යෝබ්
20 ඊටපස්සේ නයමා ඉඳන් ආපු ෂෝපර්+ මෙහෙම උත්තර දුන්නා.
2 “මගේ හිත නොසන්සුන් සිතුවිලිවලින් පිරිලා. මගේ හිත කැලඹිලා.
ඒ නිසා ඔයාට උත්තර දෙන කල් මට ඉවසිල්ලක් නැහැ.
3 ඔයා මට කරපු අපහාස මං අහගෙනයි හිටියේ.
මට හැම දෙයක් ගැනම හොඳ අවබෝධයක් තියෙනවා.
ඉතින් මං කොහොමද ඔයාට උත්තර නොදී ඉන්නේ?
4 මිනිස් ඉතිහාසයේ ආරම්භයේ ඉඳන්ම
දේවල් වෙන්නේ මේ විදිහටයි කියලා ඔයා දැනගෙන හිටියේ නැද්ද?+
5 දුෂ්ටයා ප්රීති ඝෝෂා නඟන්නේ සුළු මොහොතකටයි.
6 දුෂ්ටයා හිස උදුම්මගෙන අහස දක්වාම නඟියි.
එයාගේ හිස වලාකුළු ස්පර්ශ කරයි.
7 ඒත් එයාගෙම අසූචි වගේ එයා සදහටම නැති වී යයි.
දන්න අඳුරන අය ‘එයාට මොකද වුණේ’ කියකිය එයාව හොයයි.
11 එයා තරුණ ශක්තියෙන් පිරිපුන් කෙනෙක් වුණත්
දූවිල්ලට හැරිලා යද්දී එයාගේ ශක්තියත් එයා එක්කම නැති වෙලා යනවා.
12 දුෂ්ටයා නරක දේ මිහිරි දෙයක් කියලා හිතුවොත්
ඒක දිව යට හංගගෙන හිටියොත්
13 අත්හරින්නේ නැතුව උඩු තල්ලේ තියාගෙන හිටියොත්
රස කරකර කටේම තියාගත්තොත්
14 ඒක බඩට ගියාට පස්සේ තිත්ත දෙයක් වෙයි.
ඇඟ පුරා දුවන නාග විෂ වගේ වෙයි.
15 ධන සම්පත් කෑදරකමින් ගිල දැම්මත් එයාට ඒවා වමාරන්න සිද්ධ වෙයි.
දෙවියන් එයාගේ බඩෙන් ඒවා එළියට ඇදලා දායි.
16 දුෂ්ටයා නාග විෂ උරා බොයි.
ඒත් පොළඟාගේ දළෙන් එයා මැරුම් කයි.
18 රැස් කරගත්ත දේවල් භුක්ති විඳින්නේ නැතුව දුෂ්ටයා ඒවා ආපහු භාර දෙයි.
ලාභ ලැබුවත් ඒකෙන් තෘප්තියට පත් නොවෙයි.+
19 මොකද එයා දුප්පතුන්ට හිංසා පීඩා කරලා එයාලව අසරණ කළා.
අනුන් හදපු නිවසක් අසාධාරණ විදිහට පැහැරගත්තා.
20 ඒත් එයාගේ හිතට කිසිම සැනසීමක් නැහැ.
කොච්චර ධනය රැස් කරගත්තත් එයාව ගලවගන්න ඒවාට බැහැ.
21 දුෂ්ටයාට ගිලලා දාන්න තවත් කිසි දෙයක් ඉතුරු වෙලා නැහැ.
එයාගේ සමෘද්ධිය වැඩි කල් තියෙන්නේ නැහැ.
22 ඇති තරම් ධන සම්පත් රැස් කරගත්තාට පස්සේ බිය එයාව වෙළාගනියි.
හැම විපතක්ම හදිස්සියේම එයා පිටට පැමිණෙයි.
24 යකඩ ආයුධයකින් බේරිලා යන්න හැදුවත්
තඹ ඊතලයක් එයාව පසාරු කරගෙන යයි.
25 ඒ දිලිසෙන ඊතලය පිත්තාශය පසාරු කරගෙන යයි.
එයා ඒ ඊතලය පිටෙන් එළියට ඇදලා ගනියි.
එයා මර බියෙන් වෙවුලයි.+
26 දුෂ්ටයාගේ වස්තු සම්භාරය අඳුරේ නැති වී යයි.
ඉබේම හටගත්ත ගින්නක් එයාව දවා දමයි.
එයාගේ කූඩාරමේ කෙනෙක් ඉතුරු වෙලා ඉන්නවා නම්
එයා පිටටත් විපත්තිය එයි.
27 ස්වර්ගය දුෂ්ටයා කළ වැරදි හෙළි කරයි.
පොළොව එයාට විරුද්ධව නැඟී සිටියි.
28 මහ වැස්සකට එයාගේ කූඩාරම ගසාගෙන යයි.
දෙවියන්* උදහස පිට කරන දවසේදී මහා ජල කන්දරාවක් එයා මතට කඩා හැලෙයි.
29 දුෂ්ටයන්ට දෙවියන්ගෙන් ලැබෙන දඬුවම ඒකයි.
ඒක එයාලට දෙවියන්ගෙන් ලැබෙන උරුමයයි.”