළුවකින් වහනවා වගේ ජල කන්දරාවකින් ඔබ ඒක ආවරණය කළා.+

ජලය තිබුණේ කඳුවලටත් වඩා ඉහළින්.

 7 ඔබේ තරවටුව නිසා ජලය පලා ගියා.+

ඔබේ ගිගුරුම් හඬ නිසා ජලය කැලඹුණා.

ඒවා වේගයෙන් ගලාගෙන ගිහින්

 8 ඔබ නියම කරපු තැන නතර වුණා.

ඒ නිසා කඳු ඉහළට නැග්ගා.+ නිම්න පහළට බැස්සා.

 9 ඔබ ජලයට සීමාවක් නියම කරලා එතනින් එහාට යන්න තහනම් කළා.+

ඔබ එහෙම කළේ ආයේ කවදාවත් පොළොව ජලයෙන් වැහිලා යන්නේ නැති වෙන්නයි.

10 ඔබ ජල ධාරාවන් නිම්න දිහාවට ගලා යන්න සලස්වනවා.

ඒවා කඳු අතරින් ගලා බහිනවා.

11 වනයේ ඉන්න හැම සතෙක්ම ඒවායින් බොනවා.

කැලේ ඉන්න බූරුවොත් ඒවායින් පිපාසය නිවාගන්නවා.

12 කුරුල්ලෝ ඒවා අද්දර ලැගුම් ගන්නවා.

උන් ගස් අතරේ ඉඳන් ගී ගයනවා.

13 ඔබේ උඩුමහල් කාමරවල ඉඳන් ඔබ කඳුකරයට වතුර ගලා එන්න සලස්වනවා.+

ඔබේ දෑතේ වීර්යයෙන් ලබා දෙන දේවලින් පොළොව තෘප්තිමත් වෙනවා.+

14 ඔබ සතුන්ට කන්න නිල් තණකොළත්

මිනිස්සුන්ට අවශ්‍ය පලා වර්ගත් වැඩෙන්න සලස්වලා+

පොළොවෙන් කෑම ලබා දෙනවා.

15 හිත සතුටු කරන වයිනුත්+

මුහුණ පැහැපත් කරන තෙලුත්

ගත සිත තෘප්තිමත්* කරන කෑමත් ඔබ මිනිස්සුන්ට ලබා දෙනවා.+

16 යෙහෝවාට අයිති ගස්වලට,

ලෙබනොන්වල ඔහු පැළ කරපු දේවදාර ගස්වලට

ජලයෙන් කිසිම අඩුවක් නැහැ.

17 කුරුල්ලෝ ඒ ගස්වල කූඩු තනනවා.

මාන කොක්කු+ ජුනිපර් ගස් අතරේ කැදලි හදාගන්නවා.

18 කඳු එළුවන්ට+ ඉන්න උස් කඳුත්

බෙන්හාවුන්ගේ රැකවරණයට පර්වතත් ඔබ දීලා තියෙනවා.+

19 ඍතු වෙන් කරලා හඳුනගන්න ඔබ සඳ හැදුවා.

බැහැලා යන්න ඕනෙ කොයි වෙලාවටද කියලා හිරු හොඳින්ම දන්නවා.+

20 ඔබ අඳුර ගෙනත් රාත්‍රිය උදා කරනවා.+

වනසත්තු ඒ අඳුරේ සැරිසරනවා.

21 තරුණ සිංහයෝ* ගොදුරක් හොයමින් ගර්ජනා කරනවා.+

දෙවියන්ගෙන් ගොදුරක් ලැබෙන කල් උන් බලන් ඉන්නවා.+

22 හිරු උදා වෙද්දී උන් ගුහාවලට ගිහින් වැතිරිලා ඉන්නවා.

23 ඒත් මිනිස්සු ගෙදරින් පිටත් වෙලා

හවස් වෙන කල්ම වැඩ කරනවා.

24 යෙහෝවා, ඔබ මොන තරම් දේවල් නිර්මාණය කරලා තියෙනවාද!+

ඔබ ඒ හැම දේම හැදුවේ ඔබේ ප්‍රඥාවෙන්.+

පොළොව ඔබේ නිර්මාණවලින් පිරිලා.

25 ඉමක් කොනක් නොපෙනෙන මහ සයුරේ

ගණන් කරන්න බැරි තරම් ලොකු කුඩා ජීවීන් සැරිසරනවා.+

26 මහ මුහුදේ නැව් යාත්‍රා කරනවා.

ඒක ලෙවීයාතන්ට*+ ක්‍රීඩා පිටියක්.

27 ඔබ නියම වෙලාවට කෑම දෙන කල්+

හැම ජීවියෙක්ම ඔබ දිහා බලන් ඉන්නවා.

28 ඔබ දෙන දේවල් ඔවුන් එකතු කරගෙන කෑමට ගන්නවා.+

ඔබේ දෑත් විහිදා දෙන යහපත් දේවල්වලින් ඔවුන් සතුටු වෙනවා.+

29 ඔබ ඔබේ මුහුණ ඉවතට හරවගද්දී ඔවුන් කලබල වෙනවා.

ඔබ ඔවුන්ගේ හුස්ම ඉවත් කළොත් ඔවුන් මිය ගිහින් ආයෙත් දූවිල්ලට හැරිලා යනවා.+

30 ඔබේ බලය එවලා ඔබ ජීවීන්ව නිර්මාණය කරනවා.+

පොළෝතලය අලුත් කරනවා.

31 යෙහෝවා දෙවියන්ගේ තේජස සදහටම පවතිනවා.

තමන්ගේ නිර්මාණයන් ගැන යෙහෝවා ගොඩක් සතුටු වෙනවා.+

32 ඔහු පොළොව දිහා බලද්දී ඒක දෙදරුම් කයි.

ඔහු කඳුවලට අත තියද්දී ඒවායින් දුම් නඟියි.+

33 ජීවිත කාලේ පුරාම මම යෙහෝවාට ගී ගයනවා.+

දිවි ඇති තුරා මගේ දෙවියන්ට මම ප්‍රශංසා ගී ගයනවා.*+

34 මගේ සිතුවිලි ඔහුට ප්‍රසන්න වේවා!*

යෙහෝවා නිසා මගේ හිත සතුටින් පිරිලා ඉතිරිලා යනවා.

35 පව්කාරයෝ පොළොවෙන් තුරන් වෙලා යනවා.

දුෂ්ටකම් කරන කිසිම කෙනෙක් පොළොවේ ඉතුරු වෙන්නේ නැහැ.+

මම යෙහෝවාට ප්‍රශංසා කරනවා. ජනයෙනි, යාහ්ට ප්‍රශංසා කරන්න!*

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න